
(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දිවයින පුරා ඉදිකිරීමට නියමිත "සුහුරු (SMART) බස් නැවතුම්පොළ ව්‍යාපෘතියේ පළමු බස් නැවතුම විවෘත කිරීම මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජගිරිය ප්‍රදේශයේ දී අද (25) සිදු කෙරිණ.
නොමිලේ වයි-ෆයි පහසුකම, රූපවාහිනි නැරඹීමේ හැකියාව ,ජංගම දුරකථන ආරෝපණය කිරීමේ පහසුකම , 24 පැය පුරා ක්‍රියාත්මක වන ආරක්ෂක කැමරා පද්ධතියක් සහිත වීම ඇතුළු පහසුකම් රැසකින් මෙම බස්නැවතුම්පොළ සමන්විත වේ.
මේ යටතේ බස් නැවතුම්පොළ 3000ක් ඉදිකිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් නැවතුම් විවෘත කරන්නත් දැන් කැබිනට් ඇමැතිවරු යනවා.
සමූපකාර හොරා කෑවානේ...
මොන ජනතා මුදල් නාස්තියක්ද, බසය එනතුරු සිටිනවා මිස TV, ඔන්ලයින් වලට? ඔක බස් නැවතුමක්ද නැත්නම්? මුරටත් දමන්න වේවි නේද?
ඔතන ඉඳගෙන ඉන්න ගමන් පොඩි අඩියකුත් ගන්න පුළුවන් නම් තවත් හොඳයි නේද ජොනී..?
වෙන රටවල මේ හෝල්ට් ඇතුලේ දාන්නේ මාර්ග සිතියම් කාල සටහන්... ඒකට මේ රටේ දේශපාලන වදන් ඔවුන් මුහුණත් තහඩු...
ඊළඟ බස් එක එන වේලාව තමයි මගියාට ගොඩක්ම වැදගත්... එහෙම නැතිව පාරට ඇවිත් TV බල බලා ඉන්න එක නෙවෙයි. කොහෝම වුණත් කරලා තියෙන වැඩවල හැටියට වැඩේට ලකුණු ලැබෙනවා.
හදිසියේ වාහනයක් ලිස්සලා ආවොත්? පැනගන්න අඩි 03ක පමණ ප්‍රමාණයක් පිටුපස තිබිය යුතුයි. යුරෝපයේ සෑම රටකම එහෙමයි හදන්නේ... ලංකාවෙත් එහෙම වෙලා මැරුණා.. කකුල් කැඩුණා.
මේවා හැදුවට වැඩක් නැහැ... මේවා පරිසිදු කරන්න සහ නඩත්තු කරන්න පිළිවෙලක් නැතිව ටික දවසකින් ටීවී සහ ඩිජිටල් ඔරලෝසුව අබලන්... ඊළඟට ලෝකෙම තිබෙන පෝස්ටර් ගහනවා. ලංකාවේ අලුතින් හෝ පැරණි දේවල්වල තත්වය දිහා බලන්න කිසිම නඩත්තු කරන්න පිළිවෙලක් නැහැ... අපරාදේ සල්ලි...
ඒක විවෘත කරන්න උත්සවයක්... ටයි දාගෙන... මේවා තමයි ලෝක විහිලු.
මුලු ලෝකෙම ෆයිබර් හරහා නිවෙස්වලට අන්තර්ජාල පහසුකම් දෙන්නෙ Unlimited පැකේජ විදියට. ලංකාවේ ටෙලිකොම් සමාගම මිනිස්සුන්ව හූරන් කනවා. මේවාට විසඳුම් නොදී විහිලු වැඩ කරනවා...
ඕවා නොවෙයි. හදන්න ඕනේ වැසිකිළි පහසුකම්. කොළඹ හරියට යන්න තැනක් තිබෙනවද? මෝඩයින් රජවුණාම ඔහොම තමයි .