විදුලි කණුවට නැගුණු කාර්මිකයා විදුලි සැර වැදී නසී පොළොන්නරුව, අභයපුර, නෙළුම්පුර ප්‍රදේශයේදී විදුලි සැර වැදීමකින් විදුලි කාර්මික ශිල්පියෙකු අද(11) මියගොස් ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි. 11 August 2020
අල්ලස් කොමිසමේ හිටපු කොමසාරිස් ජනපති කොමිසම හමුවට කැඳවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට ලබන 27 වැනිදා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද(11) නියෝග කළේය. 11 August 2020
වරෙන්තු තිබුණත් අත්අඩංගුවට නොගන්නයි පෙත්සම් දෙකක් කුරුණෑගල නගර මධ්‍යයේ පවතින ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් , තමාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම බලරහිත කරන්නැයි ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ සහ නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරි යන මහත්වරුන් අභියාචනාධිකරණය හමුවේ අද (11) රිට් පෙත්සම් දෙකක් ගොනු කළහ. 11 August 2020
සත්ව ආහාර සදහා යොදාගත් ලක්ෂ 29 සහල් අත්අඩංගුවට සත්ව ආහාර නිෂ්පාදනය කිරීම පිණිස රතු කැකුළු සහල් තොගයක් ගබඩා කර තබාගත් බව කියන විදේශ සමාගමක් පරීක්ෂාවට ලක් කළ පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් එහි තිබී රුපියල් ලක්ෂ 29 ක් වටිනා සහල් තොගයක් අත් අඩංගුවට ගෙන ඇත. 11 August 2020
ඥාති සොයුරිය බේරාගන්න ගිය අයෙක් දියේ ගිලී අතුරුදන් බණ්ඩාරගම බොල්ගොඩ ගඟට පැන දිවි නසා ගැනීමට ගිය සිය ඥාති සොහොයුරිය බේරා ගැනීම සඳහා ගඟට පැන්න පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. 11 August 2020
රුසියාවෙන් කොරෝනා ප්‍රතිරෝධී එන්නතක් කොරෝනා වයිරසය මැඬපැවැත්වීමට සමත් එන්නතක් රුසියාව විසින් නිපදවා ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා පවසයි. රුසියාව තුළ සංවර්ධනය කරන ලද මෙම එන්නත භාවිතය සඳහා ලියාපදිංචි කර ඇති බවත් තමන්ගේ දියණියක දැනටමත් මෙම කොරෝනා ප්‍රතිරෝධී ඖෂධය එන්නත් කරගෙන ඇති බවත් රුසියානු ජනාධිපතිවරයා පැවසූ බව ‘හින්දුස්තාන් ටයිම්ස්‘ මෙන්ම ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා‘ වෙබ් අඩවියද වාර්තා කරයි. 11 August 2020
නවක මන්ත්‍රීවරුන්ට දින 3 ක විශේෂ වැඩමුළුවක් නවවැනි පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇති නවක මන්ත්‍රීවරුන්ට දින 3 ක විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා අද (11) පැවසීය. 11 August 2020
’අකුරණ ගව මස් කඩ සඳහා අවසර නැහැ’ මහනුවර-යාපනය ඒ-9 මාර්ගයේ අකුරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් කොටසේ මාර්ගය දෙපස කිසිදු ගව මස් කඩයක් සඳහා මින් ඉදිරියට අවසර ලබා නොදීමට ප්‍රාදේශීය සභාව තීරණය කර ඇති බව අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉස්තිහාර් ඉමාමුදීන් මහතා කීය. 11 August 2020
නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ තොරතුරු 15ට පෙර ඉල්ලයි නවවැනි පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇති මන්ත්‍රීවරුන්ගේ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවත්, එළඹෙන 15 වැනිදාට පෙර මන්ත්‍රීවරුන් විසින් එම තොරතුරු ලබාදිය යුතු බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා ලංකාදිපයට අද(11) පැවසීය. 11 August 2020
අංගොඩ ලොක්කාගේ මරණය ගැන රෝ ඔත්තුසේවා විමර්ශනයක් ඉන්දියාවේ සැඟවී සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ මද්දුමගේ ලසන්ත චමින්ද පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා” ගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ “රෝ ඔත්තු සේවය” විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 11 August 2020
චීනයේ සහාය ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා රජයට චීනයේ සහාය ශක්තිමත්ව ලබාදෙන බව චීන ජනාධිපති ෂි ජින් පින් මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත. 11 August 2020
තවත් 29ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 29දෙනෙකු අද(11) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 11 August 2020
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 35 ක් විපක්ෂයේ ආසනවල පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 35 දෙනකු විපක්ෂය පැත්තේ අසුන්වල අසුන් ගැන්වීමට පාර්ලිමේන්තු බලධාරීන් තීරණය කර ඇත. 11 August 2020
අගමැති ලේකම් ගාමිණි සෙනරත් නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (10) පත්කරනු ලැබීය. 11 August 2020
මන්ත්‍රී අතාවුල්ලාත් ආණ්ඩූවට හවුල්වෙයි මෙවර මහ මැතිවරණයේදී එක් මන්ත්‍රී ආසනයක් පමණක් හිමිකරගත් තම පක්ෂය පාර්ලිමේන්තුවේදී නව රජයට සහාය පළ කරමින් ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව ඒ. එල්. එම්. අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය කියයි. 11 August 2020
පිල්ලෙයාන්ගේ සහායත් නව රජයට මඩකළපුව දිස්ත්‍රික්කයට පමණක් තරග කර එක් මන්ත්‍රී අසුනක් හිමිකර ගත් තම පක්ෂය නව රජයට සහාය පළ කරමින් පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා බව ‘තමිල් මක්කල් විඩුදල පුලිගල් හෙවත් ටී. එම්. වී. පී. පක්ෂය කියයි. 11 August 2020
ගම්පහ රෝහලේ හෙද-හෙදියෝ වැඩ වරති ගම්පහ මහ රෝහලෙහි අධ්යක්ෂවරයා හෙද හෙදියන්ගේ පාලනයට අනිසි ලෙස මැදිහත්වීමක් කරන බව සඳහන් කරමින් හෙද-හෙදියෝ වර්ජනයක් ආරම්භ කළහ. 11 August 2020
එජාප නායකත්වයට නම් 4ක් එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (10) පෙරවරුවේ පැවැති අතර රනිල් වික්‍රමසිංහ මහතා එහිදි මෙම දැන්වීම කළේය. 11 August 2020
ලොරි - ටිපර් රථ අනතුරින් අයෙක් මරුට-අයෙක් රෝහලේ දඹුල්ල-මාතලේ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල ලෙනදොර පාසල අසළදී අද(11) ලොරි රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි. 11 August 2020
ගෝන අං තට්ටු 18 ක් සමඟ සංචාරක නිකේතනයක කළමනාකරු දැලේ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක නිකේතනයක තිබී ගෝන අං තට්ටු 18 ක්, ගෝන කකුල් දෙකක්, මුහුදු බෙල්ලන්ගේ කවච විශාල ප්‍රමාණයක් සහ පිඹුරු හැවක් බාරයට ගත් බව නුවරඑළිය වනජීවි කාර්යාලයේ අඩවි සහකාර අතුල යාපා මහතා පැවසීය. 11 August 2020
පිස්තෝල දෙකක් -උණ්ඩ සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට මතුගම යටදොල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකු සතුව තිබී පිස්තෝල දෙකක් හා උණ්ඩ 05 ක් සොයාගැනීමට හැකි වී ඇතැයි පොලීසිය කියයි. 11 August 2020
කුරුණෑගල මහ නගර සබේ වැඩ නවතී කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමේ නියෝගයට විරෝධය පළ කරමින් කුරුණෑගල මහා නගර සභාවේ සමස්ත කාර්ය මණ්ඩලයම සේවයට වාර්තා නොකිරීමෙන් අද (11) නගර සභාවේ සියලුම කටයුතු අඩපණ විය. 11 August 2020
දූෂණයට බරවූවන්ට ඇමැති පදවි දෙන්න එපා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ කර ඇති ‘සෞභාග්‍යයේ දැක්ම’ මගින් ප්‍රකාශිත දේශහිතෛශී වැඩපිළිවෙළ බලගන්වා මහජනතාවගේ යහපත් අභිලාෂයන් සාක්ෂාත් කිරීමට නම් ආදර්ශවත් වියත්, බුද්ධිමත් රටට හා ජනතාවට අවංක දක්ෂ සුපිළිපන් පුද්ගලයන්ගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලයක් පත්විය යුතු යැයි ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. 11 August 2020
පැය තුනක දී 112 ක් අත්අඩංගුවට ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම මූලික කරගෙන පැය 3 ක් පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හා විවිධ වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි පුද්ගලයන් 112 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය. 11 August 2020
මධ්‍යම කඳුකරයට තද වැසි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් තද වැසි පතිත වීමෙන් ජන ජිවිතයට ගැටළු රැසක් මතු වී තිබේ. 11 August 2020
ලෙබනන ආණ්ඩුව ඉල්ලා අස්වෙයි දැවැන්ත පිපිරීමකින් ලෙබනනයේ බේරූට් අගනුවර මහ ව්‍යවසනයකට මුහුණ දීමෙන් පසු එරට අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ ආණ්ඩුව අද (10) ඉල්ලා අස්විය. 10 August 2020
පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරු 30 කට විශ්‍රාම වැටුප් අහිමිවෙයි ඉකුත් පාර්ලිමේන්තුවට පළමුවරට පත්ව සිට මෙවර පත් නොවූ මන්ත්‍රීවරුන් 32කට පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වේ. 10 August 2020
තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වෙයි කොරෝනා ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (10) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ රෝගීන් ගණන 2870 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 10 August 2020
ව්‍යාජ රියදුරු බලපත්‍ර 500 ක් මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට කොරෝනා වසංගත සමයේදී රජයේ නිල මුද්‍රා භාවිතා කරමින් ව්‍යාජ රියදුරු බලපත්‍ර 500 ක් පමණ මුද්‍රණය කළ පුද්ගලයෙක් (10) අත්අඩංගුවට ගත්බව කිරුලපන පොලිසිය පවසයි. 10 August 2020
අංගොඩ ලොක්කාගේ ඇගිලි සළකුණු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට බාරදෙයි ඉන්දියාවේ මධුරේ ප්‍රදේශයේ දී මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු වන ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා සම්බන්ධ ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා එම පරීක්ෂණයට අවශ්‍ය ඇගිලි සළකුණු ඇතුලු ඩී.එන්.ඒ සාම්පල් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට බාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය. 10 August 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026