තරිඳු ජයවර්ධන
අපාරධ ගණනාවක් අනාවරණය කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා රහස් පොලිසියෙන් ස්ථාන මාරු කිරීම වැරදි බවත් එසේ කර ඇත්තේ අපරාධකරුවන් බේරා ගැනීමට බවත් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙම ස්ථාන මාරුව නිසා පොලිස් පරීක්ෂකවරයාගේ ආරක්ෂාව ගැන ද ගැටලු මතුවන බව ද ඔහු කීවේය.
දක්ෂ පොලිස් නිලධාරීන් ස්ථාන මාරු කිරීම ගැන කණගාටු වන බව ද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය හුවකදීය. එහි දී මේ ගැන අදහස් දැක්වූ අජිත් පී පෙරේරා මහතා මෙසේ කීවේය.
‘‘නිශාන්ත සිල්වා කියන්නේ දක්ෂ නිලධාරියෙක්. බරපතල අපරාධ ගණනාවක තොරතුරු අනාවරණය කළ නිලධාරියා. පොලිසිය දැන් තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ. නීති විරෝධී නියෝග පිළිපදිමින් මෙම නිලධාරියා ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත්ට ලැජ්ජා නැද්ද? පොලිසියේ දක්ෂ නිලධාරීන් මාරු කරන්නද ආණ්ඩුව ගත්තේ?‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය කියන්නේ සත්‍ය හෙළිදරව් කරන්නන්ගේ සතුරා බව අපිට අලුත් දෙයක් නොවන බව නැවත නැවතත් මතක් කරයි.. ශ්‍රී ලාංකිකයින්වන මම ඔබ අපි හැමදෙනාම අඳුරේ අතපත ගාන්නන් බව මතක් කිරීමත් වේදනාවකි.
වැඩ පටන් ගත්තා.
මහින්දට එරෙහි චෝදනා සියල්ල එකම පොලිස් නිලධාරියෙකුට පවරා තිබීමෙත් පෙනී යන්නේ එම නිලධාරියා දේශපාලන අැමිබැටිටයෙක් බවයි.
එක තමයි කියන්නේ නිලධාරියෙක් පක්ෂග්රාහී වෙන්න හොඳ නැහැ කියන්නේ ...මේ නිලධාරියා පහුගිය කාලසීමාව වැඩ කලේ ඒ විදියට ...උසාවියට ගිය නම් ඒවා ඇස දෙකෙන් දැක ගන්න තිබුණ ..
ලංකාව මිනිස් ජීවතයට සුදුසු රටක් නොවේ. මම විශ්‍රාමික පොලිස් නිලදාරියක්මි.
කෙලින් තීන්දු තීරණ අරගෙන සිංහයා වගේ නීතිගරුකව සාධාරනව වැඩ කරන්න අවස්ථාව දුන්නම පතෝල තියරි වලින් රටම අවුල් කළා ....
එතකොට මෙයාව පත්කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ද ?
ඒ අයට ඕන නිලධාරින්ව පත්කරගෙන විමර්ශන කරනවා. මේ අයට ඕන නිලධාරින්ව ඒ තැන්වලට අනියුක්ත කරනවා . විමර්ශන වලින් හෙළිදරව් වුවායයි පවසන තොරතුරු යොදාගන්නෙ දඩුවම් දීමට නොව , ද්‍ෙශපාලන මඩ ප්රචාරයන්ට පමණි. අනික හෙළිදරව් කරන තොරතුරු වල , සත්‍ය කොපමණ දුරට ගැබ් වෙලා තියෙනවාද කියන එකත් ප්රශ්නකාරි.
බොර දියේ මාලු බාන්ඩ එපා මහත්තයෝ. ඔයලා මහ ලොකුවට කතා කරන ස්වාධීන පොලිස් කොමිසම කෝ දැන්? එකට පත්කිරිම් කරෙත් ඔයාලමයි නේද? මේකත් අනිත් අයගේ පිටින් යවන්ඩ නේද හදන්නේ?
දුමින්ද, තංගල්ල සභාපති, මල්ලිලා බේරන්නේ කවදාද?
රට නිවැරදි මගට ගමන් කරන බව විශ්වාස කල හැකිද?
19වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පොලිස් නිලධාරින් මාරුකිරීමේ බලය පොලිස් කොමිසමට තියෙන්නේ තනිකරම.. මේකට ආණ්ඩුව ගාවගන්න එපා... නැට්ටේ ඉඳන් ගොම ගාගන්නත් එපා.. නොදන්නා දේවල් කතා කරලා..
මොහු තනිකර දේශපාලන අැමිබැටිටයෙක්..එම නිසා තමයි අදාල පක්ෂයට මෙතරම් වේදනාවක් ... නාවික හමුදාව සම්බන්ද නඩුවේ පරීක්ෂණ මොහු ඉතාම අසාධාරණ ලෙස ගෙනයන්නේ ..මොහු එම නිලධාරීන් සමග පුද්ගලික තරහක් පිරිමහන ලෙස කටයුතු කල ..ඔහු කඩේ යන දේශපාලන පක්ෂයට සම්බන්ධ අයවලුන් සුක්ෂම ලෙස ඉවත් කරනවා ... ස්වාධීනව කටයුතු කරන නිලධාරියෙක් පත් වේවා
මේ නිලධාරියා පසුගිය වසර තුනේ සීඅයිඩී එකට පත්වීම් ලබපු කෙනෙක් නොවෙයි. දීර්ග කාලයක් අවංක හා සාධාරණ සේවයක් සීඅයිඩී එකට ලබා දීපු කෙනෙක්. ඔහු රාජපක්ෂලාගේ කාලෙත් සේවයකලේ එම ස්ථානයේ මයි. නමුත් තමන්ගේ දෙමාපියන් උනත් වැරද්දක් කලානම් එයට එරෙහිව කෙලින් වැඩ කරපු දක්ෂ නිලධාරියෙක්. ඔය කහින කිසිම කෙනෙක් දේශපාලන ගැතිකම් නොකරන ඒවගේ නිලධාරීන් විඳින දුක් අපහසුතා ගැන අබමල් රේණුවක තරම් වත් දන්නේ නැහැ.