ප්‍රංශයේ, ස්පාඤ්ඤයේ මෙන්, මේ වනවිට ග්‍රීසියේ ද දරුණු ළැව් ගිනි ව්‍යාප්ත වෙමින් පවතී. ග්‍රීසියේ ළැව් ගිනි නිවා දැමීමට යොදා ගත් හෙලිකොප්ටර් යානා දෙකක් උඩු ගුවනේ දී එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය. 

එක් හෙලිකොප්ටරයක් ඩෙන්මාර්ක ජාතික නියමුවකු විසින් පියාසර කරනු ලැබූ අතර, අනෙක් හෙලිකොප්ටරයේ නියමුවා බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. 

ඩෙන්මාර්ක ජාතික නියමුවා මියගිය අතර, බ්‍රිතාන්‍ය නියමුවා සහ තවත් කාර්ය මණ්ඩලයේ සිවු දෙනෙක් දිවි ගලවා ගත්හ. එම සිවුදෙනා ග්‍රීක ජාතිකයන්ය. 

ඩෙන්මාර්ක නියමුවා පියාසර කළ හෙලිකොප්ටරයේ සිටි ග්‍රීක ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. හෙලිකොප්ටර් දෙක එකිනෙක හැපී විනාශ වී කඩා වැටුණේ වනාන්තර ප්‍රදේශයකට බව ද පැවැසෙයි.