නගරාධිපති ධූරය අත්හිටුවීම දේශපාලන පළිගැනීමක් බව අලුවිහාරේ කියයි නගරාධිපති ධූරය අත්හිටුවීමට ගත් තීරණය දේශපාලන පළිගැනීමක් බව මාතලේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවසීය. 28 August 2020
‘වඳදූවේ රංග’ අත්අඩංගුවට ගිනිඅවි තුනක් ඇතුළු ආයුධ තොගයක් සමඟ පොඩි ලැසීගේ ගෝලයකු වන ‘වඳදුවේ රංග’ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අද (28) අත්අඩංගුවට ගනු ලැබීය. 28 August 2020
සා.පෙළ ලබන ජනවාරියට කල් යයි මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාපෙළ) විභාගය ලබන ජනවාරි මස 18 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරීස් මහතා පැවසීය. 28 August 2020
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙක් මත්කුඩු සමග දැලේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකු රුපියල් ලක්ෂ 13 කට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු සමඟ බොරැල්ල සිරිසර උයන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි. 28 August 2020
ශ්‍රී ලංකාවේ හමුදාවට ඉන්දියාවෙන් ප්‍රශංසා ‘කොවිඩ්-19’ වයිරස වසංගතයට මුහුණ දීමේදී ශ්‍රී ලංකාවේ හමුදා අත් කරගෙන ඇති සාර්ථකත්වය සම්බන්ධයෙන් ඉන්දීය හමුදා වෛද්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්, ලුතිනන් ජෙනරාල් ඒ.කේ. හූදා මහතා මෙරට හමුදා වෙත සිය ප්‍රශංසාව පළ කළේය. 28 August 2020
නෝර්වේ - ශ්‍රී ලංකා සබඳතා පුළුල් කරන්න පියවර නෝර්වේ රජය, ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් දෙරට අතර ඇති සවිමත් ද්විපාර්ශවීය සබඳතා සහ දිගුකාලීන හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වන වබත් මෙරට නෝර්වේජියානු තානාපති ට්‍රීනා යුරන්ලි මහත්මිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙමින් අද (27) ප්‍රකාශ කළාය. 27 August 2020
පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ ගුරුවරයෙක් අත්අඩංගුවට මොරවක ප්‍රදේශයේ පාසලක පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාලවයස්කාර සිසුවියන් දෙදෙනෙකුට පාසල් කාලය තුළ ලිංගික අතවර කළ එම පාසලේම ගුරුවරයෙකු අද (27) අත්අඩංගුවට ගත්බව මොරවක පොලිසිය පැවසීය. 27 August 2020
‘කුඩු සුරංග‘අත්අඩංගුවට හික්කඩුව සංචාරක පුරවරයට කුඩු බෙදාහරින ‘කුඩු සුරංග‘ නැමැති පුද්ගලයා අද (27) අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය කියයි. 27 August 2020
විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකුට කොරෝනා කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු අද (28) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 27 August 2020
මත්ද්‍රව්‍ය - දුම්වැටි භාවිතයෙන් දිනකදී ශ්‍රී ලාංකිකයෝ 80 ත් - 100 ත් අතර ගණනක් මරුට මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතය නිසා දිනකට ශ්‍රී ලාංකිකයන් 80 ත් – 100 ත් අතර ප්‍රමාණයක් මියයන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 27 August 2020
මෝටර් රථ ප්‍රවහන දෙපාර්තමේන්තුවට ඩිජිටල් තාක්ෂණය මෝටර් රථ ප්‍රවහන දෙපාර්තමේන්තුව ජනතා හිතවාදී සේවා සපයන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමටත් නව තාක්ෂණය භාවිත කරමින් ලබාදෙන සේවා උසස් කිරීමටත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ අත්වැල් බැඳගෙන ඇත. 27 August 2020
ඕනෑම පුද්ගලයෙකුට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කොමිසමට ආ හැකියි ඒත් රාජ්‍ය සේවකයන්ට පමණක් නොව ඕනෑම පුද්ගලයෙකුට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට පැමිණිලි කළ හැකි බව එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (27) සඳහන් කළේය. 27 August 2020
ගෝන මස් ළඟ තබාගත් කතකට රුපියල් 30,000ක දඩයක් මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ විසූ ගෝනෙකුගේ මස් නීතිවිරෝධීව ළඟ තබාගෙන පිසීමට සූදානම් කරමින් සිටි කාන්තාවක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර, අදාළ චෝදනාවට වරද පිළිගත් පසු රුපියල් 30,000ක දඩයක් ගෙවන ලෙස දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද(27) ඇයට නියෝග කළාය. 27 August 2020
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතුවරයාට එරෙහි පෙත්සම් 14 ක් ඉල්ලා අස් කරගනී ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ වරින් වර පළ වී ඇති ප්රවෘත්ති 14 ක් හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා එම වෙබ් අඩවියේ කතුවරයාට සුදුසු දඬුවමක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් 14 ක් එම පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉල්ලා අස් කර ගන්නා ලදී. 27 August 2020
ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට ගොනුකළ පෙත්සමේ විභාගය කල්යයි රජයට අයත් රුපියල් මිලියන 625 ක මුදල් අවභාවිත කළැයි චෝදනාවට කොළඹ මහාධිකරණය දුන් වසර තුනක සිර දඬුවමට එරෙහිව ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය ගොනු කළ අභියාචනා පෙත්සම්වල වැඩිදුර විභාගය සැප්තැම්බර් 02 සහ 04 යන දෙදින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (27) නියම කළේය. 27 August 2020
මෝටර් රථ සංගමය ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතිසි ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලබන 31 වැනිදා පැවැත්වීමට නියමිත වාර්ෂික මහ සභා රැස්වීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය ඒ සම්බන්ධ පෙත්සමෙහි වගඋත්තරකරුවන්ට ලබන ඔක්තෝබර් 05 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කළේය. 27 August 2020
හෝර්ටන්තැන්නේ සතුන් හොරෙන් ගෙනයන්න හැදූ රුසියානුවන්ගේ නඩුව යළි විමර්ශනයට නියෝග රුසියානු ජාතිකයන් තිදෙනෙකු විසින් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රැසකින් අල්ලා ගන්නා ලද සත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 550 කු හා ශාක කොටස් රැසක් හොර රහසේ පිටරටට රැගෙන යාමට තැත් කිරීමට අදාළ නඩුව පිළිබඳව යළි විමර්ශනයක් සිදුකිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (27) නියෝග කළේය. 27 August 2020
හෙරොයින් ජාවාරම් කළ බන්ධනාගාර නියාමක ඇතුළු 4 ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින බන්ධනාගාර නියාමක සහ ගුවන් හමුදාවේ සිවිල් සේවකයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනකු ලබන 03 වැනිදා දක්වා වේයන්ගොඩ පොලිසියේ රඳවා තබාගෙන විමර්ශනය කිරීම සඳහා ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර්.එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (27) වේයන්ගොඩ පොලිසියට අවසර ලබා දුන්නේය. 27 August 2020
පිටරටින් වාහන ගෙන්වා දෙනවැයි කෝටි ගණනක් වංචා කරලා වෙළඳපොළේ මිලට වඩා අඩුවෙන් විදේශ රටවලින් සුඛෝපභෝගී වාහන ගෙන්වා දෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් වරෙන්තු රැසක් ලැබූ පුද්ගලයෙකු බත්තරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව හෝමාගම විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි. 27 August 2020
ආරච්චිකට්ටුවෙන් කොරෝනා අසාදිතයෙක් හමුවෙයි ආරච්චිකට්ටුව කෝට්ටපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 අසාදිතයෙකු හමුවූබව හලාවත රෝහල් අධ්යක්ෂ කේ. පී. මල්ලවආරච්චි මහතා පවසයි . 27 August 2020
කිරි වීදුරුව වෙනුවට සහල් කැඳ වීදුරුවක් රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීමට සහ පාසල් ළමුන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස පාසල් දරුවන්ට කිරි වීදුරුව වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබා දීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කළ යෝජනාවට කෘෂිකර්ම අමාත්‍යංශය එකඟතාවය පළකළේය. 27 August 2020
ආනවිළුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කර ඉස්සන් ටැංකි හදලා ආනවිළුන්දාව රැම්සා තෙත් බිමට අයත් මුතුපන්තිය කාසන්වත්ත සීමාවේ අක්කර 4 කට ආසන්න භුමියක් ඩෝසර් යන්ත්‍ර යොදාගනිමින් විනාශ කර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වමින් සිටින බව පුත්තලම සහකාර වනජීවි අධ්යක්ෂ එරන්ද ගමගේ මහතා පවසයි. 27 August 2020
‘ආර්ථික පරිහානියෙන් ගොඩ ඒමට සමීක්ෂණයක්‘ කොරෝනා සමයේදී ඇති වූ ආර්ථික පරිහානියෙන් ගොඩ ඒම සඳහා වඩාත් ඵලදායී වූ දිගුකාලීන සැලසුම් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු බැවින් ඒ සඳහා නිවැරදි දත්ත හා තොරතුරු සපයා ගැනීමට ශ්‍රී ලංකාවේ සංඛ්‍යාත්මක දත්ත සපයන ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් අරඹා තිබේ. 27 August 2020
ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට විශේෂ කාර්ය සාධක බලකායක් ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට කටයුතු කරන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය. 27 August 2020
ඩිලන්ත මාලගමුවට පළමු වරට රාජ්‍ය අනුග්‍රහය ලැම්බෝර්ගිනි සූපර් ට්‍රෝෆියෝ යුරෝපා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ඩිලන්ත මාලගමුවට එම තරගාවලිය සඳහා සහභාගී වීමට රාජ්‍ය අනුග්‍රහය හිමි වී තිබේ. වසර 36ක් තිස්සේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ධාවන තරඟවලට සහභාගීවූ තමන්ට අන්තර්ජාතික තරගාවලියක් සඳහා රාජ්‍ය අනුග්‍රහය හිමිවූ පළමු අවස්ථාව මෙය බව ඩිලන්ත මාලගමුව පැවසීය. 27 August 2020
මුඛ ආවරණ නැති බස් රථ සේවකයන්ට දඩ මුඛ ආවරණ නොපැළඳ රාජකාරියෙහි නිරත වන සියලුම පෞද්ගලික බස් සේවකයන් වැටලීම ලබන 1 වැනිදා සිට ආරම්භ කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්ලිව්. ප්‍රසන්න සංජීව මහතා ලංකාදීපයට අද(27) පැවැසීය. 27 August 2020
කුඩු ජාවාරම්කරුවන්ගේ කෝටි 264 ක ගිණුම් අත්හිටුවයි මත්කුඩු ජාවාරම්කරුවන්, මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් කෝටි 264 ක මුදල් සංසරණය වී තිබු ගිණුම් 102 ක් මේ වනවිට අත්හිටුවා ඇතැයි බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. 27 August 2020
හොරෙන් වතුර ගත් හෝටල් හිමිකරුට ලක්ෂ 28 ක් දඩ ත්‍රිකුණාමලය, නිලාවැලි පාරේ පිහිටි හෝටලයක් සඳහා වසර 20කට අධික කාලයක් තිස්සේ හොරෙන් ජලය ලබාගැනීමේ සිද්ධියක් මත එහි හිමිකරුට රුපියල් 28,17,000ක දඩයක් නියම කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 27 August 2020
පනත් 4ක් සංශෝධනය කෙරේ වඩාත් සරල විනිවිද භාවයෙන් යුත් හා කාර්යක්ෂම බදු ක්‍රමයක් හඳුන්වාදීම වෙනුවෙන් පනත් හතරක් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 27 August 2020
‘ සිසුසැරිය‘ ලබන 15 වැනිදා සිට යළි ක්‍රියාත්මකයි සිසුසැරිය බස්රථ සේවාව ලබන 15 වැනිදා සිට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ඉලක්ක කරගනිමින් යළි ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ලංකාදිපයට පැවසීය. 27 August 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026