චීන පැන්ඩෝ ෆින්ලන්තයට හිරදයක් චීනයෙන් තෑගි වශයෙන් ලැබුණු පැන්ඩා වලසුන් දෙදෙනකු ආපසු චීනයට යැවීමට ෆින්ලන්ත රජය තීරණය කර ඇත. ඒ, එම පැන්ඩා වලසුන් දෙදෙනා නඩත්තු කිරීම ෆින්ලන්ත රජයට අසීරු වී ඇති බැවිනි. 26 September 2024
වසර 40 කට පසු චීනය මිසයිලයක් අත්හදා බලයි වසර 40 කට පමණ පසු චීනය පෙර දැනුම් දීමකින් තොරව, හිටි හැටියේ දිගු දුර අන්තර් මහද්වීපික බැලැස්ටික මිසයිලයක් අත්හදා බැලුවේය. 26 September 2024
ස්වාසිලන්ත විපක්ෂ නායකයාට වස දීලා ස්වාසිලන්ත (ඊස්වාතිනී) රාජ්‍යයේ, විපක්ෂ නායක ලුන්ගීසි මකාන්යාට වස දී ඝාතනය කිරීමට උත්සාහ ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රෝගල්ගත කෙරුණු 46 හැවිරිදි ලුන්ගීසි මකාන්යාගේ තත්ත්වය බරපතල බව ද පැවැසෙයි. 26 September 2024
බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බයිඩන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන අතර, මේ ඔහු ජනාධිපති ධුරයේ රැඳී සිටින අවසන් සති කිහිපයයි. 25 September 2024
ඩවුනිං වීදියට අලුත් බළල් සුරතලෙක් ලන්ඩන් නුවර, ඩවුනිං වීදියේ, අගමැති නිල නිවසට තවත් අලුත් බළල් පැටවකු ගෙන ඒමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියෙර් ස්ටාර්මර් පියවරගෙන ඇත. මෙය අගමැති නිල නිවසේ වසර ගණනක් තිස්සේ වාසය කරන බළල් සුරතලා ලැරීට තර්ජනයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 25 September 2024
ට්‍රම්ප්ට අගමැති මෝදි හමුවෙන්න බැරිවෙලා ඇමෙරිකාවේ තෙදින සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට තමන් බලාපොරොත්තු වෙනවා යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණත්, ට්‍රම්ප් සහ මෝදි අතරේ හමුවක් සිදු නොවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 25 September 2024
චීන රුසියන් මෝටර් රථ ආරක්ෂාවට තර්ජනයක් ජාතික ආරක්ෂකව සම්බන්ධයෙන් පවතින ගැටලු සැලකිල්ලට ගනිමින්, චීනයේ හෝ රුසියානු තාක්ෂණය භාවිතයට ගනිමින් නිෂ්පාදන කෙරෙන ‘ස්මාර්ට්’ මෝටර් රථ ඇමෙරිකාවට ආනයනය සහ ඇමෙරිකාව තුළ විකිණීම තහනම් කිරීමට ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව යෝජනාවක් ඉදිරිපත් කර ඇත. 25 September 2024
වඳුරු උණ නව ප්‍රභේදය ඉන්දියාවට ඇවිල්ලා මෙම නව ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන්නකි. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය, වඳුරු උණ හෙවත් ‘එම්පොක්ස්’ වයිරස අවදානම සැලකිල්ලට ගනිමින්, ගොලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ද නම් කර ඇත. 25 September 2024
ඇමසන් වනාන්තරයේ විශාල ප්‍රදේශයක් විනාශයි දශක හතරකට වැඩි කාලයක් තිස්සේ ඉවක් බවක් නොමැතිව සිදුවුණු වන විනාශය හේතුවෙන්, දකුණු ඇමෙරිකාවේ ඇමසන් වැසි වනාන්තරයට ජර්මනිය තරම් විශාල වනාන්තර ප්‍රදේශයක් අහිමි වී ඇති බව පරිසරවේදිහු පෙන්වා දෙති. 24 September 2024
හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මියගිය ලෙබනන් සිවිල් වැසියන් ගණන 492 දක්වා ඉහළ ගිය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 24 September 2024
යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 24 September 2024
යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි. 24 September 2024
ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක් ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල තුළ සිරවූහ. 23 September 2024
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි. 23 September 2024
ප්‍රංශ ජනපති මැක්රොන් නෙදන්යාහුට දොස් කියයි ඊශ්‍රායලය අසල්වැසි කලාපීය රටවල් යුද්ධයකට තල්ලු කරනවා යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දොස් නගා ඇත. 23 September 2024
ලෙබනනය තවත් ගාසාවක් කරන්න එපා ලෙබනනය තවත් ගාසා තීරයක් වීමට ඉඩ නොතබන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඊශ්‍රායලයෙන් මෙසේ ඉල්ලා සිටියේ, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතරේ ගැටුම් මේ වනවිට දරුණු ලෙස උත්සන්න වී ඇති බැවිනි. 23 September 2024
මෝදි ඇමෙරිකාවේ තෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත් හරසරින් පිළිගැනීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය. 22 September 2024
මාලි පොලිස් පුහුණු කඳවුරකට ප්‍රහාරයක් අප්‍රිකාවට අයත් මාලි රාජ්‍යයේ බමාකෝ අගනුවර පොලිස් පුහුණු කඳවුරකට සහ ගුවන්තොටුපළකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයෝ 70 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. 22 September 2024
ගුවන් යානයේ මීයෙක් මීයකු නිසා, ස්කැන්ඩිනේවියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක්, හදිසි ගොඩබෑමකට ලක් කිරීමට සිදුවුණු බව විදෙස් මාධ්‍ය පවසයි. 21 September 2024
ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සංවිධානය ද තහවුරු කර ඇත. 21 September 2024
ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය. 21 September 2024
කේට් කුමරිය යළි රාජකාරි අරඹයි පිළිකා රෝගය සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කළ කිමෝතෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසු, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ වන, වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ලටන් යළිත් වරක් සිය රාජකීය කටයුතු ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 19 September 2024
හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා යෑමෙන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 450 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ. 19 September 2024
බැට්මෑන්ට ’වෝක් ද ෆේම්’ තරුවක් බැට්මෑන් චරිතයට ’වෝක් ද ෆේම්’ Walk Of Fame තරුවක් දී ඇගැයීමට ලක් කෙරුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. චිත්‍රකතා චරිතයක් ලෙස ආරම්භ වූ බැට්මෑන් චරිතය ඇසුරින් හොලිවුඩ් සිනමා නිර්මාණ රැසක් ද බිහි වී ඇත. 18 September 2024
දිල්ලි මහ ඇමැති ධුරයෙන් යයි ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, ’ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය. 18 September 2024
හිස්බුල්ලා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, ’පේජර්’ යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගොස් ඇතුළු තවත් දහස් ගණනක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 18 September 2024
ගගන සංචාරකයෝ ආපසු එති ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ. 16 September 2024
යුරෝපයටත් මහ වැසි: ජල ගැලීම් මහ වැසි හේතුවෙන්, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් රැසක පළාත් බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, එම රටවල වැසියන් ලක්ෂ ගණනක් පීඩාවට පත් ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 16 September 2024
හවුති සටන්කාමීන්ගෙන් පළිගන්නවා - නෙදන්යාහු යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රදේශයකටය. එහෙයින්, ජීවිත හානි හෝ දේපළ හානි හෝ සිදු නොවුණි. 16 September 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026