( අජන්ත කුමාර අගලකඩ )
ආණ්ඩුවට සහාය පළකිරීම සඳහා ලබන මස මුලදී ජනතාව යළිත් වරක් කොළඹට කැඳවීමට ආණ්ඩුවේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් අගමැති කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.
මේ අතර ආණ්ඩුවට සහය පළ කරමින් දිස්ත්‍රික මටිටමින්ද රැස්වීම් මාලාවක් පැවැත්විමට එහිදී තීරණය කළ බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසීය.
මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැනුම්වත් කිරීම ඇතුළු කටයුතු සඳහා මැති ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන මස මුල වෙනකොට මේ ආණ්ඩුව නොවෙයි තියෙන්නේ. විපක්ෂයට සහය පල කරන්න තමයි ඒ අයට එන්න වෙන්නේ...
නිකං බොරුවට මිනිස්සුන්ට ට්‍රැෆික් ඇති කරන්න එපා. ගිහින් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා එන්න...
මොන මළ කරදරයක්ද මේ? වැඩක් කරගන්නේ නැහැනේ..
දෙපැත්තටම කියන්න තියෙන්නේ තවතවත් ගොන් වැඩ කරකර රට බංකොලොත් කරන්න එපා කියලයි.. දන්නවනේ... රටේ ආර්ථිකය විශාල කඩාවැටීමකට යන විත්තිය. අන්තිමට රටේ දුප්පත් මිනිස්සු බැංකුවල ඉතුරු කරපු සල්ලිත් ආපහු ගෙවන්න බැරිවෙන මට්ටමට රට පිරිහීගෙන යනවලු මේ වැඩේ නිසා...
ඔය එන්නේ එජාපෙට පෙබරවාරිමාසේ ඡන්දේ දීපු ගොයියෝ ටිකමනේ. මොකක්ද රට අගාදයට වැටිලා තිබෙන වෙලාවේ තව මිනිස්සු එජාපෙට හැරුනානම් රට තිබිලා වැඩක් නැත.
මුදල් ගෙවා පමණක් ලංගම බස් රථ ලබා ගත හැකි බව මතක් කළ යුතුව ඇත. මහජනතාව ලයිට්කණු බඩ ගෑමත් අනතුරැදායක බව සළකමු. දින තුනක පාර්ලිමේන්තු පුටු ප්‍රහාර ,ගුටිකෙළි,මිරිස් කුඩු ප්‍රහාර,පිහි හරඹ වෙනුවෙන් කෝටි අටකට ආසන්න මුදලක්, විනාශ කළ භාණ්ඩවලට අමතරව වැයවී ඇති බව වාර්තාවේ. සාකච්ඡා මඟින් විසඳා ගතයුතුව ඇති ප්‍රශ්න එක එකාගේ බලපුළුවන්කාර කම් සහ නුගත්කම් පෙන්වීමට යාමක් අපි දකින්නෙමු. කොහොම වුනත් ජනතාවගේ පැත්තෙන් බලන අපට නම් පෙනෙන්නේ හිර ගෙවල්වල ලගින්න අකමැති කමත්,ලොකු කුට්ටිය ඩැහැ ගැනීමෙත් බොහෝ දෙනාගේ සටනක් පවතින බවකි. රටට සේවයක් කරන්න යාමක් නම් කිසිදිනක මෙසේ සිදුවිය නොහැකියි.
රාජ්‍ය කාර්යාල වැඩිපුරම තියෙන්නේ කොළඹ හා ඒ අවට පාලකයින් යැයි කියා ගන්නා අයගේ අනුවන ක්‍රියාවන් නිසාවෙන් දුක්විදින්නේ රස්තියාදු වෙන්නේ පාලකයින් ලංසු නොතබා ඔය පුටුවලට ගෙනා අහිංසක දුප්පත් ජනතාව. ඕනෑම දෙයක් මහජනයාගේ එදිනෙදා වැඩකටයුතු වලට බදා නොකර කරකියා ගත්තාට කම් නැත. මහජනයා කුපිත වුවහොත් ඇති විශාල ව්‍යසනයක් විය හැකි බව කොයි කවුරුත් සිහියේ තබා ගතයුතුවේ. උදාහරණ ප්‍රංශ විප්ලවය.
සෙනග නොවෙයි මුළු මුහුදම කොළඹට හැරෙව්වත් පාර්ලිමේන්තුවේ වැඩිබලය නැතිව කරන කිසිදෙයක් වලංගු නැති බව මෙන්ම ලෝකයේ කිසිවෙක් පිළිගන්නේ නැති බවත් ඉපදුන දා පටන් පාර්ලිමේන්තු අවා කියපු සාටක මහතා නොදන්නවා නොවේ කියා නොදන්නේ කවුද ?
අවුරුද්දෙන් අවුරුද්ද කොළඹට මිනිස්සු ගෙනල්ලා ආණ්ඩු මාරු කල හැකිද.?
ජය වේවා!
මොන ආණ්ඩුවටද බන්?
ගරු අගමැති මහින්ද රාජපක්ෂ කොතැනද අපිත් එනවා...
සෙනග ගේනවා කියල 113 හරියනවද, මේ දඟලන්නේ බහුතරය පෙන්න ගන්න බැරුවනේ. හරිම සරලයි, එත් මිනිස්සූ තේරුම් ගන්න උත්සහ කරන්නේ නැහැ. රනිල් නායකත්වයෙන් ඉවත් වෙලා, මහින්ද අනිත් ජනපතිලා වගේ විශ්‍රාම ගියානම් අද කිසිම ගැටළුවක් නැහැ.
දැන් කාටද ඔය පෙන්වන්න යන්නේ? අනේ ජනතාවටනම් දැන් එපා වෙලා... නරකද 113 නැත්නම් කරන එකෙකුට කුදගහගන්න කියල දීල බලාගෙන හිටියානම්!