(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"විපක්ෂ නායකතුමා ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තේරුම් ගැනීමේ හෝඩියේ පන්තියේ" යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
"පාස්කු ප්‍රහාරය සම්බන්ධ දේශපාලන විමර්ශනයකින් තොරව පිපිරවීම කළේ කවුද? පසුපස සිටියේ කවුද ?ආදිය පමණක් බලා ප්‍රමාණවත් වන්නේ නැහැ .ප්‍රහාරය සඳහා බලපෑ දේශපාලන හේතු මොනවාදැයි සොයා බැලිය යුතුයි. සහරාන් කරගෙන ගියේ ලංකාවම ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත් කිරීමේ වෑයමක්. එය දීර්ඝ කාර්යභාරයක්. එම දිග වැඩෙි පසෙක තබා ඔහු පුපුරුවා මියගියේ ඇයි? ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි. එකල පොලීසිය භාරව සිටි රනිල් වික්‍රමසිංහ මහතාට කොමිෂන් වාර්තාවෙන් යම් නිර්දේශයක් නොතිබීම ගැන මට කේන්තියක් තිබෙනවා යැයි මං වාසුදේව නායක්කාර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂ නායක විතරක් නොවේ. ඔයා ඇතුළු 225ම ඉන්නේ හරියට වැස්සටවත් ඉස්කෝලේ නොගිය ගාණට කියලා අපි නම් දන්නවා.
හරියට හරි. හෝඩියේ ප්‍රතිපත්ති අයයි, මහලු මඩම්වල ඉන්න ඕන අයයි තමයි ඔතන ඉන්නේ.
විපක්ෂ නායකතුමා තාම ඉන්නේ හෝඩියේ පන්තියේ නම් පාර්ලිමේන්තුවේ ඔබේ හැසිරීම හරියට මොන්ටිසෝරි ළමයෙක් ගානයි. අතීතය අපට අමතක නැත...
ඔබ ඉන්නේ අඳ, ගොලු, බිහිරි පාසලේ හෝඩියේ වෙන්න ඇති.
ඔබතුමා ඉන්නේ පිස්සන් කොටුවේ වගේ...
සමසමාජ කොමියුනිස්ට්කාරයෙක් ප්‍රජාතන්ත්‍රවාදය ගැනද කියන්නේ?
තමුන් ඉන්නේ මොලේ උඩ.... මේ වෙනකොට ඉන්න ඕනේ මහලු මඩමේ.
සජිත්ව හෝඩියේ පන්තියට දාලා ඔයාට මහලු මඩමකට යන්න බැරිද?
සහෝදරයා..! ඔබ ඉන්නේ හොර ධනපති පන්තියේ...
ඒකනේ... මේ මනුස්සයා වගේ ඉක්මණට ලොකු වෙන්න ඕනේ...
ඒ කාලේ අපිත් දෙකේ පන්තියට ගියාම හෝඩියේ අයට නුඹලා තාම හෝඩියේ කියලා හූ කියනවා. හැබැයි තුනේ, හතරේ පන්තිවලට ගියාම ඒ උද්දච්ච සිතුවිලි නැතිව ගියා.
කොහොමත් එයා සදහටම හෝඩියේ තමයි...