ඉරාක අග්‍රාමාත්‍ය අලි අල්-සායිඩි නිල සංචාරයක් සඳහා තුර්කිය බලා පැමිණියේය. අල්-සායිඩි, ඉරාක අග්‍රාමාත්‍ය ලෙස තුර්කියට පැමිණිපළමු අවස්ථාව මෙයයි.

එම සංචාරයේ දී තුර්කිය වෙත දිනකට තෙල් බැරල් මිලියනයක් දක්වා ලබා දීමට ඉරාකය යෝජනා කළ බව තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් එර්ඩෝගන් පසුව පැවැති මාධ්‍ය හමුවක දී පැහැදිලි කළේය.

ඊට අමතරව, දෙරට අතර ද්විපාර්ශ්වික ආරක්ෂාව, වෙළඳාම, ප්‍රවාහනය සහ ජල කළමනාකරණය මෙන්ම නව බලශක්ති ගිවිසුමක් පිළිබඳව සාකච්ඡා සිදුවිය. 

උතුරු ඉරාකයේ පිහිටි කර්කුක් තෙල් බිමේ බ්‍රිතාන්‍ය බීපී සමාගමට අයත් කොටස්වලින් සියයට 15 ක ප්‍රමාණයක් මිලදී ගැනීමට තුර්කි රාජ්‍ය තෙල් සමාගම කටයුතු කරන බවය.

දශක කිහිපයක් තිස්සේ ඉරාක තෙල් තුර්කිය හරහා ප්‍රවාහනය කිරීමට යොදාගත් ඉරාක-තුර්කි බොරතෙල් ගිවිසුම පසුගිය ජූලි 27 වැනිදායන් අවසන් විය. 

එම පැරණි ගිවිසුම දීර්ඝ කරනවා වෙනුවට, දෙරට අතර වඩාත් සක්‍රීය නව බලශක්ති සහයෝගිතා රාමුවක් ගොඩනැගීමට තුර්කිය අපේක්ෂා කළ අතර ඉරාක අග්‍රාමාත්‍යවරයා අන්කාරා බලා පැමිණියේ ඒ අනුවය.

ඉරාක අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම තෙල් සැපයුම් යෝජනාව මගින් තුර්කියේ පවතින තෙල් අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමාණයක් සපූරා ගැනීමට හැකිවනු ඇතැයි ද ජනාධිපති එර්ඩෝගන් මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සඳහන් කළේය.