( බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ශ්‍රී ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියන්ගේ ලේකම් ධූරය හෙබවූ බටපොල මේධානන්ද හිමියන් වැඩම කළ වෑන් රථයේ වීදුරුව කඩා බැංකු පොත් සහ ලිපි ලේඛන රැසක් සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
බටපොල මේධානන්ද හිමියන්ට අයත් වෑන් රථයෙන් මිරිහාන ගල්පොත්ත විහාරස්ථානයේ සිට ගල්කිස්ස ධර්මපාලා රාම විහාරස්ථානයට වැඩම කර ඇති අතර අනතුරුව වෑන් රථයේ රියදුරු වෑන් රථය විහාරස්ථානය පිටුපස සංඝමිත්තා පාරේ ගාල්කර තිබේ.
පැය කිහිපයකට පමණ පසු වෑන් රථයට පැමිණී අවස්ථාවේ රියැදුරු අසුන අසල ඇති වීදුරුව කඩා තිබෙනු දැක ඒ බව බටපොල මේධානන්ද හිමියන්ට දන්වා ඇත.
පසුව පරික්ෂා කිරීමේදී එහි තිබූ බැංකු පොත් හා අනකුත් ලිපි ලේඛන සොරාගෙන ගොස් ඇති බවට දැනගෙන තිබූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපාගත වෙන විදියේ හොර වැඩ කරන මහා පරිමාණයේ හොර, දූෂිතයින් පවා ඉන්න රටේ මේවා මොනවද?
හිමිවරුන්ට ලේකම්වරු, බෑන්ක් නෝට්, යානවාහන වෙන මොනවද අඩු..? මේ වගේ දේවල් වලට මොනවද කළේ?
හාමුදුරුවෝ බැංකු පොත් මොනවට අරගෙන ගියාද ඔතනට? ඉන්න පන්සලේ තියලා යන්න බය හිතිලා වත්ද?
අපාය තියෙන්නෙත් දුප්පත් හොරුන්ට විතරයි.
බෑන්ක් කවුන්ට් තබා ගැනීමද? හෙලි කිරීමද?
නිවන් දැකීම එකම අරමුණ වුණු හාමුදුරුවන්ට මේ වගේ සුඛෝපභෝගි වාහන මිලදී ගැනීමට හැකි වූයේ කෙසේද? අපායේ යා යුත්තේ සොරා පමණක්ද?
මොන ජගතාටවත් බංකු පොතත් සමග අපාගත වෙන්නේවත්, නිවනට යාමටත් නොහැක.
හොරකමට අපාගත වුණත්, කරපු පින්කමට ඉක්මණින් අපායෙන් මිදෙයි..
වාහනය සේප්පුවක් නොවේ. නායක හාමුදුරුවෝ මෙවැනි සුලු දෙයක්වත් දැනගෙන හිටියේ නැද්ද? ලංකාව හොර ගුහාවක්. ලොක්කන්ගේ ඉඳන් හිඟන්නා දක්වාම හොරකම් කරන රටක්.
සෞභාග්‍යයේ දැක්ම..
හොරා යන්නේ දිව්‍ය ලෝකේ... හාමුදුරුවන්ට මොකටද බැංකු පොත්, චෙක් පොත් ... ඇතැමුන් සිවුරු ඇඳගත්තු බිස්නස් කාරයින්.
බිමල් මහත්තයෝ හොරු විතරද අපාගත වෙන්නේ? හොර මැරකම් කරන මැති ඇමතිවරු දිව්‍ය ලෝකෙ යනවද? දන්නේ නැති නිසයි අහන්නේ...
මෙතන ගොඩක් කමෙන්ට් තියෙන්නේ හොරාව සාධාරනීකරණය කරලා. කුඩ්ඩන්ට ආදරේ කරලා බලන්නට බැරිය. ප්‍රශ්නේ තමාගේ වුණාම ඔය වගේම දාර්ශනික විදියටම මෙයාලත් වැඩ කරයිද කියලා... ඇයි හාමුදුරුවන්ට බැංකු පොත් තියාගන්න බැරිද? ලිපි ලේඛන තියා ගන්න බැරිද? ඕනෑම පන්සලක ඉන්නවා වාහනේ පදින මනුස්සයෙක්. ඔය ලේකම් පට්ටම ඒ මනුස්සයාගේ... ඒ මනුස්සයා තමයි හාමුදුරුවන්ගේ ආවතේව ඔක්කොම කරන්නේ. පන්සලකට බත් ඇටයක් පූජා කරපු නැති මිනිස්සු මෙතන පොර ටෝක් දෙනවා. වැස්සකටවත් පන්සලකට ගොඩ වුණා නම් ඔහොම අලුගුත්තේරු කතා කියලා පව් පුරවා ගන්නේ නෑ. පුළුවන් කාලේ කට වාචාලකමට කියවනවා. මරණ මංචකයේදී තමන්ට මතක් වෙයි. තමන් ගරුතර සංඝ රත්නයට අපහාස කරපුවා වගේ රඟේ. තෙරුවන් සරණයි!
මේක බෞද්ධ රටක්ලු...!