ඉරානයේ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින්, ඇමෙරිකාව, ඉරානයේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අයත් ඉලක්ක රැසකට ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාර සියල්ල සාර්ථක වූ බව මැදපෙරදිග ඇමරිකන් හමුදා මෙහෙයුම් බාරව කටයුතු කරන ‘සෙල්ට්‍රල් කමාන්ඩ්’ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසා ඇත.

එම ප්‍රහාරවලින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අයත් මිසයිල, ප්‍රහාරය ඩ්‍රෝන යානා, කුඩා ප්‍රහාරක බෝට්ටු ආදිය විනාශ වුණු බව පැවැසෙයි. ඇමෙරිකාව මෙම ප්‍රහාර එල්ල කළේ ඉරානය, අසල්වැසි කලාපීය රටවල ඇමෙරිකන් ඉලක්කවලට එල්ල කළ බලැස්ටික් මිසයිල ප්‍රහාරවලින් පසුවය.