සැකකරුගේ සිරුර අභ්‍යන්තරයේ හෙරොයින් පල්ලන්සේන බන්ධනාගාරයට කඩුවෙල අධිකරණයේ සිට රැගෙන ආ සැකකරුවෙකුගේ ශරීරයේ සඟවා තිබූ හොරොයින් ග්‍රෑම් 9 ක් සොයා ගැනීමට හැකිවූ බව එම බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු ලංකාදීපයට අද (26) පැවසීය. 26 August 2020
මත්ද්‍රව්‍ය ජාවාරමට සිව්දෙනෙක් අත්අඩංගුවට ගනිති කොම්පඤ්ඤවීදීය පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද වැටලීම් වලින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මත්ද්‍රව්‍ය , මුදල් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 26 August 2020
සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය ඇමැතිකමක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතාට පැවරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. 26 August 2020
බාල වයස්කාර දැරියකට හදි කර පලාගිය තරුණයා අත්අඩංගුවට බස් රථයක දී 15 හැවිරිදි දැරියක මිතුරු කරගෙන, ඇය රවටා කැඳවාගෙන ගොස් අපහරණය කර ඇයව ගැබිනියක කළ තරුණයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 26 August 2020
අන්තර්ජාතික ජීවවිද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 3ක් අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් 2020 තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් ලෝකඩ පදක්කම් තුනක් සහ සම්මාන සහතිකයක් හිමිකරගෙන ඇත. 26 August 2020
මාලදිවයිනේ හිටපු ජනපතිටත් කොරෝනා මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල් ගයුම් හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි ඇතැයි නිව්ස් එයිටීන් පුවත්සේවය අද (26) වාර්තා කළේය. 26 August 2020
තවත් තිදෙනෙක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන්, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 3දෙනෙකු සුවය ලබා අද(26) පිටව ගිය බව වාර්තාවක් නිකුත් කරමින් වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 26 August 2020
දේශීය පළමු පෙළ වැඩිම ලකුණු වාර්තාව චන්දිමාල්ට ශ්‍රී ලංකාවේ දේශීය පළමු පෙළ තරගාවලියේදී පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට ටෙස්ට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් අද (26 වැනිදා) සමත් විය. සැරසන්ස් පිලට එරෙහිව කටුනායකදී පැවැති පළමු පෙළ තරගයකදී චන්දිමාල් මෙම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේය. 26 August 2020
විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ 26,500 ක් ආපසු එති කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ලෝකයේ රටවල් 105 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 26,500 වැඩි පිරිසක් මේ වනවිට මෙරටට ගෙන්වාගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය. 26 August 2020
පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ගිවිසුම කැබිනට් මණ්ඩලයට යාපනය පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරිම සඳහා ඉන්දීය රජය සමඟ අත්සන් කිරීමට අපේක්ෂා කරන අවබෝධතා ගිවිසුම අනුමැතිය ලබාගැනීම සදහා ඉදිරි සති දෙක ඇතුළතදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය. 26 August 2020
පාම් ඔයිල් කර්මාන්තකරුවෝ ජනපතිට ලියති කටුපොල් පැල 356,000 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිටත් තවාන්වල ඇති අතර ඒවා වසර තුනකටත් අධික කාලයක් තවාන්වල මෝරමින් ඇති බැවින් එම ප්‍රමාණය වැවීමට අවසර දෙන මෙන් පාම් ඔයිල් කර්මාන්ත කරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. 26 August 2020
අපරාධ නඩු ගොනු 23,645 ක උපදේශන කටයුතු අවසන් අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු වලින් අනතුරුව නීතීපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අපරාධ නඩු ගොනු අතුරින් පසුගිය මාස 18ක කාලය තුළදී ගොනු 23,645 ක උපදේශන කටයුතු අවසන් කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිරාශා ජයරත්න මෙනවිය අද (26) දැනුම් දුන්නාය. 26 August 2020
’වෙලේ සුදා’ගෙන් විස්කි බෝතල් ගත් ජේලර්ට එරෙහිව විනය පරීක්ෂණයක් බූස්ස බන්ධනාගාරයේ මරණ දඬුවම ලැබ සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ’වෙලේ සුදා’ නමැත්තාගෙන් විස්කි බෝතල් 100ක් ලබාගත් බව කියන එම බන්ධනාගාරයේ ජේලර්වරයකුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 26 August 2020
වීරකැටියේදී නමගිය අපරාධකරුවකු අත්අඩංගුවට ටී - 56 ගිනි අවියක්, මැගසිනයක්, ජීව පතුරොම් 30ක් සහ හෙරොයින් මත්කුඩු සමඟ දිවයිනේ විවිධ අපරාධ රැසකට සම්බන්ධ යැයි කියන අයකු අද (26) වීරකැටියේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු කියති. 26 August 2020
කඳුකර දිවියෙක් කම්කරු කාන්තාවන් වෙත කඩා පනී බගවන්තලාව පොලිස් වසමට අයත් ‘කිවු’ තේ වත්තේදී, වැඩ කරමින් සිටි කම්කරු කාන්තාවන් දෙදෙනෙකු මතට අද (26) දිවියෙකු කඩාවැදීම හේතුවෙන් එම කාන්තාවන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත. 26 August 2020
‘දුම්රිය-බස් රථ ගාස්තු වැඩිකිරීමේ සූදානමක් නැහැ’ දුම්රිය හෝ බස්රථ ගාස්තු වැඩිකිරීමේ කිසිදු සූදානමක් නැතැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ලංකාදීපයට පැවසීය. 26 August 2020
ලිංගික අල්ලස් ගැනීමට තැත් කළ උප පොලිස් පරීක්ෂක දැලේ කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමට තැත්කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු අද(26) හොරණ වගවත්ත හෝටලයකදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 26 August 2020
පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම අත්හිටුවයි කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්, නැවත දැනුම්දෙන තුරු අමුත්තන් සඳහා පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. 26 August 2020
ප්‍රතිජීවක ඖෂධ නොගැනීම නිසා රත්නපුරේ මී උණ ව්‍යාප්තවෙලා කොරෝනා වයිරසය ව්‍යාප්ත වූ මුල් කාලයේ, මී උණ සඳහා වන ප්‍රතිජීවක ඖෂධ නොගෙන පුරන් කුඹුරු අස්වැද්දීමට ජනතාව වැඩි පිරිසක් යොමු වීම හේතුවෙන්, රත්නපුර දිස්ත්‍රික්කයට මී උණ රෝගය විශාල බලපෑමක් කරමින් පවතින බව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පැවසීය. 26 August 2020
සේරුවිල නිකිණි මහා පුණ්‍යෝත්සවය අද සිට අනූහය වසරකට පෙර ඓතිහාසික සේරුවිල මංගල මහා චෙත්‍යය රාජයාණන් වහන්සේ උදෙසා ඇරඹි ශ්‍රීමත් ලලාඨ ධාතු පූජා නිකිණි මහා පුජෝත්සවය අද (26) සිට සැප්තැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 26 August 2020
පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ආරක්ෂක කවුන්සිලය දිනපතාම රැස්වුණා ඉකුත් 2019 පෙබරවාරි මාසයෙන් පසු පාස්කු ඉරුදින ප්‍රහාරය වන තෙක් නොකැඳ වූ ආරක්ෂක කවුන්සිලය එම ප්‍රහාරයෙන් පසු දිනපතා රැස්වන තත්ත්වයක් මතු වූයේ යැයි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පෙරේදා (24) පැවසීය. 26 August 2020
ලක්ෂ 6 ක කේරල ගංජා සමඟ පාතාල සාමාජිකයකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ 6 කට ආසන්න කේරල ගංජා , සුඛෝපභෝගී මෝටර් රථයක් හා වෑන් රථයක් සමඟ පාතාල සාමාජිකයකු වැල්ලම්පිටිය නිවසක දී අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි. 26 August 2020
මධ්‍යම අධිවේගයේ කඩවත - මීරිගම කොටසේ වැඩ ඇරඹෙයි අවුරුදු පහක් තිස්සේ වැඩ ආරම්භ නොකර අතර මග නැවතී තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ වැඩ කඩිනමින් ආරම්භ කරන බව මහාමාර්ග අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 26 August 2020
කෝටි 42කට අධික මත්කුඩු අඹතලේ නිවසකින් සොයාගනී ඩුබායි රටට පලා යාමට තැත් කිරීමේදී කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් සිව් දෙනා අතර සිටි අංගොඩ ලොක්කාගේ ගෝලයන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අඹතලේ ප්‍රදේශයේ නිවසක සගවා තිබූ කෝටි 42 කට අධික හොරෙයින් මත්කුඩු, ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 26 August 2020
කාන්තා රැඳවියන්ගේ දරුවන් 46 ක් නිදහස් කිරීමට සලකා බලයි විවිධ අපරාධ සම්බන්ධයෙන් සිරගතව සිටින කාන්තා රැඳවියන්ගේ බාල වයස්කාර දරුවන් 46දෙනෙකු නිදහස් කිරීමට සලකා බැලීම සඳහා සකස් කළ සවිස්තර වාර්තාවක් අද හෙටම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙන බව රාජ්‍ය ඇමැතිනී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලංකාදීපයට අද(26) පැවසුවාය. 26 August 2020
ඇෆ්ගන් කොමාන්ඩෝ භටයන්ට තලේබාන් ප්‍රහාරයක් තලේබාන් සටන්කාමීන් එල්ල කරන ලද ට්‍රක් රථ බෝම්බ ප්‍රහාරයකින් තිදෙනකු මියගොස් 41 දෙනෙක් තුවාල ලැබූහ. 26 August 2020
යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරීහු විරෝධතාවක යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක සේවයේ නිරතවන නිලධාරීහු අද (26) සිය සේවා කටයුතුවලින් ඉවත්ව විශ්වවිද්‍යාලය තුළ විරෝධතාවක නිරත වූහ. 26 August 2020
ජාතික පාසල් 132 ක විදුහල්පති පුරප්පාඩු ජාතික පාසල් 132ක විදුහල්පති පුරප්පාඩු තවමත් සම්පූර්ණ කර නැතැයි වාර්තා වේ. ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා ඉකුත් ආණ්ඩු සමයේ අයැදුම්පත් කැඳවා තිබූ අතර මේ වසරේ මුලදී ඒ සඳහා සම්මුඛ පරීක්ෂණද පවත්වා පාසල් 170 කට නව විදුහල්පතිවරුන් පත්කෙරිණි. 26 August 2020
ජනමාධ්‍යවේදීන්ගේ තොරතුරු රැස්කිරීමේ කාලය දීර්ඝ කෙරේ දිවයින පුරා විසිරී සිටින ජනමාධ්‍යවේදීන්ගේ තොරතුරු රැස්කිරීමේ වැඩපිළිවෙළ සඳහා තොරතුරු එවීමට ලබාදී තිබු කාලය සැප්තැම්බර් 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. 26 August 2020
සහරාන්ගෙන් රටට සිදුවන විපත්තිය 2015 දී සිටම කීවා සහ්රාන් හෂීම් මේ සමාජයෙන් ඉවත් නොකළහොත් මෙවැනි විනාශයක් සිදුවේයැයි මා 2015 වර්ෂයේ සිටම රජයේ ප්‍රධානීන් දැනුවත් කර සිටියා යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (25) ප්‍රකාශ කළේය. 26 August 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026