වරදරාජා පෙරුමාල්ගෙන් සම්පන්දන්ට දෝස්මුරයක් විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා ප්රමුඛ දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවේ වලිගයේ එල්ලී සිටීමෙන් දෙමළ ජනතාවගේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් ගෙන ඒමට නොහැකි වී තිබෙන බව උතුරු නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය අන්නාමලෙයි වරදරාජා පෙරුමාල් මහතා පැවසීය. 16 January 2018
විදුලිසෝපාන ක්‍රියාකරුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් පොලිසියේ භාවනා චක්‍රලේඛය අනුව උදෑසන භාවනා නොකළැයි පොලිස්පතිවරයා විසින් බැණ පහරදීමට උත්සාහ කරනු ලැබූ බව කියන පොලිස් මූලස්ථානයේ විදුලිසෝපාන ක්‍රියාකරු තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට සහ ආසියානු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. 16 January 2018
කැබිනට් රැස්වීමේදී එජාප මන්ත්‍රීන්ට ජනපතිගෙන් දෝස්මුරයක් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන් තමන්ට විරුද්ධව කරන ප්‍රකාශවලට දැඩි විරෝධය පළ කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(16) පැවැති කැබිනට් රැස්වීමෙන් නැගිට ගොස් ඇතැයි වාර්තාවේ. 16 January 2018
එකම පන්සලේ හිමිවරු දෙනමක් පක්ෂ දෙකකින් ඡන්දෙට එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී පාත හේවාහැට ප්‍රාදේශීය සභාව සඳහා බෝලෑප විහාරයේ හිමිවරු දෙදෙනෙක් පක්ෂ දෙකකින් තරඟ කිරීමට නාමයෝජනා බාර දී සිටිති. 16 January 2018
‘ජනපති මුලින්ම තමන්ගේ පක්ෂය සුද්ධ කර ගත යුතුයි‘ - දිලිප් ‘‘ජනාධිපති අද ආණ්ඩුව සුද්ධ කරන්න කථා කරනවා. එතුමාට තමන් ගේ පක්ෂය සුද්ධ කර ගන්න මේ වන තුරුත් බැරි වුණා. ජනාධිපති තුමා ඔය ජනාධිපති පුටුවේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂය නිසයි. ආණ්ඩුව සුද්ධ කරන්නට කලියෙන් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුද්ධ කර ගත්තොත් හොඳයි‘‘ යැයි රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා අද(16) තංගල්ලේදී පැවසීය. 16 January 2018
බැඳුම්කරේ වාර්තාව හෙට පාර්ලිමේන්තුවට බැඳුම්කර කොමිසමේ වාර්තාව බදාදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 16 January 2018
මත්පැන් චක්‍රලේඛය අකුලා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීම හා මත්පැන් අලෙවිසල් රාත්‍රී 10 දක්වා විවෘතව තැබීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව කැමැත්ත පළ කළ බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 16 January 2018
කන්කසන්තුරේ වරාය දියුණු කරන්න ඉන්දියාව සමඟ ගිවිසුමක් කන්කසන්තුරේ වරාය දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාව අතර ඉකුත් ද ගිවිසුමට අත්සත් තැබිණි. ගිවිසුමට අනුව කන්කසන්තුරේ වරාය දියුණු කිරීම සඳහා ඉන්දියාවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 45.26ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 6.9ක) ණය සහනයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. 16 January 2018
උතුරු මුහුදේ මසුන් ඇල්ලු 16 ක් අත්අඩංගුවට යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් වී ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු හා ඔවුන්ට අයත් ට්‍රොලර් යාත්‍රා 4 ක් අද (16) අළුයම නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇත. 16 January 2018
කොටි කතට ආධාර කළ මවට අත්හිටවූ සිර දඬුවම් ඊපීඩීපි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා මරා දැමීම සඳහා මරාගෙන මැරෙන කොටි බෝම්බකාරියකට ආධාර අනුබල දීමේ චෝදනාවට වරදකාරිය වු යාපනයේ පදිංචි තිදරු මවකට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අත්හිටවු සිරදඬුවම් සහ දඩ නියම කළේය. 16 January 2018
මාර්ග පරීක්ෂාවට ගිය ප්‍රා. ලේකම්ට පොලු පහර අකුරැස්ස හේනේගම ඕවිටිමුල්ල ප්‍රදේශයේ සංවර්ධනය කරන ලද මාර්ගයක් පරික්ෂා කිරීම සඳහා ගිය අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට පොල්ලකින් පහරදී ඔවුන්ගේ නිල වාහන ද කුඩු කර අලාභ හානි සිදු කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 16 January 2018
යුද සමයේ පලා ගිය සරණාගතයන් 39800 ක් තමිල්නාඩුවේ ඉකුත් යුද සමයේදී මෙරට සිට ඉන්දියාවට පලා ගිය දෙමළ සරණාගතයින් 39784 ක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින බව මධ්‍යම රජය සිදුකළ සමීක්ෂණයක දී හෙළි වී ඇතැයි ඉන්දීය තානාපති ආරංචි මාර්ග පවසයි. 16 January 2018
තරුණයන් 11 අතුරුදන් කිරිමේ සිද්ධියේ 9 වැනි සැකකරු රිමාන්ඩ් 2008 – 2009 වසර වලදී තරුණයන් 11 දෙනෙක් අතුරුදන් කිරිමේ සිද්ධියේ 9 වැනි සැකකරු වන කස්තුරිගේ ගාමිණි නැමැති හිටපු බුද්ධි අංශ නිලධාරී අත්අඩංගුවට ගැනීමෙන් පසු ජනවාරි 25 වැනි දා දක්වා රිමන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කළාය. 16 January 2018
යාපනයේ දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදෙයි යාපනය කොකුවිල් මන්සන්ධියේදී ඊයේ(15) රාත්රියේදී යතුරුපැදි කල්ලියක් විසින් පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් කපා පළා ගොස් ඇති බව යාපනය පොලීසිය පවසයි. 16 January 2018
සිංගප්පූරු අගමැති 22දා ශ්‍රී ලංකාවට සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලුන්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මේමස 22 වැනිදා ශ්‍රීලංකාවට පැමිණීමට නියමිතය. 16 January 2018
බැඳුම්කර නඩුදාන්න විශේෂඥ කණ්ඩායමක් බැඳුම්කර වංචාවට සම්බන්ධිත පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීම සඳහා අල්ලස් කොමිසමේ විශේෂඥ කණ්ඩායමක් විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පිලිබඳව අධ්‍යනය කරමින් සිටින බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අනාවරණය වේ. 16 January 2018
කැකිරාව අධිකරණ භූමියේ ගින්නක් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණ භූමියේ ඇතිවූ ගින්නක් මැඩ පැවැත්වීමට කැකිරාව පොලිසිය හා දඹුල්ල ගිණී නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අද (15) සමත්වූහ. 15 January 2018
බුද්ධ කාලයට සමානුපාතිකව ගල්ගමුවේ ජනාවාස ගල්ගමුව අන්දරවැව ප්‍රදේශයේ ඉපැරණි සොහොන් බිමකින් ලබාගත් අස්ථි කොටස් කිහිපයක් ක්‍රිස්තු පූර්ව 500 ට අයත් බවට ඇමරිකාවේ බීටා ඇනලිටික් පර්යේෂණ ආයතනය කාලනිර්ණය කර රජරට විශ්ව විද්‍යාලයට දැනුම් දී තිබේ. 15 January 2018
පාප්වහන්සේගෙන් අනතුරු ඇඟවීමක් ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානමක් නිර්මාණය වී ඇතැයි අති උතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේ අද (15) අනතුරු ඇඟ වූහ. 15 January 2018
‘අපේ පිහිටෙන් ජනාධිපති වෙලා අපිටම කෙළිනවා‘ - මරික්කාර් කියයි ‘‘දැන් මේගොල්ලො හිතන් ඉන්නෙ මහින්ද රාජපක්ෂගෙන් ආප්ප කාලා ඇවිල්ලා මහින්ද රාජපක්ෂට කෙළියා වගේ අපේ පිහිටෙන් ජනාධිපතිවෙලා ඊළඟ ඡන්දෙදි අපට කෙළින්න‘‘යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ගොතටුව මාණික්කමුල්ලේ පැවැති ජනහමුවකදී පැවැසීය. 15 January 2018
ඌව මහ ඇමැතිට පක්ෂ හා විපක්ෂ උද්ඝෝෂණ දෙකක් බදුල්ල නගරයේ බාලිකා පාසලක විදුහල්පතිනියට තර්ජනය කළ ඌව පළාත් පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායකට වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනපතිගෙන් ඉල්ලමින් අද(15) බදුල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණි. 15 January 2018
මියගිය මවගේ විශ්‍රාම වැටුපටත් විදී වසර 6ක කාලයක් තිස්සේ මියගිය මවගේ විශ්‍රාම වැටුපෙන් රුපියල් 6,8028.71ක් වංචනික ලෙස ලබා ගැනීමට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි දියණියක් රුපියල් ලක්ෂ සියය බැගින් වන ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙස පානදුර මහේස්ත්‍රාත් චන්දන ලියනගේ මහතා නියෝග කළේය. 15 January 2018
උතුරට ගිය දුම්රියක ගින්නක් කොළඹ සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා ධාවනය වෙමින් තිබූ අති සුඛෝපභෝගී දුම්රියක එන්ජිමක් අද(15) දහවල් 12.30 ට පමණ යාපනය චාවකච්චෙරි ප්‍රදේශයේදී හදිසියේම ගිනි ගෙන ඇත. 15 January 2018
යකඩ පොල්ලකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි යකඩ පොල්ලකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 15 January 2018
නවක වදයට එරෙහිවූ දෙදෙනකුට පහර දෙති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ නවක වධයට එරෙහි සිසු පිරිසකට විශ්ව විද්‍යාල කළමනාකරණ පීඨයේ නවක වධයට පක්ෂපාතී සිසු පිරිසක් විසින් පහර දෙනු ලැබීම නිසා විද්‍යා පීඨ සිසුන් දෙදෙනකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. 15 January 2018
කෝටි 7ක රන් රඳවාගත් ව්‍යාපාරිකයාට ඇප නෑ අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ලකා රුපියල් කෝටි 7ක් පමණ වටිනා රන් භාණ්ඩ පැහැර ගැනීම සහ ඒවා සන්තකය් තබා ගත් බවට රහස් පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින කෝටිපති ව්‍යපාරිකයා ලබන 29වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා අද(15) නියෝග කළේය. 15 January 2018
දෙහිඅත්තකණ්ඩිය ශ්‍රිලනිප පෙත්සම විසිවෙයි දෙහිඅත්තකණ්කඩිය ප්‍රාදේශිය සභාව සඳහා ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව පවරා තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. 15 January 2018
ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරයෙක් අභියාචනාධිකරණයට සභාපතිවරයෙක් උසස්වීම් ලැබු විනිසුරුවරුන් දෙදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ සිය තනතුරුවල අද (15) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 15 January 2018
නාමල් ඇතුළු 6 කට එරෙහි නඩුව පෙබරවාරියේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6 කට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි 6 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා නියම කළේය. 15 January 2018
ඇමැති අමරවීර ගේන්න ගුවන් හමුදා යානයක් යාපනයට ගිය අමාත්‍ය මහින්ද අමරවීර මහතාට යළි කොළඹ පැමිණීම සඳහා ගුවන් හමුදා යානයක් ලබා දී තිබේ. 15 January 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026