
කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට විරෝධතාකරුවන් හානි සිදුකර ඇතැයි පැවැසෙයි.
රතු තීත්න ආලේප කරමින්, නිවාඩු නිකේතනයට හානි කර ඇත්තේ පලස්තීන හිතවාදීන් පිරිසකි. මෙම නිවාඩු නිකේතනයට ගොල්ෆ් ක්‍රීඩා පිටියක් ද අයත් වෙයි.
ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන්, ගාසා තීරයෙන් ඉවත් කර අසල්වැසි වෙනත් රටක පදිංචි කරවීමට ට්‍රම්ප් යෝජනා කර ඇත. ඒ, ඊශ්‍රායලයට සහාය දක්වමිනි.
මෙය පලස්තීනුවන්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇති අතර, ට්‍රම්ප්ගේ නිවාඩු නිකේතනයට හානි කර ඇත්තේ ද ඒ නිසා යැයි පැවැසෙයි.
මේ අතර, ට්‍රම්ප් සහ ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව, ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ද විරෝධතාවක් පැවැත්වුණු බව විදෙස් පුවත් සේවා පවසයි.
විරෝධතා පැවැත්වූයේ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයට අදාළව ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති සංශෝධනවලට එරෙහිවය.
ට්‍රම්ප් අත්සන් කර ඇති විධායක නියෝගයකට අනුව, විද්‍යාත්මක පර්යේෂණ සඳහා මූල්‍යාධාර ලබා දීම අවලංගු කර ඇති අතර, විරෝධතාවට හේතුව වී ඇත්තේ එයයි. විධායක නියෝගයට අනුව,
එම ක්ෂේත්‍රයේ වෘත්තිකයින් රැසකට සිය රැකියා අහිමි වෙයි.
විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින්, කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී එම විරෝධතාව සංවිධානය කර තිබුණි. විරෝධතා රැලියක් පැවැත්වුණු අතර ඊට දහස් ගණනක් දෙනා සහභාගී වූහ.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පලස්තීන ආධාරකරුවන් කියන්නේ ත්‍රස්තවාදී, වාමාශික ත්‍රස්තවාදීන්. ඔවුන් අඩුම ගානේ දන්නේ නැහැ පලස්තීනය කියන්නේ ඊශ්‍රායලේ මිනිස්සුන්ගේ හීබ්රු වචනයක් කියලා එකෙන් අදහස් කරන්නේ ආක්‍රමණිකයෝ කියන එකයි. පලස්තීනය කියන්නේ ඊශ්‍රායල්වරුන්ගේ දේශය ආක්‍රමණය කරපු අය හදපු රට...
රට යළි යථා තත්වයට පැමිණෙනතුරු ටිකක් කල් අපහසුකම් විඳින්න වෙයි කියලා ට්‍රම්ප් කිව්වා. අපේ එවුන්ටනම් මේවා අරහං ...:) බඩ පැලෙන්න කන්න තියනවා නම් සහ ඕන තරම් පැට්‍රොල් තියනවානම් රටට හෙන ගැහුවාත් උන්ට කමක් නැහැ .. :