IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ට්‍රම්ප්ට එරෙහි විරෝධතා

කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට විරෝධතාකරුවන් හානි සිදුකර ඇතැයි පැවැසෙයි.

රතු තීත්න ආලේප කරමින්, නිවාඩු නිකේතනයට හානි කර ඇත්තේ පලස්තීන හිතවාදීන් පිරිසකි. මෙම නිවාඩු නිකේතනයට ගොල්ෆ් ක්‍රීඩා පිටියක් ද අයත් වෙයි.

ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන්, ගාසා තීරයෙන් ඉවත් කර අසල්වැසි වෙනත් රටක පදිංචි කරවීමට ට්‍රම්ප් යෝජනා කර ඇත. ඒ, ඊශ්‍රායලයට සහාය දක්වමිනි.

මෙය පලස්තීනුවන්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇති අතර, ට්‍රම්ප්ගේ නිවාඩු නිකේතනයට හානි කර ඇත්තේ ද ඒ නිසා යැයි පැවැසෙයි.

මේ අතර, ට්‍රම්ප් සහ ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව, ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ද විරෝධතාවක් පැවැත්වුණු බව විදෙස් පුවත් සේවා පවසයි.

විරෝධතා පැවැත්වූයේ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයට අදාළව ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති සංශෝධනවලට එරෙහිවය.

ට්‍රම්ප් අත්සන් කර ඇති විධායක නියෝගයකට අනුව, විද්‍යාත්මක පර්යේෂණ සඳහා මූල්‍යාධාර ලබා දීම අවලංගු කර ඇති අතර, විරෝධතාවට හේතුව වී ඇත්තේ එයයි. විධායක නියෝගයට අනුව,

එම ක්ෂේත්‍රයේ වෘත්තිකයින් රැසකට සිය රැකියා අහිමි වෙයි.

විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින්, කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී එම විරෝධතාව සංවිධානය කර තිබුණි. විරෝධතා රැලියක් පැවැත්වුණු අතර ඊට දහස් ගණනක් දෙනා සහභාගී වූහ.

(බීබීසී)



අදහස් (2)

ට්‍රම්ප්ට එරෙහි විරෝධතා

ගුණරත්න Sunday, 09 March 2025 12:19 PM

ඔය පලස්තීන ආධාරකරුවන් කියන්නේ ත්‍රස්තවාදී, වාමාශික ත්‍රස්තවාදීන්. ඔවුන් අඩුම ගානේ දන්නේ නැහැ පලස්තීනය කියන්නේ ඊශ්‍රායලේ මිනිස්සුන්ගේ හීබ්රු වචනයක් කියලා එකෙන් අදහස් කරන්නේ ආක්‍රමණිකයෝ කියන එකයි. පලස්තීනය කියන්නේ ඊශ්‍රායල්වරුන්ගේ දේශය ආක්‍රමණය කරපු අය හදපු රට...

:       9       1

vis8 Tuesday, 11 March 2025 07:12 AM

රට යළි යථා තත්වයට පැමිණෙනතුරු ටිකක් කල් අපහසුකම් විඳින්න වෙයි කියලා ට්‍රම්ප් කිව්වා. අපේ එවුන්ටනම් මේවා අරහං ...:) බඩ පැලෙන්න කන්න තියනවා නම් සහ ඕන තරම් පැට්‍රොල් තියනවානම් රටට හෙන ගැහුවාත් උන්ට කමක් නැහැ .. :

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 458 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site