(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීක වීරරත්න)
පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යංශ ගෙන යෑම සඳහා නව කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා (ස.ජ.බ) මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
අමාත්‍යංශ තුනක් ලෝක වෙළෙඳපොළ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන බවත් මින් අමාත්‍යංශ දෙකක කාර්ය මණ්ඩල පමණක් ඊට යොමු කරනු ලැබ ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
රජය පුළුවන් තරම් වියදම් අඩුකර ගැනීමට පියවරගෙන ඇතැයි කී කබ්රාල් මහතා ආර්ථික කටයුතු සඳහා පසුගිය රජය සමයේදී ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මහල් කීපයක් ලබාගෙන තිබුණ ද වර්තමාන රජය ඒවා ලබා නොගත් බව ද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රීසිය වගේ රටක් අල්ලාගෙන බැඳුම්කර ගනුදෙනුවක් කරන්න බැරිවෙයිද? ඔය විය හියදම් වගේ 10 ගුණයක් හොයාගන්න පුළුවන් වෙයි.
මෙයා දවල් හීන දකිනවා. වියදම කෙසේ වෙතත් දූෂණය, නාස්තිය නම් පේන්න තියෙනවා.
අලුත් බිල්ඩිමේ කොමිස් එක කාටද?
සභීතගේ බිල්ඩිම වගේ එකක්ද?
ඔහෙලා වගේ හොරු රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් පින්බත් කන එක නවතන එක තමයි වියදම් අවම කරන එකම විදිය...
ඉතාමත් හොඳ අදහසක්. මෙය මීට අවුරුදු 25කට විතර කලින් කරන්න තිබුණු දෙයක්. දැන් හරි ඒක කලොත් අවුරුද්දකට කෝටි ගණනක් ඉතුරුයි.
මුලින් තමන් වියදම අඩුකරන්න...
බොරුම තමයි කියන්නේ...