
(අංජුල මහික වීරරත්න)
අලුත් අවුරුදු සමයේ සුදු සහ රතු කැකුළු රුපියල් 95 ටත් නාඩු සහල් රුපියල් 93ටත් ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලංකාදීපයට පැවැසීය.
ලබන අප්‍රේල් පළමුවැනිදා සිට සියලු සුපිරි වෙළදසැල් ,සතොස සහ සමුපකාර වෙළදසැල් මෙම මිල ගණන් යටතේ සහල් අලෙවි කිරීමට එකඟතාවය පළ කළ බවද අලුත්ගමගේ මහතා කීය.
සතොස සභාපති,සමුපකාර කොමසාරිස් ,හා සියලු සුපිරි වෙළදසැල්වල ප්‍රධාන විධායක නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට කැඳවා සාකච්ඡා කළ අතර අදාල මිලට හාල් විකිණීමට ඔවුන් එකඟතාවය කළ බවද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හම්බ කරපු ඒවායින් ටිකකුත් දුන්නොත් නරකද?
මගුලක් කතා කරනවා. අද සම්බා කිලෝ 10ක් 1450... කෝ මේ මිනිස්සුන්ගේ පාලන මිල? කයිය විතරයි. හම්බ කරගන්න නම් හොඳට දන්නවා.
මහින්දානන්ද කිව්වාම විතරක් ගණන් අඩු කරන්නේ ඇයි? මිනිස්සුන්ගෙන් ගසා කනවාට නඩු දාන්න ඕනේ. නැතිනම් පළාත් සභා ඉවර වෙනකම් දීලා පස්සේ දෙගුණයකින් වැඩිකරන්න ඩීල් එකක් ඇති. අපි දන්නේ නැද්ද මෙයාගේ ගැහිලි...? ඡන්දෙ ගන්න මහනුවරදි මුස්ලිම් ඉස්කෝලත් දෙන්නම් කිව්ව මිනිහනේ...
ඇමැතිතුමෝ, මේකත් දෙදහස් එකොලහේ වගේ පාවාදීමක්ද?
මොකෝ අලුත් අවුරුද්දට විතරක් ලාබෙට දෙන්නේ? අපි අලුත් අවුරුද්දට විතරක් නොවෙයි හැමදාම බත් කනවා. හාල් ලාබෙට දෙන්නේ රජය පාඩු විඳගෙන නම් රජය අනික් අතින් කරන්නේ මෝල් කාරයා පොහොසත් කිරීමයි. එමනිසා කරුණාකර සහල් පිටරටින් ගෙන්වා ලාබෙට දෙන්න. ගොවියා ඔවුන්ගේ අස්වැන්න විකුණා හමාරයි. ගොවියාට පාඩුවක් සිද්ද වෙන්නේ නැහැ.
අත්‍යාවශ්‍යයෙන්ම හාල් ඒකාධිකාරිය නවත්තන්න ඕනෑ. ආණ්ඩුව සෘජුව මැදිහත් වී පිටින්හරි හාල් ගෙනැල්ලා උන්ව මට්ටු කරන්න.
ඇයි අපි අනිත් දවස්වල කන්නේ පුන්නක්කුද?