
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් සහ ඇමෙරිකන් ජනාපධිති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් පැවැත්විණි.
ඇමෙරිකාවත් මහා බ්‍රිතාන්‍යයත් අතර නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම සම්බන්ධයෙන්, අග්‍රාමාත්‍ය ස්ටාර්මර් සහ ජනාධිපති ට්‍රම්ප් අතරේ සාකච්ඡා පැවැත්විණි. ට්‍රම්ප් හඳුන්වා දී ඇති නව තීරබදු මඟ හැර, ගනුදෙනු කිරීම නව වෙළෙඳ ගිවිසුම යටතේ සිදුවනු ඇතැයි පැවැසෙයි.
රුසියන් යුක්රේන යුද්ධය සහ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් යුද්ධය නවත්වා තිරසාර සාම වැඩපිළිවෙළතට යන ආකාරය සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු විය.
රුසියන් යුක්රේන යුද්ධයේ දී මහා බ්‍රිතාන්‍යයේ සහාය නොඅඩුව හිමිවව්නේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ රජයටය. රැසියන් යුක්රේන යුද්ධය අවසන් කර, තිරසාර සාම වැඩපිළිවෙළකට ට්‍රම්ප් සූදානම් වන්නේ, තීන්දු තීරණ ගැනීමේ දී රුසියාවට වැඩි ඉඩක් දෙමිනි. මෙය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ විරෝධයට හේතුවක් වී ඇති අතර, අග්‍රාමාත්‍යවරයා එය ට්‍රම්ප්ට පැහැදිලි කර දුන්නේය.
රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය නීත්‍යනුකූල නොවන බව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් පෙන්වා දුන්නේය. ස්ටාර්මර්, මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු ලෙස කටයුතු කර ඇත.
යුද්ධය නවත්වා, තිරසාර සාම වැඩපිළිවෙළකට යන්නේ නම්, එය සිදුවිය යුත්තේ යුක්රේනයට අසාධාරණයක් නොවන ආකාරයට යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්ටාර්මර් ට්‍රම්ප්ට පැහැදිලි කළ බව ද පැවැසෙයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්ටාර්මර්, ට්‍රම්ප් හමුවට ආවේ බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ලබා දුන් ලිපියක් ද සමඟය. ධවල මන්දිරයේ දී ට්‍රම්ප් හමුවෙද්දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්ටාර්මර් එම ලිපිය ට්‍රම්ප්ට ලබා දුන්නේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd