ලතින් ඇමෙරිකාවට අයත්, බොලිවියාවේ සිදුවුණු බස් රථ අනතුරකින් 37 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත් 30 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බැවින්, මරණ සංඛ්‍යාව ඉහළ යෑමට ඉඩ ඇතැයි ද පැවැසෙයි.

අනතුර සිදුවූයේ බස් රථ දෙක එකිනෙක ගැටීමෙනි. අනතුර සිදුවූයේ උයුනි නමැති නගරයේය. ඔරුරෝ නමැති සැණකෙළිය බොලිවියාවේ පැවැත්වෙන අතර, ඊට සහභාගී වීමට පැමිණෙමින් සිටි පිරිස් බස් රථවල සිට ඇත.

(අල් ජසීරා)