(රංජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයනට මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මකවන පිරිද සියයට 25ක වැටුප් වැඩවීමක් ලබාදීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට වැටුප් වැඩිවිමක් හිමිවන්නේ වසර තුනෙන් තුනට වන අතර ඒ අනුව මෙම වැටුප් වැඩිවිම ලබන 2023 වසර දක්වා ක්‍රියාත්මක වන පරිදි විදුලිබල මණ්ඩලය කියයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ 2019 වසරේදී රුපියල් කෝටි 9700 ශුද්ධ අලාභයක් ලැබූ අතර එය 2020දි ලැබූ ශුද්ධ අලාභය රුපියල් කෝටි 5600කි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි... ආන්ඩුවට හොඳට සල්ලි තියෙන පාටයි. වැඩිකරලා අපෙන් අල්ලන්න එපා... ලයිට් බිල වැඩිකරලා.. හැමදාම කරේ ඕකමනේ..!!!
ශුද්ධ අලාභයටත් වැඩි පඩි. අනේ මන්දා...!!!
මේකට කියන්නේ ගොන් හරක් පාලනය.. තෙල්වලින් පාඩු කියලා මිල වැඩිකරනවා. අහිංසක මිනිස්සු බස් ගාස්තුවේ ඉඳලා ගෙවන්න ඕනෑ. දැන් පඩි වැඩිකරන්න හදනවා.
මෙතන කමෙන්ට් කරලා තියෙන හැමෝම ජීවිත කාලෙම වැඩ කරන්නේ ආරම්භක පඩියට නේද?
දැනටමත් විදුලිබල සේවකයාට ගෙවනවා බොහෝම වැඩියි. ඕකෙ ඉහළ ඉන්න අය ජාවාරම් කාරයෝ. දූෂණය, වංචාව ඔඩුදුවලයි තියෙන්නේ. අනික් අතින් ඛනිජතෙල් සංස්ථාවට කප්පරක් විතර ණයයිලු... මේ ආණ්ඩුව සලකන්නේ හොර තක්කඩින්ටම වගෙයි...!!!
පීටර්ගෙන් හොරකම් කරලා පෝල් දෙනවා වගේ වැඩක් මේක. ඉන්ධන මිල වැඩිකර රජයේ සේවකයින්ගේ පඩි වැඩිකරනවා, සාමාන්‍ය ජනතාව තවත් හිඟන්නෝ වෙනවා. මොකක්දමේ දහදුරා වැඩේ? ඉන්ධන මිල වැඩිකරලා ලැබෙන මුදල රටේ ප්‍රයෝජනවත් දේකට වැය කරනවා නම් ඉවසන්න පුලුවනි...