
(ඩයනා උදයංගනී)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් සකස් කළ යෝජනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කර ඇති කමිටුව වෙත භාරදීම හෙට (26) සිදුකෙරේ.
මෙම යෝජනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කමිටු සභාපති ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී හෙට (26) පස්වරු 5.30ට භාරදෙන බව එම පක්‍ෂය පවසයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පක්‍ෂ යෝජනා ලබාදීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති, ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් පත්කරනු ලැබුවේ ඉකුත් වසරේ අගෝස්තු මාසයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණා කරලා අර ද්විත්ව පුරවැසි කොටස ඉවත් කරන්න. මේ හොරුමුල හින්දා ඉන්දියාව අපිව ලස්සනට යටත් කරගන්න යන්නේ අපිටම කොකා පෙන්නලා. චීනය එක පැත්තකින් කාගෙන කාගෙන යනවා.