කෝටි දෙකහමාරක මත්පෙති ගුවන්තොටේදී අත්අඩංගුවට
රුපියල් දෙකෝටි හතලිස් අට ලක්ෂයක් වටිනා (2,48,00,000) මත්පෙති 4960 ක් ඇඟලුම් බහාලූ පෙට්ටියක සඟවා කටුනායක භාණ්ඩ නිශ්කාශන මධ්‍යස්ථානය වෙත ගුවන් මගින් එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (11) අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.