
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් සහ ඇමෙරිකන් ජනාපධිති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් පැවැත්විණි.
ඇමෙරිකාවත් මහා බ්‍රිතාන්‍යයත් අතර නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම සම්බන්ධයෙන්, අග්‍රාමාත්‍ය ස්ටාර්මර් සහ ජනාධිපති ට්‍රම්ප් අතරේ සාකච්ඡා පැවැත්විණි. ට්‍රම්ප් හඳුන්වා දී ඇති නව තීරබදු මඟ හැර, ගනුදෙනු කිරීම නව වෙළෙඳ ගිවිසුම යටතේ සිදුවනු ඇතැයි පැවැසෙයි.
රුසියන් යුක්රේන යුද්ධය සහ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් යුද්ධය නවත්වා තිරසාර සාම වැඩපිළිවෙළතට යන ආකාරය සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු විය.
රුසියන් යුක්රේන යුද්ධයේ දී මහා බ්‍රිතාන්‍යයේ සහාය නොඅඩුව හිමිවව්නේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ රජයටය. රැසියන් යුක්රේන යුද්ධය අවසන් කර, තිරසාර සාම වැඩපිළිවෙළකට ට්‍රම්ප් සූදානම් වන්නේ, තීන්දු තීරණ ගැනීමේ දී රුසියාවට වැඩි ඉඩක් දෙමිනි. මෙය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ විරෝධයට හේතුවක් වී ඇති අතර, අග්‍රාමාත්‍යවරයා එය ට්‍රම්ප්ට පැහැදිලි කර දුන්නේය.
රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය නීත්‍යනුකූල නොවන බව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් පෙන්වා දුන්නේය. ස්ටාර්මර්, මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු ලෙස කටයුතු කර ඇත.
යුද්ධය නවත්වා, තිරසාර සාම වැඩපිළිවෙළකට යන්නේ නම්, එය සිදුවිය යුත්තේ යුක්රේනයට අසාධාරණයක් නොවන ආකාරයට යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්ටාර්මර් ට්‍රම්ප්ට පැහැදිලි කළ බව ද පැවැසෙයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්ටාර්මර්, ට්‍රම්ප් හමුවට ආවේ බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ලබා දුන් ලිපියක් ද සමඟය. ධවල මන්දිරයේ දී ට්‍රම්ප් හමුවෙද්දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්ටාර්මර් එම ලිපිය ට්‍රම්ප්ට ලබා දුන්නේය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
458
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්සර් ඇමෙරිකන් ජනපති හමුවෙයි