
(පුෂ්පකුමාර ජයරත්න
එක්දහස් නවසිය අනූහතේ සිට පවතින තම වැටුප් විෂමතාවයට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති එකමුතුව අද (25) පස්වරුවේ කුරුණෑගල නගරයේදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූූහ.
මෙම විරෝධය හේතුවෙන් කුරුණෑගල නගරයේ ප්‍රධාන මාර්ග සියල්ලම අවහිර වී නගරයේ දැඩි රථවාහන තදබදයක්ද ඇති විය. රථවාහන ගමනාගමනය අවහිර වීම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටියහ.
කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක විරෝධතාකරුවන් ගමන් කිරීම හේතුවෙන් නාවින්න මංසන්ධියේ සිට ඔරලෝසු කණුව දක්වා වන මාර්ග කොටසේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පොලීසියට සිදු විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමකාමී උද්ඝෝෂණ මිස පාරවල් වැසීම නීති විරෝධියි. එය මිනිස්සුන්ගේ නිදහස් සංචරණ සීමා උල්ලන්ඝනය කිරීමක් හෝ වරදින්න හෝ මේවාට නායකත්වය දුන් අයට නඩු දැමිය යුතුයි...
ගුරු හොරුනේ දැන් ඉන්නේ. ඉස්කෝලේ පන්තියේ ළමයි අනිවාර්යයෙන් ගුරුගේ ටියුෂන් එන්න ඕනෑ. අවුරුද්ද අන්තිමට මාල, වළලු... තෑගි, සාරි, අවුරුද්ද අන්තිමට දෙන්න ඕනෑ. ඒ අයට ගහලා එළවන්න ඕනෑ.
බලය ලබාගැනීමට දුන් පොරොන්දු දැන් පස්සෙන් එනවනේ...