(තරිඳු ජයවර්ධන)
ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.
සේවයේ අවශ්‍යතා මත යැයි සඳහන් කරමින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මීගමු කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර තිබේ.
එල්ටීටීඊ සංවිධානය සිදු කළ අපරාධ 60ක ආසන්න විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නිශාන්ත සිල්වා මහතා දායක වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
රටේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීම සම්බන්ධ නඩුවේ විමර්ශන පැවැත්වූයේ නිශාන්ද සිල්වා මහතා ප්රමුඛ රහස් පොලිස් කණ්ඩායමකි. ඒ මහතා පුංකුඩුතිව් ගම්මානයට ගොස් ලොකු වෙහෙසක් දරා අපරාධකරුවන් අනාවරණය කර ගැනීම සම්බන්ධයෙන් ඇගේ මව ද ඒ දිනවල ස්තුති කළාය. එම නඩුවේ විමර්ශන සාර්ථකව සිදු කිරීම සම්බන්ධයෙන් විද්‍යා දැරියගේ නඩු තීන්දුව ලබා දුන් දිනයේ මහාධිකරණ විනිසුරු එම් ඉලංචේලියන් මහතා විවෘත අධිකරණයේ දී නිශාන්ත සිල්වා මහතා ඇගයීමට ද ලක් කළේය.
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, උපාලි තෙන්නකෝන්, කීත් නෝයාර් සහ නාමල් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට වධ හිංසා කිරීම ගැන විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ද නිශාන්ත සිල්වා මහතා විසිනි.
කොළඹ දී තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය ගැනත්, එම තරුණයක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ ප්‍රධාන සැකකරුවකුට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රැකවරණය ලබා දුන්නැයි කියන සිද්ධිය ගැනත් විමර්ශන පවත්වන්නේ නිශාන්ත සිල්වා මහතාය.
ගල්ගමුවේදී දරුවකු පැහැර ගැනීමේ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූයේ ද නිශාන්ත සිල්වා මහතා ප්රමුඛ කණ්ඩායමක් විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහළ කමෙන්ටුව ප්‍රනාන්දු නමැති මහතෙකු තැබූ සටහනක්... පැය 24ක් යන්නට මත්තෙන් ඇත්ත බව පේන නිසා නැවත මෙතනට කොපි කරමි... මෙය ශ්‍රී ලංකාවට ශිෂ්ඨ ලෝකය වෙත පිවිසීමට ඇති අවසන් අවස්ථාවයි.. ඉදිරියේදී රාජපක්ෂවරුන් විසින් රාජ්‍ය බලය යොදා සිදුකරන මැතිවරණයකින් ලබන ජය කිසිදිනෙක ගිලිහීමට ඉඩ නොදෙනු ඇත.. ජනතාවට මහින්දගෙන් පසු නාමල්ට නාමල්ගෙන් පසු ඔහුගේ දරුවන්ට කත් ඇදීමට සිදුවනු ඇත.. මානව හිමිකම් යන වචනය ශබ්දකෝෂවලින් ඉවත් වනු ඇත.. අවසානයේ පාන් ගෙඩියක් ගැනීමට මුදල් කරත්තයක් රැගෙන යාමට සිදුවනු ඇත.. රාජ්‍ය සැප විදිමින් ඊනියා දේශප්‍රේමීන් මිනිසුන් බැටලු රැලක් සේ හසුරුවනු ඇත.. ශ්‍රී ලංකාව නැමති මාගේ ආදරණීය මවුබිම සාමදානයේ සැතපෙනු ඇත.. ලංකාවේ නම මහින්දදීප හෝ නාමල්දීප ලෙස වෙනස් වුවත් දුක් නොවනු මැන... ඊට ඉඩ හසර ලබාදෙන්නේ ශ්‍රී ලාංකික ඔබම වන නිසාය.. ඉතාම සිත් වේදනාවෙන් ඔබ වෙත තැබූ පණිවිඩය නිමයි.. ස්තුතියි..
මේ ස්ථාන මාරු කියන පණිවිඩය කියන්නේ.. රට ගමන් කරවන්නේ නරක දිසාවටද?
පරිහානියේ අවසානයට ළඟාවෙමින් සිටියි. ජනතාවට අවශ්‍ය වන්නේ මෙය නම් තවදුරටත් මෙම රටේ සිටීමෙන් ඵලක් නොවනු ඇත. රාජපක්ෂ සහ ඔවුන්ගේ නඩයට රට කන්නට දී වෙනතක් බලාගනිමු.
බලය තහවුරු කරගන්නත් කළින් මෙහෙමනම් මෙයාලට බලය ලැබුණාම කොහොම තියෙයිද?
පොලිස් කොමිසම නිදිද?
අවුරුදු 70 ක දේශපාලන ඉතිහාසයේ සුපුරුදු තවත් එක් මොහොතක් පමණි. කියන්නේ එන්නේ රට වෙනුවෙන් කියාය. කරන්නේ පළමුව ආරක්ෂා වීමත්, දෙවනුව ඉපැයීමත්ය. ජනතාව කරන්නේ පෝලිමේ ඉඳලා, අතින් ගෙවලා ක්‍රීඩාව නරඹා දායකවීමකි. ජනතාව කැමති නම් කොහොම ක්‍රීඩා කළත් ක්‍රීඩකයන්ටද ගැටළුවක් නැත.
මේ හැරෙන්නේ පොල් පැලයට බව සියළු මාධ්‍ය සගයන් දැනගත යුතුය. තමන්ගේ මතය පමණක් නිවැරදි කියා සිතීමෙන් ඉතිරි වන්නේ පසුතැවීමක් පමණි. මධ්‍යස්ථ වන්න. එයයි යුතුකම.
මෙන්න මහින්දගේ ජාත්‍යාලය දෝරෙ ගලනවෝ...!!!
අනේ මෙහෙම තණ්හාවක්...!!! අනේ මෙහෙම ආශාවක්...!!! මිනිසුනි ලැබේද මින් සැනසීමක් ...!!! බලලෝභයෙන් මත්වෙලා වගේ... දක්ෂයා එළියට වැඩ නොකරන කෙනා...? ලෝකයා ඉදිරියේ ප්‍රෞඩ රටකට මොකද වෙන්න යන්නේ?
පොලිස් කොමිසම බුදිද?
සුලුතරයක් තියාගෙන ආණ්ඩුව කරන්න මේ තරම් දඟලන්නෙ ඇයි කියලා තේරෙනවනෙ. එදා පාර්ලිමේන්තුවෙ දැඟලිලි දැම්මෙ ඔක්කොම නඩු තියෙන අය බව රටම දැක්කා.
ඔන්න පුදනකොටම කාපි යකා. බහුතරය නැතිව මෙහෙමනම් බහුතරය ලැබුන පසු මොනවා නොකරයිද? ලංකාව නැවත අශිෂ්ට දේශයක් කරා ගමන ආරම්භ කර ඇත.
ඔය වද දීම් වලින් රටට හෝ රටේ ආර්ථිකයට හානියක් උනේ නැත, එමනිසා රට අගාදයට ඇදදැම්ම බැංකු කොල්ලය සම්බන්ධව සොයමු.
රටේ මිනිස්සු හැමදාම මුන් විශ්වාස කරනවා 70 ක් විශ්වාස කළා....... එහෙත් මුන් කලේ ඒ අයට ඕන දේ.....
මේකට තමයි මෙයාලා මෙච්චර දඟලන්නෙ. යුක්තිය අගයන සෑම කෙනෙක්ම මේ නීතිවිරෝදි රජයට විරුද්ධ විය යුතුයි.
අප්පච්චි වැඩ පටන් අරන් තියෙන්නේ.
සේවා යොමුව අවසන් උනාම ඔනම නිලධාරියෙක් මාරු කිරීම මම හිතන්නේ පොලිසිය තුල නිසි ලෙස සිදු විය යුතුයි.
ඔන්න ඡන්දෙට කලින් ප්‍රතිපල එනවා.