ලංගමයේ දෛනික ආදායම මිලියන 68 දක්වා ඉහළට කොරෝනා වසංගතයෙන් අඩපණ වෙමින් තිබූ පසු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම, මේ වනවිට රුපියල් මිලියන 68 දක්වා ඉහළ ගොස් ඇතැයි එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා ලංකාදීපයට අද(24) පැවසීය. 24 August 2020
දුම්රිය දෛනික ආදායම මිලියන 5ට බසී කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දුම්රිය මගී ප්‍රවාහන සේවය දෛනිකව ඉපැයූ රුපියල් මිලියන 18ක ආදායම මිලියන 5 දක්වා අඩුවී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. 24 August 2020
පැමිණිලි 4ක් යටතේ ඉල්ලීම් ඉදිරිපත් කරන්නැයි උදයංග වීරතුංගට නියෝග පැමිණිලි හතරක් යටතේ සිය ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට අද(24) නියෝග කළේය. 24 August 2020
ලලිත්ට - අනූෂට එරෙහි නඩුවේ තීන්දුව ලබාදී ඇත්තේ ඉදිරිපත්වූ සාක්කි මතයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සතු රුපියල් මිලියන 600 ක් වැය කරමින් සිල් රෙදි බෙදා දීමේ ව්‍යාපෘතිය සිදු කිරීමෙන් රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශ කර ඇත්තේ ඉදිරිපත් වූ සාක්කි සහ ලියකියවිලි මත පදනම්ව යැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අභියාචනාධිකරණය හමුවේ අද (24) කියා සිටියේය. 24 August 2020
උක්වත්ත කසළ අංගනයේ අත් බෝම්බ දෙකක් අවිස්සාවේල්ල උක්වත්ත කසළ අංගනයේ තිබී අත්බෝම්බ දෙකක් හමු වූ බව අවිස්සාවේල්ල පොලිසිය කියයි . 24 August 2020
හෙරොයින් ජාවාරමේ යෙදුණු දෙදරු පියාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මීට වසර 7කට පෙර කොළඹ කොස්ගස්හන්දියේදී අත්අඩංගුවට ගත් දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (17) නියම කළේය. 24 August 2020
’ප්ලාස්ටික්-ඇලුමිනියම් භාණ්ඩ රටින් ගෙන්වීම සම්පූර්ණයෙන් නතරකරනවා’ ප්ලාස්ටික් හා ඇලුමිනියම් භාණ්ඩ රටින් ගෙන්වීම මුළුමණින්ම නතරකර දමන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ඒ සමඟම, පරිසරයට අහිතකර කවර හෝ භාණ්ඩයක් රටින් ගෙන්වීම තහනම් කරන බවද අමාත්‍යවරයා කීය. 24 August 2020
අංගජන්ට-අතාවුල්ලාට ඇමැතිකම් දෙන්නැයි විමල් කියයි යාපනයෙන් මැතිසබයට ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී අංගජන් රාමනාදන් මන්ත්‍රීටත්, නැගෙනහිර පළාතෙන් ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් නොයෙක් බාධක මැද පාර්ලිමේන්තුවට ආ අතාවුල්ලා මන්ත්‍රීටත් ඇමතිකම් දිය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා ප්‍රකාශ කළේය. 24 August 2020
ටයිල් චමින්දගේ වාහන 6 ක් සම්බන්ධව රස පරීක්ෂක වාර්තාවක් ඉල්ලයි නාකොටික් නිලධාරීන් කණ්ඩායමක් සමඟ හෙරොයින් ජාවාරම් කරන ලද ටයිල් චමින්ද යන නාමයෙන් හදුන්වනු ලබන සැකකරුට අයත් වාහන 06 සම්බන්ධයෙන් වාර්තා වක් ලබා දෙන ලෙස රජයේ රස පරික්ෂකට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී ඒ සමරදිවාකර මහතා අද (24) නියම කළේය. 24 August 2020
තවත් 6ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 6දෙනෙකු සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 24 August 2020
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිර වාට්ටුවක් අසළ දුරකතන 19ක් වළ දමලා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එළිමහන් ’අංක 1’- සිර වාට්ටුව අසළ වළ දමා තිබී ජංගම දුරකතන 19ක් අද(24) බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි. 24 August 2020
ඖෂධ බෙදාහරින්නෙක් මත්පෙති-මත්ද්‍රව්‍ය සමඟ දැලේ ඖෂධ බෙදා හැරීමේ බලපත්‍රය අවභාවිත කරමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු ඖෂධ අලෙවි විධායකවරයෙකු ලක්ෂ දෙකහමාරක මත්පෙති සහ මත්කුඩු සමඟ අද(24) බේරුවල, කළමුල්ලේදී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු පවසති. 24 August 2020
එජාප නායකත්වය භාරගැනීමට සූදානම් බව කරු කියයි පක්ෂයෙත් ශ්‍රී ලංකාවෙත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමාට හැකියැයි හිටපු කතානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 24 August 2020
ලක්ෂ 75ක කේරළ ගංජා කිලිනොච්චියේ නිවසක සඟවලා කිලිනොච්චිය මුරුසමොට්ටෙයි ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ රුපියල් ලක්ෂ 75කට අධික කේරළ ගංජා කිලෝ 50 ක් සමගින් කාන්තාවක අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි. 24 August 2020
පස්දරු පියාට වෙඩිතැබු වෙඩික්කරු පැමිණි වෑන්රිය-රියදුරු සොයාගනී අම්බලන්ගොඩ මාදම්පේ පැරට් හන්දිය ප්‍රදේශයේදි පස් දරුපියෙකු වෙඩි තබා ඝාතනය කිරිම සදහා වෙඩික්කරු පැමිණි වෑන් රථය හා එහි රියදුරු අද (24) අලුයම අත්අඩංගුවට ගත් බැව් රත්ගම පොලිස් විශේෂ කාර්යබළකා කඳවුර පවසයි. 24 August 2020
එරන්කන්ඩි මුහුදේ පාවෙමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි ත්‍රිකුණාමලය එරක්කන්ඩි මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ පුපුරණද්‍රව්‍ය තොගයක් සොයාගත් බවට නාවික හමුදාව පවසයි. 24 August 2020
කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ගැන තීරණය හෙට කුරුණෑගල නගරයේ පවතින ‘ බුවනෙක හෝටලය ’ නමින් පැවති කුරුණෑගල රාජසභා මණ්ඩප ගොඩනැගිල්ලට හානිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක වීම හෙට (25) දක්වා අත්හිටුවීමට අභියාචනාධිකරණය අද(24) නියෝග කළේය. 24 August 2020
ගාල්ල බන්ධනාගාරයට දුම්කොළ-දුරකතන වීසිකරන්න ගිය අයෙක් අල්ලයි ගාල්ල බන්ධනාගාරය තුළට විසිකිරීම සඳහා දුම්කොල පර්සලයක්, ජංගම දුරකතන දෙකක් සහ චාජරයක් රැගෙනයමින් සිටි අයෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 24 August 2020
‘අවුරුදු 12 ට වැඩි දරුවන් මුඛ ආවරණ පැළඳිය යුතුයි‘ කොවිඩ්-19 වයිරස වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවුරුදු 12 සහ ඊට වැඩි දරුවන් ද මුඛ ආවරණ පැළඳිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කරයි. 23 August 2020
මුහුදේ දිය නාමින් සිටි තරුණයින් දෙදෙනෙක් අතුරුදන් ගල්කිස්ස වෙරළ පාරේ මුහුදු තීරයේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (23) දිය වැලකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් වී ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි. 23 August 2020
කොටුවේ පාවෙන වෙළඳ සංකීර්ණය පිළිසකර කිරීමට පියවර කොළඹ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය පිළිසකර කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. 23 August 2020
විදෙස්ගතව සිට පැමිණි 6 කට කොරෝනා මෙරටින් තවත් කොවිඩ් -19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 23 August 2020
උපාධිධාරීන්ට සැප්තැම්බර් දෙවැනිදා පත්වීම් උපාධිධාරීන්ට පත්වීම් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන් 50,000 දෙනෙකුට පත්වීම් ලබා දීමට අදාළ පත්වීම් ලිපි දිස්ත්‍රික් 25 හි දිසාලේකම් කාර්යාල වෙත හෙට (24) යවනු ලබන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කියයි. 23 August 2020
ඔස්ට්‍රේලියානු අගමැති ලංකාවේ විදිහට කෑම වේලක් උයයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ශ්‍රී ලාංකික ආහාර වේලක් පිසින අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් පසුගිය සෙනසුරාදා රාත්රියේදී සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කර තිබිණි. 23 August 2020
මධූෂ්ගේ ගෝලයෙක් මත්කුඩු සමඟ අත්අඩංගුවට මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘පාදාගොඩ බුසියා‘ නමැත්තා රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා මත්කුඩු සමඟ අලුත්ගම පාදාගොඩ ප්‍රදේශයේදී අද (23) අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය. 23 August 2020
‘ ට්‍රම්ප් බොරුකාරයෙක්‘ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිපත්තියක් නොමැති කෲර’ සහ බොරුකාර’ පුද්ගලයකු යැයි ඔහුගේ සහෝදරිය වන මේරි ඈන් ට්‍රම්ප් බෑරි පවසා ඇත. 23 August 2020
‘‘දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දෙන්න රජය මැදිහත් වෙනවා‘‘ දහම් පාසල්වලට දරුවන් යොමු කරන්න පුළුවන් නම් දහම් පාසල් තුළින් ධර්මය ඉගැන්වීම පමණක් නොව විනය ගරුක සමාජයේ විනය ගරුක දරුවන් බිහි කිරීම කළ හැකියැයිද රජයක් ලෙස දහම් පාසල් අධ්‍යාපනය දරුවන්ට ලබා දීමේ ක්‍රියාවලියේදී අපි මැදිහත් වෙනවා යැයිද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) වීරකැටිය කසාගල රජමහා විහාරායේදී පැවසීය. 23 August 2020
මොරටුවේ සම්බාහන මධ්‍යස්ථානයක් වටලා දෙදෙනකු අත්අඩංගුවට මොරටුව මොරටුවැල්ල ද මෙල් මාවතේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ,ඒකකය කියයි. 23 August 2020
ආනයනික අර්තාපල් බද්ද රුපියල් 5 කින් වැඩි කෙරේ ආනයනික අර්තාපල් සඳහා අයකෙරෙන රුපියල් 50 ක බද්ද රුපියල් 55 දක්වා රුපියල් පහකින් වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 23 August 2020
කහ ආනයන තහනම තවමත් කහ ආනයන තහනම ඉවත් කර නැතැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 23 August 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026