IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පාප්තුමාට සති කීපයක් රෝහලේ ඉන්න වේවි

පෙනහළු ආසාදනයක් හේතුවෙන් දින 14 ක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙමෙන් කෙමෙන් යහපත් අතට හැරෙමින් පවතින බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.  

88 හැවිරිදි ශුද්ධෝත්තම පාප්තුමන් රෝමයේ ගෙමෙලි රෝහලේ ප්‍රතිකාර ලබන්නේ පසුගිය පෙබරවාරි 14 වැනිදා තිස්සේය. පෙනහළු ආසාදනය හේතුවෙන් නිව්මෝනියා තත්ත්වකටත්, වකුගඩු අක්‍රියවීමේ අවදානමකටත් පාප්තුමන් මුහුණ දුන්නේය. පාප්තුමන්ට ඉක්මන් සුවය පතා වතිකානයේ පමණක් නොව, ලොව පුරා විශේෂ යාඥා මෙහෙයුම් පැවැත්විණි.

තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය නොසඟවා ලොවට පවසන්නැයි පාප්තුමන් කර ඇති ඉල්ලීමට අනුව, වතිකානය පැය 24 පුරා පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පුවත් වාර්තා කරමින් සිටී.

වෛද්‍යවරුන් උබුටා දක්වමින්, වතිකානය පවසා ඇත්තේ, මේ වනවිට පාප්තුමන්ගේ ජීවිතයට කිසිදු අනතුරක් නොමැති බවත්,  එතුමන්ට අඩුම තරමින් තරැව සති තුනක් රෝහල්ගතව සිටීමට සිදුවනු ඇති බවය. 

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

පාප්තුමාට සති කීපයක් රෝහලේ ඉන්න වේවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 458 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site