(බිඟුන් මේනක ගමගේ)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් හැටියට සුදුසුකම් ලැබූ උපාධිධාරින් දෙසීයකගේ පත්වීම් වසරකට අධික කාලයක් තිස්සේ පමාවෙමින් තිබෙන්නේ එහි ගොඩනැගිලිවල ඉඩකඩ මදිවීම හේතුවෙන් යැයි කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියයි.
කොමිෂන් සභාවේ ගොඩනැගිලි එහි සේවා සඳහා ප්‍රමාණවත් නොවීම කලක් තිස්සේ පවතින ගැටලුවත් වුවත් ඊට පිළියමක් මෙතෙක් ලැබී නැතැයි එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පවසයි.
පත්වීම් සඳහා සුදුසුකම් ලැබූ උපාධිධාරින් පිරිස නිරන්තරයෙන් කොමිෂන් සභාවට දුරකථන ඇමතුම් දෙමින් සිය පත්වීම් පමාව ගැන කරුණු විමසීම නිසා එහි නිලධාරින් ද දුෂ්කරතාවයට පත්ව ඇතැයි එම නිලධාරියා සඳහන් කරයි.
විමර්ශන ක්‍රියාවලිය සඳහා පොලිස් නිලධාරින් පමණක් ප්‍රමාණවත් නොවන බැවින් විමර්ශන අංශය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් මෙම විමර්ශන කණ්ඩායම බඳවාගැනීම සිදුකරනු ලැබුවේ එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාගේ අධීක්ෂණයෙන් යැයි ද ඔහු පවසයි.
මෙම බඳවාගැනීම සඳහා තරග විභාගයට අයැදුම්පත් කැඳවීම 2018 ජුනි 8 වැනිදා ගැසට්ටුවකින් සිදුව ඇති අතර ඊට අදාළ විවෘත තරග විභාගය කොළඹ ඇතුළු නගර හයකදී 2018 ඔක්තෝබර් 27 පවත්වා ඇත.
එයින් සමත්වූ 407 දෙනකුගේ නම් ලැයිස්තුව 2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩට ආවයි කියලා මොකෝ... එක නඩුවක්වත් ගෙනියන්න දෙන එකක්ද? ඔන්න ඔහේ ගෙදරම හිටපුවාවේ.. බොරුවට කාලයයි, ඇඳුම් පැළඳුම් වියදම් කරගෙන දවස ඉවර කරන්න එන යන එකත් අපරාදෙ නේ.
වහලාම දාන්න. හරියට කරපු එකක් කියන්න. ඉඳලා හිටලා කන්තෝරුවක ලියන්නෙක්, ග්රාමනිළධාරියෙක් කොටු කරනවා ඇරෙන්න, රටේ සල්ලි, වෙලාව නාස්ති කරනවා..
අල්ලස නීතිගත කරලා තියෙන්නේ ඉතින් කට්ටිය මොකටද හොයන්නේ?.
ඔය ඒකකයෙන් අල්ලපු එක නඩුවක් තියෙනවද? එල්ලුවත් අල්ලන්නේ අසරණ රජයේ සේවකයෙක් මිලියන, බිලියන ගණන් හොරකම් කරන එක හොරෙක් අල්ලලා තියෙනවද? ඉන්න අය ඔක්කොම ඩීල්කාරයින්...