
පාසල නිමාවී නිවෙස බලා වෑන් රථයකින් ගමන්ගත් පෙර පාසල් දරුවකු ඇල්ල - වැල්ලවාය මාර්ගයේ හුණුකැටිය හන්දිය ආසන්නයේ දී වෑන් රථයෙන් එළියට විසිවී තුවාල ලබා මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පරගහආරාව ඌවකරඳගොල්ල පදිංචි පස් හැවිරිදරුවකු මෙසේ මියගොස් ඇත.
ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ දොර විවෘත වීමෙන් එළියට විසිවූ දරුවා එම වෑන් රථයෙන්ම වැල්ලවාය රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම හුරුබුහුටි දරුවෙක්. දැකීමත් හද කම්පා කරවනවා. නැවත යහපත් මනුෂ්‍ය භවයක ඉපිද නිර්වාණය ලබත්වා...!!!
පුතේ ඔයාට නිවන්සුව ලැබේවා..!!!