ඊශ්‍රායලයට හතරවටින්ම දොස් ඊශ්‍රායල කෙණෙහිලිකම් හමුවේ පීඩාවට පත්වුණු ගාසා පලස්තීන වැසියන්ට ආධාර රැගෙන ආ යුරෝපා රටවල පලස්තීන හිතවාදී ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන්ට අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් ඊශ්‍රායල රජයට ජාත්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. 21 May 2026
ඉතාලි අගමැතිනියට මෝදි දුන් ටොෆිය නිල සංචාරයක් සඳහා රෝමයට ගිය අවස්ථාවේදී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනිට ‘පාර්ලේ මෙලඩි‘ නමැති ඉන්දීය ටොෆි පැකට්ටුවක් තෑගි කළ අතර, මේ වනවිට එම ටොෆි වර්ගය ඉන්දියාවේ ‘උණු කැවුම් මෙන්’ අලෙවි වන බව ඉන්දීය මාධ්‍ය පවසයි. 21 May 2026
ඉන්දියාවේ අලි ඇත් පොරයක් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ, අලි ඇතුන් රඳවා තැබෙන කඳවුරක ඇතුන් දෙදෙනකු අතරේ සිදුවුණු ගැටුමකට මැදිවුණු 33 හැවිරිදි සංචාරක කාන්තාවක ජීවිතක්ෂයට පත්වූවාය. 19 May 2026
කෙන්යාවේ ඉන්ධන මිල ඉහළට ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව , කෙන්යාව පුරා ක්‍රියාත්මක වන වැඩවර්ජනවලට සමගාමීව හටගත් විරෝධතා හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 30 දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. 19 May 2026
ලෙබනනයේ 3,000 ක් මැරිලා ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඉකුත් මාර්තු මාසයේ ආරම්භයේ ආරම්භ කළ යුද මෙහෙයුම් හේතුවෙන්, මියගිය ලෙබනන් වැසියන් ගණනමේ වනවිට3,000 සීමාව පසු කර ඇත. මේ බව නිවේදනය කර තිබෙන්නේ ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශයයි. 19 May 2026
කොංගෝවේ ඉබෝලා මරණ 100 ක් කොංගෝවේ ව්‍යාප්තවන මාරාන්තික ඉබෝලා වයිරසය මේ වනවිට 100 දෙනකු බිලිගෙන ඇතැයි, අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 19 May 2026
ඇමෙරිකන් මුස්ලිම් පල්ලියකට වෙඩි තියලා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් දියේගෝ නුවර මුස්ලිම් පල්ලියක සිදුවූ වෙඩි තැබීමකින් තිදනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 19 May 2026
ඉරානයට දැන්ම පහර දෙන්නේ නෑ - ට්‍රම්ප් සෞදි අරාබිය, කටාර් රාජ්‍යය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, ඉරානයට එරෙහිව හමුදා ප්‍රහාරයකට යෑම තාවකාලිකව කල් දමන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. 19 May 2026
ස්වීඩනයට ගිය මෝදිට උණුසුම් පිළිගැනීමක් ඉන්දියාව සහ ස්වීඩනය අතර ද්විපාර්ශ්වික සබඳතා ’උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා වර්ධනය කර ගැනීමට අග්‍රාමාත්‍ය මෝදි සමත් විය. ඒ, ස්වීඩන් සංචාරය අතරතුරේදීය. 18 May 2026
ට්‍රම්ප් හමුදාපතිවරු හමුවෙයි ඉරානයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට අදාළව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (18) ඇමෙරිකන් හමුදා ප්‍රධානීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව සිටියේය. 18 May 2026
එමිරේට්ස් න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබිහි පිහිටි න්‍යෂ්ටික බලාගාරයක් ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් බලාගාර පරිශ්‍රයේ ගින්නක් හටගත්තේය. ඩ්‍රෝන යානා ප්‍රහාරයෙන් සහ ගින්නෙන් කිසිවකුටවත් තුවාල සිදුව නොමැති අතර ප්‍රදේශයේ විකිරණ මට්ටම් කෙරෙහි ද ඉන් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව බලධාරීහු පවසති. 18 May 2026
සිරුරු සොයන්න කිමිදුම් කණ්ඩායමක් මාලදිවයිනේ වාවු අතොළු මුහුදු තීරයේ, මුහුද යට පිහිටි, ගුහාවක් ගවේෂණය කිරීමට ගොස් මියගිය ඉතාලි ජාතිකයන් සිවුදෙනාගේ සිරුරු සෙවීමේ අවදානම් සහගත මෙහෙයුම සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත කිමිදුම් කණ්ඩායමක් මාලදිවයිනට පැමිණ ඇත. 18 May 2026
ඉන්දීය මගී දුම්රියක ගින්නක් ඉන්දියාවේ සීග්‍රගාමී මගී දුම්රියක ගින්නක් හට ගැනුණි. ගින්න හට ගැණුනේ අද (18) අලුයම 5.15 ට පමණ යැයි පැවැසෙයි. 18 May 2026
ඊශ්‍රායල ප්‍රහාරයෙන් හමාස් ලොක්කෙක් මරුට ගාසා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා වන ඉස් අද් - දින් අල් - හඩාඩ් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 17 May 2026
ඇමෙරිකාව අයි.එස්. ලොක්කෙක් මරලා අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ, දෙවන පෙළ අණදෙන නිලධාරියා වූ අබු-බිලාල් අල්-මිනුකි ඇමෙරිකානු සහ නයිජීරියානු හමුදා එක්ව ඝාතනය කළ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 17 May 2026
සාකච්ඡා මඟ නැවතිලා ඉරානය සතු බලගන්වන ලද යුරේනියම් තොගය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඇමෙරිකාව සමඟ පවතින සාකච්ඡා ඉදිරියට යා නොහැකි ආකාරයට අතරමැද නැවැතී ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි. 17 May 2026
චීන ජනපති ඇමෙරිකා එනවා චීන ජනාධිපති ෂී ජින්පිං එළඹෙන සරත් සෘතුවේදී අමෙරිකා එක්සත් ජනපදයේ නිල රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිත බව චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයකු තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 17 May 2026
තායිවානය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් චීනයෙන් ස්වාධීන වීම ප්‍රකාශ කිරීමට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තායිවානයට අනතුරු අඟවා ඇත. ඒ, බීජිං නුවරදී චීන ජනාධිපති ෂී ජින්පින් සමග පැවැති දෙදින සමුළුව අවසානයේ ඇමෙරිකන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි. 17 May 2026
චීනයෙන් තෑගි ලැබුණු ෆෝන් දාලා ඇවිල්ලා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර බීජිං නුවරදී පැවැති දෙදින ඉහළ පෙළේ සාකච්ඡාවලින් අනතුරුව, අමෙරිකානු දූත පිරිස ආපසු එරට බලා පැමිණීමට පෙර අසාමාන්‍ය ආරක්ෂක පියවරක් අනුගමනය කර ඇත. 17 May 2026
කොංගෝවේ ඉබෝලා කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශයේ පැතිර යන නව ඉබෝලා වසංගත තත්ත්වයෙන් 65 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. 17 May 2026
මෝදි රටවල් 5 ක සංචාරයක මැයි 15 සිට 20 දක්වා සිදු කෙරෙන මෙම සංචාරය මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ සහ ඉතාලිය යන රටවල් ආවරණය කෙරෙයි. 17 May 2026
අවුරුදු 7 කින් ඉන්දියාවේ තෙල් මිල ඉහළ යයි ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ ඉන්දියාව වසර හතරකට පසු ප්‍රථම වතාවට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය තීරණය කර ඇත 15 May 2026
අදානිගේ නඩුව ඉවත් කෙරේ ඇමෙරිකා සිවිල් නඩුවක එකඟතාවකට පැමිණීමත් සමග, ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට එරෙහිව පවරා ඇති අපරාධ වංචා නඩුව ඉවත් කර ගැනීමට ඇමෙරිකානු බලධාරීන් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 15 May 2026
ඉන්දියාවටත් මහ වැසි: අකුණු සැරින් 96 ක් මරුට උතුරු ඉන්දියාවේ, උත්තර ප්‍රදේශීය ප්‍රාන්තයට අධික මෝසම් වැසි සහ අකුණු කුණාටුවලින් බලපෑම් එල්ල වෙමින් පවතී. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අකුණු සැර වැදීම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 96 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය. 15 May 2026
ලැට්වියා අගමැති ධුරයෙන් ඉවත් වෙයි ලැට්වියාවේ දේශපාලනයේ අර්බුදයක් නිර්මාණය කරමින්, එරට අග්‍රාමාත්‍ය එලිකා සිලීනා ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළාය. එලිකා සිලීනා ඇගේ සභාග රජයේ ප්‍රධාන හවුල්කරුවකු වන වාමාංශික ‘ප්රගතිශීලී පක්ෂය’ සභාග රජයෙන් ඉවත් වීමත්, ඒ අනුව සිලීනාට සිය බහුතරය අහිමිවීමත් මෙම ඉල්ලා අස්වීමට හේතුවක් විය. 15 May 2026
චීන සංචාරය අවසන්: ට්‍රම්ප් යයි ඇමෙරිකාවත් චීනයත් අතරේ සබඳතා ශක්තිමත් කර ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් සමත් වූහ. ඒ, ලෝක නායකයන් දෙදෙනා අතරේ පැවැති සාකච්ඡාවලින් අනතුරුවය. සාර්ථක සාකච්ඡාවලින් පසු ජනපති ට්‍රම්ප් සහ ඔහුගේ නියෝජිතයෝ කණ්ඩායම යළි ඇමෙරිකාව බලා පිටත්ව ගියහ. 15 May 2026
නෙදන්යාහු හොරෙන්ම එමිරේට්ස් ගිහිල්ලා ඇමෙරිකා ඉරාන යුද්ධය අතරතුරේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රහස් සංචාරයක නිරත වුණැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. 14 May 2026
බ්‍රික්ස් විදෙස් ඇමැති හමුව නවදිල්ලි අගනුවර බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව එක් වී පිහිටුවාගත් ‘බි්රක්ස්’ සංවිධානයේ, විදෙස් අමාත්‍යවරුන්ගේ දෙදින සමුළුව ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී ආරම්භ විය. 14 May 2026
මාලදිවයින මාධ්‍යවේදීන් දෙදෙනෙක් අත්අඩංගුවට මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු සහ ඔහුගේ හිටපු සහායිකාවක අතර පැවති බව කියන රහස් සම්බන්ධයක් පිළිබඳ වාර්තාමය වැඩසටහනක් සම්බන්ධයෙන් පනවා තිබූ අධිකරණ තහනමක් උල්ලංඝනය කිරීමේ චෝදනාව මත එරට මාධ්‍යවේදීන් දෙදෙනකුට සිරදඬුවම් හිමිවී ඇත. 14 May 2026
‘කරුප්පු’ චිත්‍රපටයට විජේගෙන් තල්ලුවක් රංගනයට සමුදී දේශපාලනයට පිවිස තමිල්නාඩු මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා, තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැති ලෙස දිවුරුම් දුන් විජේ, පසුගිය මැයි 14 වැනිදා තිරගත වීම් ආරම්භ කළ ‘කුරුප්පු’ දෙමළ චිත්‍රපටය සම්බන්ධයෙන් ගත් තීරණය මේ වනවිට කාගේත් අවධානයට ලක් වී ඇත. 14 May 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 20 hours ago