IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


යුරෝපා නායකයන්ගේ සහාය සෙලෙන්ස්කීට

ඇමෙරිකාවේ ධවල මන්දිරයට ගිය අවස්ථාවේදී, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්ගේ වාග් ප්‍රහාරවලට ලක් වී අසරණ තත්ත්වයකට පත් වුණු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මේ වනවිට මහා බ්‍රිතාන්‍යයට පැමිණ සිටී.

මුළු ලෝකයේම අවධානයට ලක් වුණු එම සිද්ධිය සම්බන්ධවෙන් අදහස් දක්වමින්, බ්‍රිතාන්‍ය, ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල නායකයන්, පෙන්වා දී ඇත්තේ තමන්ගේ සහාය නොඅඩුව යුක්රේන ජනාධිපතිවරයාටත් යුක්රේන රජයටත් හිමිවන බවය.

යුක්‍රේනයට අඛණ්ඩව සහය ලබාදෙන බවට සහතික වී ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර්, දීර්ඝ කාලීන  සාමයක් ලගා කර ගැනීම සදහා හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව පැහැදිලි කළේය.

ප්‍රංශ ජනාධිපති ඉමානුවෙල් මැක්‍රෝන්  පැවැසුවේ, යුක්‍රේනයට සහය පළ කරමින් රුසියාවට සම්බාධක පැනවීමට මීට වසර 3 කට පෙර තම රට ගත් තීරණය තවදුරටත් එලෙසම අනුගමනය කරන බවය.

යුක්‍රේනයට ජර්මනිය හා යුරෝපා සංගමය මත විශ්වාසය තැබිය හැකි බව ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් ප්‍රකාශ කළ අතර, ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි සදහන් කර ඇත්තේ යුක්රේන යුද්ධය පිලිබද සාකච්ඡා කිරීම සදහා අමෙරිකාව, යුරෝපය හා ඊට සම්බන්ධ පාර්ශ්ව අතර හදිසි සමුළුවක් කැදවිය යුතු බවය.



අදහස් (1)

යුරෝපා නායකයන්ගේ සහාය සෙලෙන්ස්කීට

Nandalal de Silva - Monday, 03 March 2025 12:36 AM

ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී යුරෝපීය රටවල් එකාමෙන් සිටිමින්, ඒකාධිපති, මිනීමරු පුටින්ගේ යකඩ සපත්තුවෙන් බැටකන අසරණ යුක්රේනයට පිහිට නොවුණොත්, පුටින් පැරණි සොවියට් දේශයෙන් වෙන්වී, ස්වාධීන වූ පෝලන්තය, රුමෙනියාව.... වැනි රටවල් අවි බලයෙන් ආක්‍රමණය කර ක්‍රෙම්ලින් පාලනයට නතු කරගන්නා බව පැහැදිලිවම කිව හැක. ඔහු ඉන් නොනැවතී, බටහිර යුරෝපයෙ, කුඩා නිදහස් රාජ්‍යයන් පවා අල්ලා ගැනීමට මෙම ඒකාධිපති, මිනීමරු පුටින් පෙළබෙනු ඇත....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 458 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site