
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.
යෙයොල්ට නිදහස හිමිවූයේ පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ගැටලු මතුවීමත් සමඟ යැයි කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එසේ වුවත්, නිදහස ලැබූ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතු දිගටම සිදුවනු ඇති බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන්, සිවිල් පාලනය කඩාකප්පල් කිරීමට උත්සාහ ගත්තේ යැයි කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල් ට චෝදනා එල්ල වී ඇත. ඔහු රැඳවුම් භාරයට ගැනීම සිදුවූයේ ද ඒ අනුවය.
දෝෂාභියෝගයට ලක්වුණු යෙයොල්ගේ ජනාධිපති ධුරය තාවකාලිකව අත්හිටුවා ඇති අතර, එල්ල වී ඇති චෝදනාවලට ඔහු වරදකරු වුවහොත්, ඔහුට ජනාධිපති ධුරය අහිමි වී, සිරදඬුවම් විඳීමට සිදුවනු ඇත.
නිදහස ලැබූ ජනාධිපතිවරයා, රැඳවුම් මධ්‍යස්ථානයෙන් පිටතට පැමිණ පිටවී ගියේ, රැඳවුම් මධ්‍යස්ථානය ඉදිරියේ සිටි ඔහුගේ ආධාරකරුවන්ට හිස නමා ආචාර කරමිණි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd