(සුජිත් හේවාජූලිගේ සහ අංජුලමහීක වීරරත්න)
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට පදනම් විරහිතව ඇඟිලි ගැසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දරන උත්සාහය ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියයි.
එලෙස කටයුතු කිරීමට ඔවුනට කිසිදු අයිතියක් හෝ වරමක් නැතැයි ද ඔහු පවසයි.
ජිනීවා යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විදේශ අමාත්‍යවරයා ඒ බව සඳහන් කරයි.
මෙය රටක අභ්‍යන්තරය ගැන මානව හිමිකම් කොමිසමක් කරුණු දක්වන පිළිවෙළ නොවේ යැයි පවසන ගුණවර්ධන මහතා විරුද්ධ පක්ෂයේ උදවිය කියපු දේවල් මේ වාර්තාවේ අන්තරගතවීමෙන් මේවා කොයි තරම්දුරට ඒකාබද්ධව සිදුවී තිබෙනවා දැයි විමසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බයිලා කියලා වැඩක් නැහැ. සර් දැන්වත් මොලේ ඇතුව වැඩක් කරන්න. හෙට, අනිද්දා රටවල් එක එක තහංචි දාන්න පටන් ගත්තාම තමුන්නාන්සේලාට නෙවෙයි අපිටයි ජීවත් වෙන්න බැරි වෙන්නේ.
විදේශ ඇමතිවරයා ඉල්ලා අස්වීම සුදුසුයි...
ඔබතුමාලා තම තමන්ගේ කෙරුවාව හොඳහැටි පෙන්නලා ඉවරයි. දැන් රටේ ඉතිරි ටිකත් ඉවරකරලා ජනතාවත් සමග මුහුදට පනින්න තමයි වෙන්නේ...
මේ මොලේ අමාරුකාරයාව වහාම ආණ්ඩුවෙන් පන්නලා දමන්න බැරි ඇයි...? විදේශ ඇමැතියි, විදේශ අමාත්‍යංශයේ ලේකමුයි දෙදෙනාම ලෝකයින්. මේ දෙදෙනාට විරුද්ධව අපේ රටේ නඩු පවරනවා.
ඇමතිතුමා ප්රශ්නය තියෙන්නේ විපක්ෂයට වැරදි පෙනෙන එකේ නොවෙයි ඔබතුමාලට ආණ්ඩු බලය ලැබුණාම කිසිම වරදක්, වරදක් විදිහට නොපෙනෙන එකයි.
පාර්ලිමේන්තුවේ මේ යෝධයා බෙරිහන් දෙනවිට මට හිතුණේ රත්වෙලාද කියලා...?
කවුද කොහේදෝ ලියලා තිබ්බා "බොරළු ගොඩක මේ තරම් මැටි තියෙනවා දැක්කාමයි" කියලා. මොකද්ද අප්පා ඒ කතාවේ තේරුම...?
මොකද දෙවියනේ? මේ නින්දෙන් නැගිටලා වගේ කෑ ගහන්නේ... කෑලි...කෑලිවලට මේ රට කඩලා තරගෙට වගේ එකඑක රටවලට උකස් තියෙද්දී කොහොමද දෙවියනේ කටක් ඇරලා..., අතක් උස්සලා තවත් මේ රටේ බේරගන්න දෙයක් තියෙනවා කියලා සටන් කරන්නේ...
බල්ලොත් එක්ක නිදා ගත්තොත්, මැක්කොත් එක්ක නැගිටින්න වෙන්නේ...
ඉතින් ඔය ටික එහේදීම කියන්න තිබුණානේ? ජාත්‍යන්තරය ඉදිරියේ නැට්ට බඩ යට ගහගෙන කෙඳිරි ගාලා අවසානයේ නැට්ට වනලාම ඔවුන්ව සතුටු කරලා ආපසු ලංකාවට ඇවිදින් සද්දෙට උඩු බුරන එක හරිද? අර කොහෙන්ද මන්දා හිනායනවා මේවට, සිංහ වෙස් අරගෙන ලංකාවේ පමණක් රඟන නරි දැකලා. ලැජ්ජයි..!!!
මෙම වාර්තාවේ පිටු දෙකහමාරක් යුද අපරාධ සහ පිටු 15ක තියෙන්නේ වර්තමාන ගෝඨාභය පාලනයේ මානව කඩවීම්, ඒක නිසා මේක රටේ පරාජයකට වඩා රාජපක්ෂවරුන්ගේ පරාජයක්..., එක අතකින් මෙහි හොඳපැත්තක් ලෙස රාජපක්ෂවරු යම්තාක් දුරකට පාලනයක් වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්...
ඔබතුමා ප්‍රතික්ෂේප කරකර ඉන්න. ඊට වැඩිය දෙයක් පහුගිය ටිකේ කළේත් නැහැනේ. ඒ වුණාට වැඩේ නියමෙට යනවා. ඔය පණ්ඩිත කතා නිසා අපේ අසල්වැසි නේපාලය, ද කොරියාව, ඉන්දුනීසියාව වගේ රටවල්වල සහායවත් ගන්න බැරිවුණා. තවත් ප්‍රතික්ෂේප කරන්න. ඊළඟ පියවර ගන්නකන්... අසාර්ථකම විදේශ ඇමති.
සර්ගේ ෆේල් ලිස්ට් එකට තවත් එකක්..
අම්මෝ... මේ බොරලුගොඩගේ කතාවට දැන් යෝජනාව ගෙනාවා. මිනිස්සු මාරෙට බයවෙලා ඇති....
සර් දැන්වත් ඔය සාටකය ගලවලාදාලා මනුස්සයෙක් වෙන්න බලන්න. තමන්ගේ පරම්පරාවටත් ලැජ්ජයි!!!
බොරු කයිවාරු විතරයි. ගිරිය පුප්පගෙන කෑගැහුවාට ප්‍රශ්න විසඳන්න පුළුවන්ද?
මෙයාගේ ගෙරවිලි, ගෝරනාඩු ඔක්කොම ලංකාව ඇතුලේ... රටින් පිටගියාම තමයි වැඩේ...