(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් යෝජනාවෙි පිටු 15කම තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්රජාතන්ත්ර විරෝධී පාලන ක්‍රමය ගැන යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි .
එම වාර්තාවේ සම්පූර්ණ පිටු ගණන දාහතහමාරක් බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේ ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
කිරිඇල්ල මහතා මෙසේද කීය.
සභානායකතුමා යෝජනාව පිළිබඳ සඳහන් කළත් එතුමා යෝජනාව පාර්ලිමේන්තුවේ කියවූයේ නැහැ .එම යෝජනාව කියවන්නැයි මම ඉල්ලීමක් කරනවා.එහි යුද්ධය ගැන සඳහන් වී ඇත්තේ පිටු දෙකහමාරක පමණයි.පිටු 15ක තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වූ පසුව විනාශ වූ ප්රජාතන්ත්රවාදය ,මාධ්‍ය නිදහස , සුළු ජාතීන්ට හිරිහැර සිදු කිරීම යන කරුණු පිළිබඳවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරිඇල්ල කියන්නේ බලය තියෙනකොට බලයෙන් දෑස් අන්ධ කරගෙන හිටපු කෙනෙක්. පාර්ලිමේන්තුවේ කාටවත් නිදහසේ කතාකරන්න දුන්නේ නැහැ. මේ දඟලන්නෙත් රටට වඩා ආණ්ඩුවට ලෙඩක් දාලා බලය ගන්න ක්‍රමයක් හදාගන්න. ඒක වෙනම කතාවක්. ඒත්, යෝජනාවෙන් වැඩිපුරම කියවෙනවා කියන්නේ මේ රජය පත්වීමෙන් පසු සිදුවූ දේවල් ගැනලු. කරුණු එසේ නම්, යෝජනාව පැරදීම පුදුමයක් නම් නොවෙයි. කෙසේවෙතත්, යෝජනාව අඩංගු කරුණු රටට හෙළිකළ යුතුයි. ජනතාව සත්‍යය දැනගත යුතුයි.
අපි දන්න තරමින් ගෝඨාභය මහතා කිසිම ප්රජාතන්ත්ර විරෝදී ක්‍රියාවක් කර නැහැ. යහපාලකයින් තමයි ඊනියා ප්රජාතන්ත්රය රකින්න සුළු ජාතීන්ට රටේ මුල් තැන දීලා මහජාතියේ බලය හීන කලේ. අනික අපි දැන දැන තමයි ඔබලා කීව හිට්ලර් කෙනෙක් බලයට ගෙනාවේ. අපිට දැන් තිබෙන ප්රශ්නය එතුමා හිට්ලර් කෙනෙක් ලෙස ක්‍රියා නොකිරීමයි.
එහෙනම් ඉතිං හොඳටම පැහැදිලියි මේක දේශපාලනමය පලි ගැනීමක් බව. ආණ්ඩු විරෝධීන් බල ලෝභිත්වය උදෙසා ඔය කොමසාරිස්ට බොරු ගොතලා කියලා ගහපු යටිමගඩි වැඩක්. කිරිඇල්ල මහත්තය සේරම දන්නවා වගෙයි.
යුද්දේ කාලෙට වඩා ඉතා දරුණු විදියට මානව හිමිකම් උල්ලංඝනය වෙනවා. දැන් රට පුරාම. 20 වෙනි සංශෝධනයම මානව හිමිකම් උල්ලංඝනයක්. රාජ්‍ය ආයතන වලට හමුදා නිලධාරින් යොදවා සේවකයින්ව අනියමින් බිය වද්දා ක්‍රමයෙන් හමුදා පාලනයකට නතු කිරීම තවත් උග්‍ර මානව හිමිකම් උල්ලංඝනයක්. රාජ්‍ය නායකයා එළිපිටම වක්‍රාකාරයෙන් මරණ තර්ජන එල්ල කරනවා නම් ඔහුගේ පාලනය මානව හිමිකම් රකියිද? මානව හිමිකම් කොමිසම අක්‍රීය කරලා හීලෑ කරගෙන, අනෙකුත් සියලු කොමිසම් හීලෑ කරගෙන ඒකාධිපති ගමනක් යනවා චණ්ඩිකමෙන්. රාජ්‍ය නායකයා මානව හිමිකම් රකිනවා තබා මානව හිමිකම් කියන්නේ මොනවාදැයි නොදන්න ගානයි...
අපගේ මතකය දිව යනවා වසර කීපයකට පෙර "දියවන්නාව පට්ටියේ " ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් යයි මහා හඬින් තප්පුලමින් "කියපු කතාව"....
කරුණාකර මිනිසුන් දැනුවත් කරන්න. පාලකයා පෙන්නන්නේ මේ රණවිරුවෝ දංගෙඩියට ගෙනියනවා කියලා.
කිරිඅැල්ලට අමරුද දන්නෑ... යහපාලනයෙන් අත්සන් කරලා මානව හිමිකම් කඩවුනා ලංකාවේ කියලා කියපුවෑ ප්‍රතිඵල ඔය තියෙන්නේ.. ඔවුන් කියන පදෙට නටනවා නම් යහපාලනේ වගේ කිසි ප්‍රශ්නයක් නැහැ.. අපේ ජනාධිපතිතුමා කොන්ද කෙලින් තියාගෙන කතාකරන එක පිට රැටියන්ට දරාගන්න බැහැ.
පක්ෂය මොකක් වුණත් තමන්ගේ රට ආරක්ෂා කරන් ඉන්න. නැත්තන් ආවා කියලා ඔය යෝජනා වෙනස් වෙන්නේ නෑ. ශක්තිමත් විපක්ෂයක් හදාගෙන රටේ ප්‍රශ්න රට ඇතුළේ කතාකරලා මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගෙන ආණ්ඩු බලේ ගන්න... එහෙම කළොත් මීලඟ ඡන්දෙන් හොඳ නායකයෙක් පත්කර ගන්න පුළුවන්. ඒත් එහෙම පාටක් පේන්නවත් නෑ.
කිරිඇල්ල, තමුන් වසලයෙක් බව බහුතරයක් දන්නවා. කට ඇරියොත් පළාතම ඉවරයි...
අම්මේ... හරිම සතුටු ඇති. මේ වගේ ජනතා සේවකයෝ. කුහකකම පෙරෙනවා. ‘‘ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා හිතපු නිසා වෙන්න ඇති යුද්ධය ගැන පිටු දෙකහමාරක් ලියන්න ඇත්තේ...
කිරිඇල්ලගේ වගතුග හොයන්නේ නැතිව කිරිඇල්ල කියපුවා ගැන සාකච්ඡා කරන්න. එයා කියපුවා ඇත්ත... මේක පැරදුනේ රාජපක්ෂවරුන්ගේ වැරැදි නිසා..
ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් වගේම, යහපාලනය කාලේ ගොන්නු වගේ හිටියා නම් මුකුත් නැහැ. මේ වයසක උන්දැගේ දේශපාලනය ගේන්නම් කියලා වැඩක් නැහැ.
අපේ මානව හිමිකම් අහිමිවීමට පටන් ගත්තේ 1977 සිටයි. එදා සිට අපිට හිමි වූ මානව හිමිකමක් නැත...