
මියන්මාරයේ හමුදා රජයේ චෝදනාවලට වරදකාරිය වී, සිරදඬුවම් ලබා මේවනවිට නිවාස අඩස්සියේ පසුවන මියන්මාර ප්‍රජාතන්ත්‍ර නායිකා අවුන් සාන් සූ කී හමුවී ඇගේ සුවදුක් විමසා බැලීමට ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ මියන්මාර නියෝජිත අර්නෝඩ් ඩි බැක් කටයුතු කළේය.
යැංගොන් පිහිටි සිය නිවසේ දී නොබෙල් සාම ත්‍යාගලාභිනී සූ කී, ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත අර්නෝඩ් ඩි බැක් හමුවුණු දසුන් මියන්මාර හමුදා රජය ප්‍රසිද්ධියට පත් කර තිබේ.
2021 වසරේ මියන්මාරයේ යළි හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණු අතර, හමුදාව බලය අල්ලා ගත්තේ අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා දමමිණි. විවිධ චෝදනා රැසක් සූ කීට එල්ල වුණු අතර ඒ සියල්ලටම ඇය වරදකරු වූවාය.
ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළත්, නිවාස අඩස්සියේ පසුවන සූ කී සහ අර්නෝඩ් ඩි බැක් අතරේ සාකච්ඡා වූයේ කුමක්දැයි මියන්මාර හමුදා රජය ප්‍රසිද්ධියට පත් කර නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd