පැය 24 කදී ඉන්දියාවේ කොරෝනා රෝගීන් 76,000 ක්
ගෙවී ගිය පැය 24 තුළ ඉන්දියාවට අලුතෙන් එක්වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 76,472 ක් වී තිබේ. ඒ සමගම මේ වන විට ඉන්දියාවේ සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 35 කට ආසන්න වී තිබේ. මේ වන විට කොරෝනා රෝගීන් 34,63,973 ක් සිටින ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව හෙට උදෑසන වන විට ලක්ෂ 35 ක් ඉක්මවනු ඇතැයි විශේෂඥයෝ පෙන්වා දෙති.