IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


2025 ඔස්කාර් සිනමා උළෙල

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ ඩොල්බි තියටර් හි පැවැති 97 වැනි ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනා ගැනීමට බෘටලිස්ට් චිත්‍රපටයේ රඟපෑ ඒඩ්‍රියන් බ්‍රෝඩි සමත් වූ අතර හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගැනීමට ඇනෝරා චිත්‍රපටයේ රඟපෑ මිකී මැඩිසන් සමත් වූවාය.

ප්‍රහසන ශිල්පියකු මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වන කෝනෑන් ඕබ්‍රයන් ප්‍රථම වරට මෙවර ඇකඩමි සම්මාන උළෙල ඉදිරිපත් කළ අතර එය පැය 4 කට ආසන්න කාලයක් දිව ගියේය.

මෙවර ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම සහාය නළුවාට හිමි සම්මානය "අ රියල් පේන්" චිත්‍රපටයේ රඟපෑ කිරන් කල්කින් හිමිකරගත් අතර හොඳම සහාය නිළියට හිමි සම්මානය එමිලියා පෙරේස් චිත්‍රපටයේ රඟපෑ සෝයි සැල්ඩානා හිමිකර ගත්තාය. එසේම හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ඇනෝරා චිත්‍රපටය අධ්‍යක්ෂනය කළ ෂෝන් බේකර් හිමිකර ගත්තේය.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය ඇතුළුව ඔස්කාර් සම්මාන 5 ක් දිනා ගැනීමට ඇනෝරා චිත්‍රපටයට හැකියාව ලැබුණේය.ඇනෝරා චිත්‍රපටයේ අධ්‍යක්ෂ ෂෝන් බේකර් එකම චිත්‍රපටයක් සඳහා එකම වසරේ ඔස්කාර් සම්මාන හතරක් දිනාගත් පළමු පුද්ගලයා බවට පත්වීමෙන් ඉතිහාසගත වීම මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ සිදුවූ විශේෂ සිදුවීමක් විය

ඇනෝරා චිත්‍රපටයට මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී මුල් තිර රචනය, හොඳම චිත්‍රපට සංස්කරණය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මාන හිමිව තිබූ අතර එම සම්මාන සියල්ලම ෂෝන් බේකර් විසින් දිනාගනු ලැබුවේය.

මිට පෙර 1953 වසරේදී වෝල්ට් ඩිස්නි සමාගම එකම චිත්‍රපටය සඳහා ඔස්කාර් සම්මාන හතරක් දිනාගෙන තිබිණි.

එසේම හොඳම සජීවීකරණ චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය හිමිකර ගැනීමට ෆ්ලෝ චිත්‍රපටයට හැකියාව ලැබුණේය. හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වන ඔස්කාර් සම්මානය විකඩ් චිත්‍රපටයටත්, හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තර සඳහා වන ඔස්කාර් සම්මානය සබ්ස්ටන්ස් චිත්‍රපටයත්, හොඳම වාර්තාමය චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය නෝ අදර් ලෑන්ඩ් චිත්‍රපටයත් හිමිකර ගත්තේය.

(බීබීසී)



අදහස් (0)

2025 ඔස්කාර් සිනමා උළෙල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1461 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1311 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site