සැළලිහිණියන්-අළු ගිරවුන් ළඟ තබාගත් සිව්දෙනෙකුට දඩ සැළලිහිණියන් දෙදෙනෙකු හා අළු ගිරවුන් දෙදෙනෙකු සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරද පිළිගත් සිව්දෙනෙකුට රුපියල් 120,000 ක දඩ මුදලක් ගෙවන ලෙස වැලිමඩ මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය අද(25) නියෝග කළාය. 25 August 2020
කෝටි එකහමාරේ වංචාවකට කෝටි 2 ක වන්දියක් ‘පාර්ක් හොස්පිටල්’ ආයතනයේ සේවිකාවක වශයෙන් කටයුතු කරමින් එම ආයතනය සතු රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වංචනික අන්දමින් සිය ගිණුමට බැර කරගැනීමේ චෝදනාවට වරද පිළිගත් එහි ගිණුම් සහයකවරියකට වසර 2ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පාර්ක් හොස්පිටල් සමාගමට රුපියල් කෝටි 2 වන්දියක් ගෙවීමට ද නියම කළේය. 25 August 2020
‘මර්වින් ජානා’ගේ ඥාති සොයුරියක් බොරලැස්ගමුවේදී අත්අඩංගුවට දැනට බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අත්තිඩිය ’මර්වින් ජානා’ නමැත්තාගේ ඥාති සහෝදරියක් බොරලැස්ගමුවේදී අද(25) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය කියයි. 25 August 2020
‘උතුරේ ජනතාව බෙදුම්වාදය වෙනුවට සංවර්ධනය තෝරාගෙන තියෙනවා’ විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාගේ අන්තවාදය ප්‍රතික්ෂේප කර ඇති උතුරේ ජනතාව බෙදුම්වාදය වෙනුවට සංවර්ධනය තෝරාගෙන ඇතැයි එහි ඡන්ද ප්‍රතිඵලයෙන් පෙනී යන බව පිවිතුරු හෙළ උරුමය නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 25 August 2020
බාලි දූපත මේ වසරටම වසා දමයි කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ බාලි දූපත මෙම වසරේදී නැවත සංචාරකයින් සඳහා විවෘත නොවනු ඇතැයි එරට බලධාරීහු පවසති. 25 August 2020
නෙල්ලිගල විහාරාධිපති හිමියන්ට සහරාන්ලාගෙන් මරණ තර්ජන තමන් ඝාතනය කරන බවට තර්ජනය කර ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ලිපි ශීර්ෂය යටතේ 2019 මැයි 14 වැනිදා ලිපියක් ලැබුණු බව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වතුකුඹුරේ ධම්මරතන හිමියෝ පසුගියදා හෙළි දරව් කළහ. 25 August 2020
දැරියක් අපයෝජනය කළ සුළු පියා අත්අඩංගුවට නව හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතල ලෙස ලිංගික අපයෝජනය කළ එම දැරියගේ මවගේ දෙවැනි විවාහයේ සැමියා අද (25) දහවල් අගුළුගහ ඇටමැස්ස කන්දේ දි අත්අඩංගුවට ගත්බව ඉමදුව පොලිසිය පවසයි. 25 August 2020
කටවුට් සිද්ධියකට තංගල්ල නගරසභාව උණුසුම් වෙයි තංගල්ල නගරයේ ප්‍රදර්ශනය කළැයි කියන කටවුට් සම්බන්ධයෙන් කළ කතාවක් දුරදිග යාමෙන් අද(25) පැවැති තංගල්ල නගරසභාවේ අගෝස්තු මස සභාවාරයේදී මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය. 25 August 2020
නිරෝධායනය වෙමින් සිටියදී කොරෝනා ආසාදිත වූවෙක් අයි. ඩී. එච්. එවයි මාලදිවයිනේ සිට පැමිණ කොග්ගල සංචාරක හෝටලයක නිරෝධායන වෙමින් සිටි 23 හැවිරිදි තරුණයෙකු කෝවිඩ් -19 ආසාදිත බවට තහවුරු වීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහලට අද (25) යැවූ බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය. 25 August 2020
පියා-දරු දෙදෙනා දළ ඇතාගෙන් දිවි බේරාගනිති කොටවෙහෙර නුගන්නෝරුව ප්‍රදේශයේ යතුරු පැදියෙන් තම කුඩා දරුවන් දෙදෙනා පාසල් රැගෙන යමින් සිටි පුද්ගලයකුට අද(25) මාර්ගයේ සිටි දළ ඇතෙකු හමුවී ඇති අතර, ඔහු දරුවන් සමග දිව ගොස් දිවි බේරාගෙන ඇති බව වනජීවි නිලධාරීහු සඳහන් කරති. 25 August 2020
නවතා දැමූ නගරාන්තර දුම්රිය දෙකක් සිකුරාදා සිට යළි ධාවනයට කොරෝනා වසංගතය හේතුවෙන් දැනට ධාවනය නවතා තිබූ බදුල්ල බලා ධාවනය වන දෙනුවර මැණිකේ (1001/1002) සහ ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය කරන නගරාන්තර ශිඝ්රගාමී දුම්රිය(4021/4022) සිකුරාදා (28) සිට යළි ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 25 August 2020
නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට යන්න ගිය තිදෙනකුට දඩ නීත්‍යානුකූල වරායක් හෝ තොටුපොළක් නොවන ස්ථානයකින් බහුදින යාත්‍රාවක් මගින් නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවන් තිදෙනකුගෙන් එක් අයෙකුට රුපියල් 50,000ක් බැගින් රුපියල් 150,000 ක දඩයක් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී.ඒ සමරදිවාකර මහතා අද (25) නියම කළේය. 25 August 2020
ඇමැතිවරු 70ක් රජයේ නිල නිවාස ඉල්ලති නව වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 70ක් පමණ පිරිසක් මේ වනවිට රජයේ නිල නිවාස ඉල්ලුම් කර ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පැවසීය. 25 August 2020
රන්ජන් එරෙහි අපහාස නඩු විභාගයේ තීන්දුව පසුවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහි අධිකරණ අපහාස නඩු විභාගය අද (25) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරිම පසුව කල් තැබිණි. 25 August 2020
බසය - දුම්රිය පිරිසිදුව තබාගැනීම කාගේත් වගකීමක් ප්‍රවාහන සේවාව නගාසිටුවීමේ පළමු පියවර ලෙස මගීන්ට හොඳ මානසිකත්වකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන්කිරීමට හැකි පසුබිම සකසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දුන් බව මාධ්‍ය වාර්තා කළේය. ඉතා කුඩා අරම්භයකින් ලොකු වෙනසක් කළහැකි බවත් බස් රථය සෝදා පිරිසුදුකර මගීන්ට අසුන්ගෙන යාමට සැලසීම හෙටම පටන්ගන්නා ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය. 25 August 2020
කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 ට නිකුත්කළ වරෙන්තුව වළක්වාලමින් අතුරු නියෝගයක් කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තු ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (25) අතුරු නියෝගයක් නිකුත් කළේය. 25 August 2020
බුද්ධි තොරතුරු ලිපිය වටයක් ගිහින් ආවේ දෙදිනකට පසුවයි පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 28 හා 29 දෙදින තුළ රටේ විවිධ ස්ථාන පහක දී සහරාන්ලාගේ දෙවන ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් පිළිබඳව දක්වමින් ඒ ගැන අවධානය යොමු කරන ලෙසත් දන්වා පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යොමුකළ ලිපිය තමන්ට ලැබුණේ අප්‍රේල් 30 වැනිදා බව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (24) පැවසීය. 25 August 2020
කොච්චිකඩේ පල්ලිය ළඟ යාචකයා කෝටිපතියෙක් කොච්චිකඩේ දේවස්ථානය ඉදිරිපිට සිඟමන් යදිමින් සිටින අතරතුර පලතුරු අත්කරත්තයක් සොරාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යාචකයා මහරගම පමුණුව ප්‍රදේශයේ කෝටිපතියකු බව වෙරළබඩ පොලිසිය කියයි. 25 August 2020
පුතා කැඩු අතත් එල්ලාගෙන අම්මා පොලිස් කූඩූව ළඟ හැරමිටි වාරුවෙන් යමින් සිටි 72 හැවිරිදි මවට පොල්ලකින් ගසා අතක් කැඩී යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන තෙක් පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පුතාගේ සුව දුක් විමසීමට එම මව අම්පාර රෝහලේ සිට ඊයේ (24) පෙරවරුවේ උහන පොලිසියට පැමිණි බව පොලිසියේ නිලධාරියෙක් පැවසීය. 25 August 2020
සිරගෙවල් 4 කට එස්.ටී.එෆ් කොළඹ ප්‍රධාන බන්ධනාගාර හතරේ ආරක්ෂාව සඳහා භටයන් 150 දෙනකුගෙන් සමන්විත පොලිස් විශේෂ කාර්ය බළකා (S.T.F) අනුඛණ්ඩයක් ඊයේ (24) සිට යොදවනු ලැබීය. 25 August 2020
’පොඩි ලැසී’ ගේ මව අත්අඩංගුවට දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී නැමැත්තාගේ මව පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය කියයි. 25 August 2020
වැලිකඩ බන්ධනාගාරයට සී.සී.ටී.වී වැලිකඩ බන්ධනාගාරයට නොබෝ දිනකින් සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවිකරන බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කළේය. 24 August 2020
උසේන් බෝල්ට්ට කොරෝනා ලෝක ශූර මලල ක්‍රීඩකයකු වන උසේන් බෝල්ට්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. 24 August 2020
විදුලිය බිඳවැටීම සොයාබලන්න පත්කළ කමිටුවේ වාර්තාව අනිද්දා කැබිනට් මණ්ඩලයට ඉකුත් 17 වැනිදා රටපුරා විදුලිය විසන්ධිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍යාංශයෙන් පත්කළ කමිටුවේ වාර්තාව අනිද්දා (26) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ලංකාදීපයට පැවසීය. 24 August 2020
තලතා අතුකෝරළ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසමට වැලිකඩ බන්ධනාගාරයේ හිටපු අධිකාරී එමිල් රංජන් ළමාහේවා මහතා ගොනු කර ඇති පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (24) පෙනී සිටියාය. 24 August 2020
කරවල හදන්න ප්‍රවාහනය කළ නරක් වූ මාළු කිලෝ 3000ක් විනාශ කෙරේ සෞඛ්‍යට අහිතකර, නරක් වූ මාළු කිලෝ 3000ක් කොළඹ සිට මන්නාරමට කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අද(24) සවස පුත්තලම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන විනාශ කරන ලදී. 24 August 2020
විදෙස්ගතව සිට පැමිණි හය දෙනෙකුට කොරෝනා කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (24) මේ වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ රෝගීන් ගණන 2959 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කරයි. 24 August 2020
සෑම සඳුදා දිනක්ම ‘කර්මාන්ත දිනයක්’ සතියේ සෑම සඳුදා දිනක්ම ‘කර්මාන්ත දිනයක්’ ලෙස නම් කර, එය කර්මාන්තකරුවන් සඳහා වෙන්කර කර්මාන්තකරුවන්ට අමාත්‍යවරයා සෘජුවම හමු වීමේ අවස්ථාව සලසා දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා තීරණය කර තිබේ. 24 August 2020
ගාල්ලට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ගාල්ල නගරයේ රථවාහන තදබදය අඩුකිරීම සඳහා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 24 August 2020
සජිත්ගෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉල්ලීමක් මහමැතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අපේක්ෂකයන්ට ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා තරග කරන්නැයි සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර තිබේ. 24 August 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026