නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්විය.
සභාවාරය ඇරැඹීමත් සමඟ දැඩි නොසන්සුන්තාවයක් ඇති විය.
විනාඩි හතක්වැනි කෙටි කාලයකදී අද පාර්ලිමේන්තුව කල් ලබන 23 වැනිදා උදෑසන 10.30 දක්වා කල් තැබු අතර පෙර පැවැති සභාවාර දෙකේදී මෙන් මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති නොවීය.
(36698)









(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මේ දේශපාලකයෝ හැමදාම කලේ අපේ බලාපොරොත්තු කඩකරන එකයි.
අම්මපා අපේ රටට ගිය කලක්... මේ ජනාධිපතිත් අගමැතිත් ඉතිහාස ගතවේ...
අයියෝ අපේ සල්ලි...
අද කිසි අාතල් එකක් නෑ වගේ... බලුපොරය දැක්කේ නැහැ.
මේ සියලු අගතිගාමී ක්‍රියාවලට ජනාධිපති වගකිව යුතුයි.
රනිල්ට තවදුරටත් අරලියගහ මැදුරේ සිටීමට ඇති බලය කුමක්ද?
සමනලී ඔයාට පුළුවන් අගමැතිගේ පුටුවට යන්න.
16 දෙනාගේ කණ්ඩායම සහ හිරේටයන්න ඔන්න මෙන්න තිබ්බ හොරු ටික එකතුවෙලා... රට අවුරුදු ගාණක් පස්සට අරගෙන ගියා... ආර්ථික වශයෙන් සිද්ද වුණු සහ වෙනදා යන අලාභය ගොඩක් දරුණුයි. තිබුණු ආණ්ඩුවේ දේවල් අනුමත කරන්න බැහැ... හැබැයි කලබල වෙලා කරපු දේ කොහෙත්ම අනුමත කරන්න බැහැ. අපරාදේ රට ඉවරකලා කාලකන්නි ටිකක්... මුන් මහින්ද ලඟ ඉන්න දේශපාලන අනාථයෝ...
අද දින තිරගත වීමට නියමිතව තිබූ පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටය නොවැළැක්විය හැකි හේතුවක් නිසා ලබන 23න් වනදාට කල්දැමූබව කණගාටුවෙන් දැනුම් දෙමු !!!
පාර්ලිමේන්තුව කැඳවන්නේ එක දිනකට දෙකෝටි පනස් ලක්ෂයක් වියදම් කරලයි. මේවා ජනතාවගේ මුදල් බව ජනාධිපතිතුමා මතක තියාගත්තොත් හොඳයි.
බලය බලහත්කාරයෙන් රඳවා ගන්න තැනට පත්වෙලා, චණ්ඩ අසෝක අධිරාජ්‍යයා, හිට්ලර් වැන්නෝ ලොව හිටියා. නමුත් මහජනයා තේරුම් ගනිද්දී බලහත්කාරයින් විසින් සියල්ල විනාශ කර හමාරයි ... අද විශේෂයෙන් ආසියාතික රටවල් ප්‍රතිපත්ති වෙනුවට පුද්ගල වන්දනාව නිසා සියල්ල විනාශ මුඛයේ දොරටුව පසුකර යයි. එවිට රටක අඳුරු යුගයේ ආරම්භය සනිටුහන් කරයි. ප්‍රංශයේ පැරිස් සිට මා දකින මට පේන අනාගතය තවත් මතයකටත් යමෙකුට ඉඩ විවරවේවි එය ආත්මාර්ථකාමී ද වියහැක... නමුත් කියවන පාඨකයා පෑන් තුඩේ කුරුටු අර්ථයේ මැදුම් පිළිවෙතේ පිහිටයි..!!!
සමනලී පාසල් ගිහින් තිබේද? සමනලී රනිල් තවම බහුතරයේ ඇති නීත්‍යානුකූල අගමැති බැවිනි... ස්තුතියි !!!
අනේ ඔය පාර්ලිමේන්තුවත් වල දාන්න ... ඔය පාර්ලිමේන්තුවෙන් ජනතාවට සෙතක් නෑ ..
14 දින සිට පාර්ලිමේන්තුව රැස්වූ කාලයේ දිනකට කෝටි දෙකහමාර බැගින් වියදම මේ සිද්ධිය ආරම්භකල අයගෙනුත් එයට දායකවූ සැමගෙනුත් අයකර ගතයුතුය එසේ නොකර මහජනයාගෙන් බදු ලෙස අයනොකල යුතුයි.......
මෙම අමන ක්‍රියාවලිය පටන්ගත් දා සිට පාර්ලිමේන්තුව පවත්වන සෑම දිනකම යන වියදම 225 දෙනාගේන්ම සම කොටස් ලෙස අනිවාර්යයෙන්ම නැවත අය කරගත යුතුවේ. එක් වාරිකයක් ලෙසය.
ගෙවී ගිය පාර්ලිමේන්තු දින හතරට වැය වූ මුළු මහජන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 1,028කි. මොන තරම් අපරාදයක්ද. මේවට අනිවාර්යයෙන් තමතමන් වගකිව යුතුවේවි.
මෙයට තමතමන් වගකිවයුතුයි කීම වැරදියි රටේ ජනතාව මෙයට පලිනැහැ. වගකිව යුත්තේ ගැටලුව ඇති කල අයත් එයට දායකවුණ අයත් පමණයි.....
බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාවාර්තාව ගැන විවාද කරන්න ඕගොල්ලන්ට අමතක වුනා නේද? සුමන්තිරන්ට දෙමළ පරිවර්තනය හම්බවුනේ නැහැ කියලා එ්ක කල් දැම්මා නේද? හොර ගෙඩියෝ ටික. එතකොට අර දිනපතා නඩු අහන විශේෂ අධිකරණය කෝ? නොවැම්බර් අන්තිම ඉඳන් නඩු අහන්න පටන් ගන්නවා කිව්වා නේද? අපිට ඒවා අමතක කරන්න මේ ගොල්ලන් අපිට නාට්‍ය පෙන්වනවා. මෙහෙමත් හොරු ටිකක්... දහදිය මහන්සියෙන් හම්බ කරගෙන ඉන්න එක නේද හොඳ? වැඩි හරියක් පන්සල් පල්ලිවල නේද ඔය ගොල්ලන් ඉන්නේ...
පාර්ලිමේන්තුව විසිරවිමේ බලය අත් හිටවූවා මිස පාර්ලිමේන්තුව කැදවීම අත්හිටුවා නොමැත. කන්න ඕන වුනාව කබරයා තලගොයා කරගන්න හැදුවට මේ තීන්දුව දුන්න ශ්‍රේෂ්ටාධිකරණය බව සිහි තබා ගන්න.
මහබැංකුවට වුණු දේම අරලිය ගහ මන්දිරයටත් වෙයිද?