(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජිනීවා යෝජනාවෙන් ලංකාව පරාජයට පත්වූයේ රජයේ දුර්වල විදේශ ප්‍රතිපත්තිය නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ලංකාවට පක්ෂව සිටි රටවල් ද මෙවර විරුද්ධව ඡන්දය දුන්නා.නැතිනම් ඡන්දය දීමෙන් වැළකී සිටියා . මේ තත්ත්වය ඇතිවුණේ දුර්වල විදේශ ප්‍රතිපත්තිය නිසයි. රටේ ජනතාව තුළ තිබුණ සංහිඳියාව විනාශ කිරීමේ ඵලවිපාක මානව හිමිකම් කොමිෂන් වාර්තාවෙන් ලංකාව පරාජය වන්නට හේතු වූණා.මෙි පරාජය පිළිබඳව අප කනගාටුවට පත් වෙනවා. ආණ්ඩුවේ දිව දෙකේ ප්‍රතිපත්තිය නිසා ජාත්‍යන්තර පිළිගැනීම පරිහානියට පත්වෙලා.යනුවෙන් ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ රටේ විදේශ ඇමතිතුමාගේ මොළේ..? එදා කතා කරපු හැටියට මං හිතුවේ මෙදාපාර සුද්දා බයවෙයි කියලා. ඒත්, ගණන් අරගෙන නැහැ. අපේ රට යන විදිහ ගැන හරිම කණගාටුයි. අප ලෝකයෙන් කොන්වෙනවා. සුද්දාට පක්ෂව කතාකරනවා නෙමෙයි. මේ චෝදනාවල හොඳ දේත් තිබුණා. මේ රටේ දේශපාලකයන් ජනතාව පීඩනයට පත්කරලා හොරාගත් පිටරටවල සඟවා තිබෙන මුදල් සංචිත තහනම් කිරීම... රාජ්‍ය ඉහළ තනතුරු සඳහා හමුදා ප්‍රධානීන් පත්කිරීම වැනි දේ අපේ රටට නරක වෙන්නේ කොහොමද? ඒත්, කිසිකෙනෙක් අපට එහෙම මුදල් නැහැ කියා කීවේ නැහැ. අනේ.. මේ රටේ දේශපාලන අඳ බාල මිනිසුන් මේවා පෙනිපෙනීත් නිහඬව සිටිනවා. මේක අපූරු මිනිසුන් සිටිනා රටක්. තමන්ගේ එකා මොනවා කරත් ඒ අයට හොඳයි.
නොදකින් මේ අප රටේ විපක්ෂ පට්ටියේ ලොක්කාගේ දැනුම් සම්බාරයයි. මොන කෙහෙල්මල හරි කපාගෙන හෝ අපේ පට්ටිය බලය ගත යුතුයි යන තුප්පහි තකතීරු න්‍යායෙන් මෙන්ම රටට මොනවා වුවත් අපට මොකෝ අපිට ඕනෑ බලය පමණයි යන්න මේ කතාවලින් මනා ලෙස පැහැදිලි වෙනවා නොවේද...? මොවුන් බලයේ ඉන්නකොට කළ කීදේ දැන් මේ අයට අමතකයි. දැන් බලයේ ඉන්න අය කරන කියන දේ මේ අයටද අමතකයි. මේ ඔක්කොම හිතාගෙන ඉන්නේ රටේ ජනතාව නැවත ඉපදුණු මිනිසුන් හැටියටයි. කට ඇරියොත් තකතීරු මෝඩ මෙන්ම ලොන්ත කතා කණ්ඩායමේ නායක වීමත් එක අතකින් මෙවන් මෝඩයන්ට යම්කිසි සහනයකි.
අම්මෝ... මාර දැනුමක්නේ තියෙන්නේ.
පසුගිය කාලයේ අවමංගල අධ්‍යක්ෂවරුන්ගේ පාවාදීමේ ප්‍රතිඵල භුක්ති විඳින්නේ...
ජිනීවා යෝජනාව පැරදුණේ... යහපාලනේ හිටපු විදේශ ඇමැති. මංගල මව්බිම පාවාදුන් නිසයි. ඒක අමතක කරන්න එපා.
අනේ මන් නොදන්න විදේශ ප්‍රතිපත්තිය? ජීනීවා පැරදුනේ ඔය කියන විදේශ ප්‍රතිපත්තියක් නිසා නොවෙයි මහත්තයෝ, මේ ආණ්ඩුව බලයේ සිටීම නිසා. මංගල ආණ්ඩුවක් තිබ්බා නම් ජිනීවා ඡන්දයක් තබා යෝජනා වලියක්වත් නැහැ. මොකද හොරාට පෙර කෙහෙල් කැන වැට පනින නිසා. අපිට කණගාටු පියා ගිය පාරේ නොයන පුතු ගැන.
ජිනීවාවල අපි පැරදුණේ නැහැ.. ඕනෑකමින් පැරදෙන ලෙස කටයුතු කළා. එතකොට ලබන පළාත් සභා ඡන්දෙදී ජිනීවා විදුලි පුටුව පෙන්වලා බයියන් ටික මුලා කරලා ඡන්දෙ ගන්න පුළුවන්. රටට හෙණ ගැහිලා ජනතාව කොරෝනාවෙන් හෝ වෙන දෙයකින් සමූල ඝාතනය වුණත් ඡන්දෙ දිනන්න ඕනැ නෙවැ...
මේගොල්ලන්ගේ පතිපත්තිය තමයි රට පාවාදෙන එක. එකනේ දුවලා ගිහිල්ල සම අනුග්‍රය දැක්වුයේ.