හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අපහාස කළැයි ලුණුගල වතු කම්කරු කාන්තාවෝ පාරට බසිති බදුල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වතු දමිල කාන්තාවන්ට අපහාස කලේ යැයිකියන සිද්ධියක් සම්බන්දයෙන් ලුණුගල අඩාවත්ත තේ වත්තේ කම්කරු කාන්තාවන් පිරිසක් අද(26) දින දවල්තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදි පැයක් තිස්සේ උද්ඝෝෂණයක නිරතවිය. 26 May 2020
ඇඳිරිය කඩ කළ පුද්ගලයින්ට 7500 බැගින් දඩ කල්තොට පොලිස් බල ප්‍රදේශය තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයන් 28 දෙනෙකු අධිකරණය ඉදිරියේ වරදකරුවන් විම හේතුවෙන් එක් අයෙකුට රුපියල් 7500 බැගින් රුපියල් දෙලක්ෂ දස දහසක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (26) දා නියෝග කළේය. 26 May 2020
හත් වැනි දිනටත් ගතවු පැය 24 දී ඉන්දියාව ආසාදිතයින් 6000 ඉක්මවයි අඛණ්ඩව හත්වැනි දිනටත් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (26) 6 000 ඉක්මවූ අතර එම සංඛ්‍යාව 6,535ක් ලෙස දැක්විණි. 26 May 2020
ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම ගැන ඔස්ට්‍රියාවේ ජනපති සමාව ඉල්ලයි කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පනවා තිබූ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳ ඔස්ට්‍රියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් වැන්ඩර් බෙලන් සමාව ඉල්ලා තිබේ. 26 May 2020
කොරෝනා නිසා නෙදර්ලන්ත අගමැතිට මවගේ අවමඟුලට යන්න බැරි වෙයි නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය සීමා කිරීම සඳහා පනවා තිබෙන සීමා හේතුවෙන් නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට්ටේට සිය මවගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ. 26 May 2020
හිටපු පොලිස්පති ගොනු කළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම කල් යයි තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන්නැයි ඉල්ලා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු තහවුරු කිරීම සදහා ලබන සැප්තැම්බර් 10 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළේය. 26 May 2020
දඹුල්ල මහ නගරසබේ සෞඛ්‍ය කම්කරුවෝ දෛනික වැටුප පරිත්‍යාග කරති දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් 64 දෙනෙකු තම දිනක වැටුප කොවිඩ් 19 අරමුදල සඳහා පරිත්‍යාග කිරීම අද( 26) දඹුල්ල සති පොළ භූමියේදී සිදු කළහ. 26 May 2020
මැයි මාසේ 5000 ගන්න නම් සමෘද්ධි බැංකුවල ගිණුම් අරඹන්නලු කොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ සමෘද්ධි හිමිකම් නොලබන මහජනතාව වෙනුවෙන් රජය මගින් ලබාදුන් රුපියල් 5000 දීමනාව මැයි මාසයේදී ලබාදීමට නම් සමෘද්ධි බැංකුවල රුපියල් 100ක් ගෙවා සාමාජික නොවන ඉතිරිකිරීමේ ගිණුම් අනිවාර්යයෙන් ආරම්භ කරන ලෙස සියලුම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් වෙත සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් ආර්.පී.බී. තිලකසිරි මහතා ඉකුත් මැයි 17 වැනිදා නිකුත්කර ඇති ලිපියකින් උපදෙස් දී ඇත. 26 May 2020
’පාර්ලිමේන්තුව විසුරුවිමේ ගැසට්ටුව ඉවත් කරන්න ජනපතිට නීතියෙන් බලය නෑ’ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට නීතිමය ප්‍රතිපාදන සලසා දී නැතැයි නීතිපතිවරයා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියාය. 26 May 2020
අන්තර් පළාත් බස්රථ කොළඹට නොපැමිණීම තේරුමක් නැති වැඩක් පළාත් අතර ධාවනය කරන බස්රථ කොළඹට පැමිණීමට ඉඩ ලබා නොදීම පලක් නැති වැඩක් බවත් ඊයේ දවස තුළ බස්රථ ධාවනය කරද්දී පෙනී ගිය බවත් ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය කියයි. 26 May 2020
ඇඳිරිය කැඩු 20,926 කට නඩු ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දිවයින පුරා මේ දක්වා අත්අඩංගුවට ගත් පිරිසෙන් 20,926 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි. 26 May 2020
ලංගම රියදුරු-කොන්දොස්තර නිවාඩු අවලංගුයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අද (26) සිට අවලංගු කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක මහතා පවසයි. 26 May 2020
සමගි ජනබලවේගයෙන් විගණකාධිපතිවරයාට ලිපියක් වියදම් සහ ණය ගැනීම් සදහා වන පාර්ලිමේන්තුවේ අවසරය ඉකුත් අප්‍රේල් 30 දිනෙන් කල් ඉකුත් වී ඇති බැවින් දැනට සිදුවන රාජ්‍ය වියදම් දැරීම් සහ ණයට ගැනීම් නීත්‍යානුකූලද යන්න සොයාබලන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ සාමාජික හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා වෙත ලිපියක් භාර දී තිබේ. 26 May 2020
ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ ඇතුළු 2 ක් රිමාන්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දුයවන ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු ජූනි 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද(26) නියෝග කර තිබේ. 26 May 2020
වැල්ලම්පිටියේ කර්මාන්ත ශාලාවක ගින්නක් වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ කර්මාන්තශාලාවක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇති බව කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව කියයි. 26 May 2020
බස්නාහිර සිරව සිටි 2000 ක් ගම්බිම් යවති ඇඳිරි නීතිය හේතුවෙන් බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස දෙකක දින 66ක් පුරා සිර වී සිටි 2000 පිරිසක් ගම් බිම් බලා යැවීමෙ වැඩ සටහනක් බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) උදෑසන පිළියන්දල බස් නැවතුම්පළ භූමියේ දී සංවිධානය කර තිබුණි . 26 May 2020
ගම්පහ-ගාල්ල මුල්‍ය සමාගමක තැන්පත්කරුවෝ උද්ඝෝෂණයක ගාල්ල සහ ගම්පහ පෙදෙස්වල ගනුදෙනුකරුවෝ පිරිසක් මූල්‍ය ආයතනයක් වසා දැමීමට විරෝධය පළ කරමින් සහ සිය තැන්පත් මුදල් ආපසු ලබා දෙන ලෙස ඉල්ලා අද (26) උද්ඝෝෂණයක නිරත වුහ. 26 May 2020
කූට වෙළෙඳුන් මඬිමු: ගොවීන්ට උදව් දෙමු ‘‘දඹුල්ලෙන් වීසි කළ කුණු ලූනු කිලෝ 3000ක් කැකිරාවේ ගේක ගබඩා කරලා: අලුත් ඒවාට කලවම් කර විකුණන්න හදද්දී මාට්ටු’’ ‘‘මොනරාගල වට්ටක්කා තුට්ටු දෙකට වැටිලා: වෙළෙන්දෝ එන්නෙත් අඩුවෙන්: ඉල්ලන්නෙත් කුණු කොල්ලෙට’’ 26 May 2020
පොල්ගහවෙල දුම්රිය ස්ථානයට විශාල මගින් පිරිසක් රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ රැකියා සඳහා යාමට පොල්ගහවෙල දුම්රිය ස්ථානයට අද (26) උදෑසන විශාල මගීන් පිරිසක් පැමිණ සිටි ආකාරය දක්නට ලැබිණි. 26 May 2020
බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට මගීන් රැසක් ඇඳිරිනීතිය ලිහිල් කිරීමත් සමඟ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට විශාල මගීන් පිරිසක් පැමිණ සිටි ආකාරය දක්නට හැකිවිය. 26 May 2020
අම්බලන්ගොඩ නගරයේ කඩපෙළක් ගින්නකින් විනාශයි අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පරණ කොළඹ පාරේ (මහ වීදිය) අද (26 ) අලුයම් කාලයේ ඇතිවූ හදිසි ගින්නකින් දෙමහල් වෙළදසල් හතරක් මුලුමණින්ම ගිනිගෙන විනාශවිය. 26 May 2020
අයිස්ලන්තයේ කොරෝනා අවදානම අඩුවෙයි : අනතුරු ඇඟවීම් ලිහිල් කරයි අයිස්ලන්තයේ කොරෝනා වයිරස සම්බන්ද අනතුරු ඇඟවීම් ලිහිල් කර තිබේ. 25 May 2020
ඇමෙරිකාවේ මරණ ලක්ෂයට ළඟා වෙද්දි ට්‍රම්ප් ගොල්ෆ් ගසයි නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මියගිය ගණන පළමු ලෝක යුද්ධයේදී යුද පිටියේ තුවාල ලබා මියගිය අය මෙන් දෙගුණයක් යැයි ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. 25 May 2020
කටාර් සිට ලාංකිකයන් ගෙන ඒම තාවකාලිකව නවතී කටාර් රාජ්‍යයේ සිට හෙට (26) දින ශ්‍රී ලාංකිකවට රැගෙන ඒමට සැලසුම් කර සිටි පිරිස මෙරටට ගෙන ඒම තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කළ බව විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය . 25 May 2020
ස්පාඤ්ඤය ප්‍රධාන නගරවල ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කරයි නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු ස්පාඤ්ඤයේ ප්‍රධාන මාස දෙකකට පසුව අද (25) විවෘත කෙරිණි. 25 May 2020
කොරෝනා අසාදිතයින් ගණන 1182 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1182 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 25 May 2020
රූපවාහිනියේ වැටුප් ගෙවන්න කෝටි 20ක ණයක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සේවකයන්ගේ මැයි සහ ජූනි මාසවල වැටුප් ගෙවීම හා අනෙකුත් වියදම් පියවාගැනීම සදහා රුපියල් කෝටි 20ක ණය මුදලක් ලබාගැනීමට තීරණය කර ඇත. 25 May 2020
අන්තර් පළාත් බස් රථ ධානය සඳහා පෞද්ගලික බස් 3 200 ක් හෙට සිට ආරම්භ කෙරෙන අන්තර් පළාත් බස් රථ ධාවනය සඳහා පෞද්ගලික බස් රථ 3 200 ක් සූදානම් කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් නිලාන් නිරැන්ඩා මහතා පවසයි. 25 May 2020
‘විදේශගත ලාංකිකයන් ගෙන්වා ගැනීම ගැන සලකා බලන්න සිදුවෙනවා‘‘ විදේශගත ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය ගැන යළි සලකා බලන්නට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. අද (25) දිනයේදී කොරෝනා රෝගීන් 41 දෙනෙක් වාර්තා වූ අතර ඔවුන්ගෙන් බහුතරය කුවේට් සිට පැමිණි පිරිස අතරේ සිටි අය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කීය. 25 May 2020
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම්ල සලකා බැලීම හෙට සයවැනි දිනයටත් ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ හෙට (26) සයවැනි දිනයටත් වැඩිදුර සලකා බැලීමට නියමිතය. 25 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026