බස්නාහිර පළාතේ පාසල්හි සියලුම ශ්‍රේණි ලබන සඳුදා සිට යළි ආරම්භ කළ ද එක් පන්ති කාමරයක සිිටිය හැකි උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 15කට සීමා කළ යුතු යැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ.
කිසියම් පන්තියක සිසුන් 30ක් සිටීනම් එම පන්තිය කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් බැඟින් පන්ති පැවැත්විය යුතු බව සිසුන් 45ක් පමණ සිටීන පන්තියක් නම් කණ්ඩායම් තුනකට බෙදා එලෙස පැවැත්විය යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.
මීට අමතරව පාසල් ආරම්භ කළ වාහාම විභාග කටයුතු සහ තරග සඳහා දරුවන් යොමු කිරීම නොකරන ලෙස ද අධ්‍යාපන ලේකම්වරයා එම චක්‍රලේඛය මගින් පාසල් බලධාරීනට උපදෙස් ලබාදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඉතුරු ළමයි ගස් යටද?