( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව යළි කැදවීමට පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ගත් තීන්දුව නීතිවිරෝධී බවත් , එමගින් තමාගේත් ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි සඳහන් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද (19) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම් , කතානායක සහ නීතිපති නම් කරනු ලැබ සිටී.
පුරවැසියකු ලෙස ගොනු කර ඇති මෙම පෙත්සම මගින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ගේ බලතල යටත් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ඉකුත් 14 වැනිදා යළි කැදවා ඇති බවත් එලෙස එය කැදවීමට පාර්ලිමේන්තු මහලේකම්වරයාට හෝ නීතිපතිවරයාට බලයක් නොමැති බවයි.
එසේ කැදවීම තුළින් තමා ඇතුළු ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් , එමගින් තම අයිතිවාසිකම් කඩවූ බවට තීන්දු කරන නියෝග ලබා දෙන්නැයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී. එසේම පාර්ලිමේන්තුව කැදවීමට මහ ලේකම්වරයාට බලයක් නැති බවට ප්‍රකාශ කරන්නැයි ද පෙත්සමේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසිරවීමේ ගැසට්ටුව අත්හිටවූ පසු, බලාත්මක වන පාර්ලිමේන්තුව කැඳවන්නේ ජනාධිපති නියෝග ක්‍රියාත්මක කීරීමෙන්....
නියම වැඩක් මහත්මයෝ, උසාවියකින් ගැසට්ටුව තාවකාලිකව අත්හිටවීම සහ එය තමන් නඩුවෙන් දිනුම් යන වැරදි උපකල්පනයක පිහිටා රට වැසියන්ගේ මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝණය කර අැත. එමෙන්ම උසාවි වලින් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරවා ගැසට් අැතුලු අනිකුත් සියලු තීන්දු වලදීත් එක් පාර්ෂවයක් මෙලෙස දිනුම තමන් සතු යැයි උපකල්පනය කර කටයුතු කළහොත් වෙනදේ කුමක්ද.. ? සම්පූර්ණ නඩුව අවසන් වූ පසු කටයුතු කිරීමයි සාධාරණ මෙන්ම යුක්තිසහගත... හුදෙක් සාමාන්‍ය පුරවැසියන් මෙවන් වැරදි උපකල්පන මත පිහිටා කටයුතු කළානම් උසාවියට අපහාස කිරීමකි. එය කථානායකවරයා, පාර්ලිමේන්තු මහ ලේකම් මෙන්ම රට ගෙනගිය මන්ත්රීන්ටද අවවාද කළ යුතුය. මෙම වැරදි උපකල්පනය නිසා රටම අාරාජික විය...
විසිරවීම අත්හිටුවා ඇත.ජනාධිපත් නිකුත්කල ගැසට්ටුවට අනුව කටයුතු සිදුවිය.එය නොතේරීම වගකිවයුතු තනතුරක සිටි අයෙකුට නොගැලපේ. පාර්ලිමේන්තුව කැඳවීම නොකලානම් තවත් පිරිසකගේ මානව හිමිකම් උල්ලංඝනය වේ
පාර්ලිමේන්තුව කැඳවීමෙන් මුලික අයිතිවාසිකම් කැඩෙන්නේ කොහොමද ?