රාජිතට සිතාසි ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසූ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට ලබන 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (10) සිතාසි නිකුත් කළේය. 10 August 2020
ඉන්දියාවේ හිටපු ජනපතිට කොරෝනා ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්රනාබ් මුකර්ජි මහතාට කොවිඩ් -19 වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇතැයි එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කර ඇත. 10 August 2020
කුරුණෑගල නගරාධිපති ගැන සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ නමින් පැවති කුරුණෑගල රාජසභා මණ්ඩප ගොඩනැගිල්ලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයාගේ රෝම කූපයකටවත් හානියක් වීමට ඉඩ නොදෙන බවට රටේ එක්තරා ප්‍රබල චරිතයක් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා කුරුණෑගල මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතාට අද (10) දැනුම් දුන්නේය. 10 August 2020
අංගොඩ ලොක්කාගේ කල්ලියට කොළඹ අවට පර්චස් 928 ක් අංගොඩ ලොක්කාගේ කල්ලිය විසින් කොළඹ ඇතුලු බස්නාහිර පළාත තුළ පර්චස් 928 ක ඉඩම් ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය. 10 August 2020
කොරෝනා වයිරසයෙන් ඉන්දියාවේ වෛද්‍යවරු 200ක් මියගිහින් කොවිඩ් -19 වසංගතයට ගොදුරුවීමෙන් ඉන්දීය වෛද්‍යවරු 201 දෙනෙකු මියගොස් තිබේ. ඉන්දීය වෛද්‍ය සංගමයේ මහලේකම් වෛද්‍ය ආර්.වී අසෝකන් මහතා උපුටා දක්වමින් එරට ඒ.එන්.අයි පුවත්සේවය මේ බව වාර්තා කර ඇත. 10 August 2020
නව රජයේ අමාත්‍යාංශ ව්‍යුහය ගැසට් කෙරේ නව රජයේ අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සහ ඒවායේ විෂය පථය ඇතුළත් ගැසට් නිවේදනය අද (10) පස්වරුවේ නිකුත් කෙරිණි. 10 August 2020
රැඳවියන් හමුවීමට පනවා තිබූ තහනම 15 දා සිට ඉවතට රැඳවියන්ට අමුත්තන් හමුවීම සඳහා පනවා තිබූ තහනම අගෝස්තු 15 වැනිදා සිට ඉවත්කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය. 10 August 2020
ෆේස්බුක් සාදයේ 19 කට ඇප ෆේස්බුක් සාදයකට සහභාගී වෙමින් සිටියදී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් පිරිස හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එයින් 19 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය. 10 August 2020
රනිල් ඉල්ලා අස්වෙන්න සූදානම් බව නවීන් කියයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට දැනුම් දී ඇති බව එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසයි. 10 August 2020
අංගොඩ ලොක්කාට අයත් ලොරි තුනක් සොයා ගනී ඉන්දියාවේ දී මියගිය බව කියන අංගොඩ ලොක්කාට අයත් රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා ටිපර් රථ 3 ක් මුල්ලේරියාව ප්‍රදේශයේ පාලු ඉඩමක දමා ගොස් තිබිය දී පොලිස් බාරයට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 10 August 2020
සා.පෙළ හැඳුනුම්පත් අයදුම්පත් ලක්ෂයක් තවම ලැබී නැහැ ලබන දෙසැම්බර් මාසයේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් දරුවන්ගේ හැඳුනුම්පත් අයදුම්පත් ලක්ෂයක් පමණ මේ දක්වා ලැබී නැතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. 10 August 2020
අරලගංවිලදී සිසුන් 11 දෙනකු කැබ් රියට යට කළ රියදුරු රිමාන්ඩ් අරලගංවිල,බෝගස්වැව ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට මරු කැඳවමින් තවත් සිසුන් 10 දෙනෙකුට තුවාල සිදුවන පරිදි කැබ් රථයක් පදවා මාරක රිය අනතුරක් සිදුකළ බීමත් රියැදුරා අරලගංවිල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 24 වැනිදා තෙක් රිමාන්ඞ් බන්ධනාගාර ගතකරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේලද සිල්වා මහතා අද(10) නියෝග කළේය. 10 August 2020
කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසට යළිත් වරෙන්තු කුරුණෑගල නගරාධිපති ඇතුළු පස්දෙනා පොලිසිය මගින් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට අසමත් වීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද කරුණු සැළකිල්ලට ගත් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස අද (10) නැවත වරෙන්තු නිකුත් කළේය. 10 August 2020
විරෝධතාකරුවෝ පුත්තලම කුරුණෑගල මාර්ගය වසා දමති ආණමඩුව මහකුඹුක්කඩවල කොහොඹගස්වැව ප්‍රදේශයේදී අලියකු පහරදීමෙන් පුද්ගලයකු මිය යාමේ සිද්ධියත් සමඟ උරණ වූ ගම්වැසියෝ මේ වන විට පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගය වසා දමා පුත්තලම වනජීවී සංරක්ෂණ කළාප කාර්යාලය ද වටලා තිබේ. 10 August 2020
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ගැන ටී.එන්.ඒ. නායකයින් අතර ගැටුමක් මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අම්පාර දිස්ත්‍රීක්කයට ලබා දී ඇත්තේ අත්තනෝමතිකව කටයුතු කරමින් බවට එම පක්ෂයේ හවුල්කාර පක්ෂ නායකවරු විරෝධය පළ කරමින් සිටිති. 10 August 2020
මහකුඹුක්කඩවල උණුසුම් වෙයි මහකුඹුක්කඩවල කොහොඹගස්වැව ප්‍රදේශයේදී අද (10) අලුයම අලියකුගේ පහරදීමකින් පුද්ගලයෙකු මරණයට පත් වීමේ සිද්ධියත් සමඟ සිරුර තිබූ ස්ථානයට රැස්වූ ගම්වැසියන් වන ජීවි හා වන සංරක්ෂණ ඇතුළු නිලධාරින්ට චෝදනා නගමින් කලහකාරී ලෙස හැසිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් මතුව තිබේ. 10 August 2020
හැටන් - නල්ලතන්නිය මාර්ගය යථා තත්වයට පස් කන්දක් කඩා වැටීමෙන් ඇණ හිට තිබු හැටන් නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු අද (10) උදෑසන සිට යළි යථා තත්ත්වයට පත් කළ බව නල්ලතන්නිය පොලිසිය පවසයි. 10 August 2020
කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ නියෝගයට එරෙහි විරෝධතාවක් කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජසභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් කරන ලද නියෝගයට සහ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාට විරෝධය පළ කරමින් සංවිධානය කරන ලද නිහඬ උද්ඝෝෂණයක් අද (10) කුරුණෑගල නගරයේදී පැවැත්විණි. 10 August 2020
ෆේස්බුක් සාදයක් වටලා 20 ක් අත්අඩංගුවට මුහුණු පොත හරහා සංවිධානය වී මිල්ලනිය ප්‍රදේශයේ හෝටලයක මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ තරුණ තරුණියන් 20 ක් අද (09) රාත්‍රීයේ දී මිල්ලනිය කුරුදුවත්ත ප්‍රදේශයේ හෝටලයක දී අත්අඩංගුවට ගත් බව කලුතර දිසා දූෂණ මර්ධන ඒකකය කියයි. 09 August 2020
මුදල් - නිවාස අමාත්‍යාංශ අගමැති මහින්ද යටතට නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී මුදල් අමාත්‍යධූරය සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 09 August 2020
ලෙබනනයට ආධාර සොයන්න ජාත්‍යන්තර සමුළුවක් බේරූට් වරායේ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් දරුණු අර්බුදයකට මුහුණ පා සිටින ලෙබනනයට ආධාර සෙවීම සඳහා ජාත්‍යන්තර සමුළුවක් අද (9) විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. 09 August 2020
ලංකාවට එන්න ගුවන් යානයක් එවන්න‘යි ඉල්ලති සයිප්‍රසයේ සිට මෙරටට ඒමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයෝ ඒ සඳහා තමන්ට ගුවන් යානයක් එවන්නය‘යි ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. 09 August 2020
අලුත උපන් බිළිඳා එළවළු කොටුවට විසි කරලා කොස්ලන්ද පූනාගල වත්තේ දී අලුත උපන් බිළිඳකු එළවළු කොටුවකට විසි කළ බව කියන මවක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 09 August 2020
කැබ්රියක් අරලගංවිලදී සිසුහු 11 ක් යටකරගෙන යයි අරලගංවිල බෝගස්වැව ප්‍රදේශයේදී උපකාරක පන්තියකට සහභාගී වී ආපසු නිවෙස් බලා යමින් සිටි සිසුන් 11 දෙනෙකු බීමත් රියදුරෙකු විසින් අපරික්ෂාකාරී ලෙස අධික වේගයෙන් පදවාගෙන ගිය කැබ් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් සිසුවෙක් මරණයට පත්වී තවත් සිසුන් 10 දෙනෙක් තුවාල ලබා ඇතැයි අරලගංවිල පොලිසිය කියයි. 09 August 2020
බීරූට් පිපිරීමෙන් ලංකිකයන් 15 කට තුවාල ලෙබනනයේ බීරූට් අගනුවර සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මේ වන විට 15 දක්වා ඉහළ ගොස් ඇති අතර ඔවුන් සියලු දෙනාම එහි සේවයේ කළ කාන්තාවන් යැයි ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි. 09 August 2020
අතුල සේනානායක මහතා අභාවප්‍රාප්ත වෙයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ සැමියා වන අතුල සේනානායක මහතා අද ( 9) කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ. 09 August 2020
ටී.එන්.ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන තවරාසා කලෙයරසන්ට දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා තවරාසා කලෙයරසන් මහතා නම් කිරීමට තීරණය කර තිබේ. 09 August 2020
‘‘සාමකාමී ලෙස විරෝධතා කිරීමට ඇති අයිතියට සහයෝගය දෙනවා‘‘ සාමකාමී ලෙස විරෝධතාවල නිරත වීමට ලෙබනන ජනතාවට ඇති අයිතියට සහයෝගය දෙන බවත් ප්‍රචණ්ඩත්වයෙන් වැළැකී සිටින්නැයි සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින බවත් බේරූට් අගනුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේය. 09 August 2020
විදෙස් රටවල සිටි 446 ක් ලංකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් වල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 446 දෙනෙකු අද (09) සවස කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 09 August 2020
අගමැති අනිද්දා වැඩ බාරගනී අගමැති මහින්ද රාජපක්ෂ මහතා අනිද්දා (11) උදේ 10.30 ට අගමැති කාර්යාලයේ දී සිය ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතය. 09 August 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026