
(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව සහ එම සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාවක් වරාය හා නාවික අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවට නොපමාව ඉදිරිපත් කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය ,උපදේශක කාරක සභා රැස්වීමේදීය.
කොළඹ වරාය නැගෙනහිර පරියන්තය සම්පූර්ණයෙන්ම වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා වන වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය පසුබිම සකසා ඊට කැබිනට් අනුමැතිය ද ලබාගෙන අවසන් බවත් බටහිර පර්යන්තය සංවර්ධනය පිළිබඳව වන වැඩපිළිවෙළ ද කඩිනමින් සිදු කරන බවත් ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව නැතුව දෙන ඒවා ඉක්මණටම දීලා දාන්නට එපැයි...!!
මිලින්දට සතුටුයිද?
කාලකන්නි, මානව හිමිකම් ඡන්දෙදී අපේ රටට පක්ෂව ඡන්දෙ නොදුන් කල්ලතෝනියාට ඔය ජැටිය දෙන්න.. මේ බියගුළු පාලකයින්ට ලැජ්ජා නැතිද?