තායිලන්තයට අයත් පුකෙට් දූපතේ සිට ඉන්දියාවේ නවදිල්ලිය බලා පියාසර කරමින් තිබුණු ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් දැඩි වායු කැලඹීමකට හසුවිය.
යානය වායු කැලඹීමට හසුවූයේ අඩි 300 ක් ඉහළ අහසේ පියාසර කරද්දීය. එම අවස්ථාවේ යානයේ මගීන් 134 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් අට දෙනකු සිටි බව පැවැසෙයි. යානයේ සිටි මගීහු සියලු දෙනා මහත් සේ බියට පත්වූහ.
වායු කැලඹීමට හසුවීමෙන් යානයේ මගීන් 17 දෙනකු සහ ගුවන් සේවිකාවන් සිවු දෙනෙක් තුවාල ලැබූහ. කෙසේ නමුත් යානය ආරක්ෂිතව ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට නියමුවෝ සමත් වූහ. කුඩා දරුවන් කීප දෙනකු ද තුවාල ලැබූවන් අතරේ සිටින බව පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd