සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමියන්ට මුදල් අමාත්‍යාංශයෙන් පණිවිඩයක් සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට අදාළ බලපත්‍ර භාවිත කර ඔවුන්ගේ කැමැත්ත පරිදි මෙරට ලියාපදිංචි නොකළ මෝටර් රථ සහ කැබ් රථ මිලදී ගත හැකි යැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 28 August 2020
රජයේ ප්‍රධාන බැංකුවල සිදුවූ අක්‍රමිකතා ගැන තොරතුරු ගැනීමට මහජන සහාය පතයි ඉකුත් ආණ්ඩුව සමයේ (2015-2019) රජයේ ප්‍රධාන බැංකු හතර සහ ඒවාට අනුබද්ධ ආයතනවල සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ගැනීම සඳහා මහජන සහාය ලබාගැනීමට එම අක්‍රමිකතා සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා පත් කළ සිවු පුද්ගල කමිටුව තීරණය කර ඇත. 28 August 2020
හිරු මුදුන්වීම ඇරඹේ සූර්යයා දෘෂ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන්වීම අද (28) සිට ආරම්භ විය. 28 August 2020
මත්තේගොඩ පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට කැස්බෑව අධිකරණයෙන් රාජසන්තක කරන ලද හොඳ තත්වයේ වැලි තොගයකට පස් ගල් සහිත වැලි තොගයක් අධිකරණයට බාර දී වංචා කිරීම සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 28 August 2020
කැලණිය සරසවියට පළමු වරට උපකුලපතිනියක් කැලණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පත්කරනු ලැබ ඇත. 28 August 2020
ගිනි අවි 3 ක් - ජීව උණ්ඩ 02ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැති බෙහෙත් කොටන තුවක්කු 02 ක් , පතොරම් තුවක්කුවක් , ජීව උණ්ඩ 02ක් , හිස් පතරොම් කොපු 02ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (28) අත්අඩංගුවට ගත්බව යක්කලමුල්ල පොලිසිය පවසයි. 28 August 2020
‘කලුපේ රොෂාන්‘ගේ නැගණිය - නැන්දණිය මත්කුඩු සමඟ අත්අඩංගුවට සමයං ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන පාතාල නායක ‘කලුපේ රොෂාන්‘ නැමැත්තාගේ නැගණිය හා නැන්දණිය මත්කුඩු ග්රැම් 6 ක් සහ රුපියල් 46,0000 ක මුදල් සමඟ අද (28) හික්කඩුව තොටගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව මීටියාගොඩ පොලිසිය කියයි. 28 August 2020
ශ්‍රී ලංකාවටම ආවේණික රාජ්‍ය සංවර්ධන මොඩලයක් ශ්‍රී ලංකාව තමන්ටම ආවේණික සංවර්ධන මොඩලයක් නිර්මාණය කරගැනීමේ මාර්ගයට පිවිස ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව එම ක්‍රියාවලියේ සංවර්ධන ඒජන්ත වෙමින් එම කාර්යභාරය ඉටු කිරීමට අපේක්ෂාවෙන් සිටින්නේ යැයි ද එහි අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (28) පැවැසීය. 28 August 2020
මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස නම් කරනු ලැබ ඇත. 28 August 2020
රැම්සා තෙත් බිම ඩෝසර් කළ ඩෝසර්කරු අත්අඩංගුවට ආනවිළුන්දාව රැම්සා අභය භූමිය ඩෝසර් කිරිමට යොදා ගත් ඩෝසරය හා එහි ක්‍රියාකරු අද (28) අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි. 28 August 2020
විදුලි බිඳවැටිමේ වගකීම විදුලි අධිකාරීවරයාට පමණක් පටවන්න බෑ කෙරවලපිටිය බලාගාරයේ ග්‍රිඩ් උපපොළක නඩත්තු කටයුත්තක් අතරතුරදී සිදුවූ අත්වැරදීමකින් ඉකුත් 17 වැනිදා රට පුරා විදුලි බලය බිඳවැටීම සම්බන්ධ සිද්ධියේ සම්පූර්ණ වගකීම එම අත්වැරදීම සිදුවූ විදුලි අධිකාරීවරයා මත පැටවිය නොහැකි බව ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුව පවසයි. 28 August 2020
කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (28) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 2988 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. 28 August 2020
අතුරුදන් වූවනට යුක්තිය ඉල්ලා අධිකරණ ඇමැතිට පෙත්සමක් බාර දෙයි උතුරේ මෙන්ම දකුණේ ද රාජ්‍ය අනුදැනුම මත පසුගිය කාලයේ සිදු කළැයි කියන විවිධ මිනිස් අතුරුදන් කිරීම් සම්බන්ධ වහාම සාධාරණ අධිකරණ ක්‍රියාවලියක් මගින් එම වින්දිතයින්ට යුක්තිය ඉටු කරන ලෙස අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමේ විශේෂ ඒකාබද්ධ පෙත්සමක් බාරදීම කොළඹ අලුත්කඩේ පිහිටි අධිකරණ අමාත්‍යාංශයේ දී අද (28) පැවැත්විණි. 28 August 2020
බීමතින් සිසුන් ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ රියැදුරෙකු අත්අඩංගුවට බලන්ගොඩ නගරයේ තුඔගොඩ ප්‍රදේශයේ දි බීමතින් පාසල් දරුවන් ප්‍රවාහනය කරමින් සිටි ත්‍රිරෝද රථ රියැදුරෙකු අද (28) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 28 August 2020
තවත් 12ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 12දෙනෙකු සුවය ලබා අද (28) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 28 August 2020
තරුණ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ගැන හිටපු කතානායක කනගාටුව පළකරයි පක්ෂ ඉතිහාසය තුළ ගනු ලැබූ වැදගත් තීරණ පිළිබඳව අවබෝධයක් නොමැති හිටපු තරුණ මන්ත්‍රීවරයකු විසින් එක්සත් ජාතික පක්ෂයේ රුපියල් 1000 සාමාජිකත්වය යාවජීව සාමාජිකත්වයක් නොවන බවට කර ඇති ප්‍රකාශය පිලිබඳ කනගාටුව පළ කරන බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 28 August 2020
‘ශ්‍රී ලංකන්’ තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන් ගමන් සිදුකරන බව ශ්‍රී ලංකන් ගුවන්සේවය දැනුම්දෙයි. 28 August 2020
නිවසකට කඩා වැදී කතගේ අත වෙන් වෙන්න කපා සැකකරු පලා යයි කරුවලගස්වැව නෙළුම්ගම නිවසකට කඩා වැදුණු පුද්ගලයකු අද (28) එහි සිටි කාන්තාවකට එල්ල කළ පිහි පහරකින් දකුණු අත සම්පුර්ණයෙන් වෙන් වී ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි. 28 August 2020
එජාපය සමග කතා නායකත්වය වෙනස් වෙනවානම් පමණයි එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය සමඟ සාකච්ඡා කිරීමට සමගි ජනබලවේගය කිසිදු සූදානමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹදී අද (28) පැවසීය. 28 August 2020
කාරක සභා 6 ක සාමාජිකයන් පත්කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය පාර්ලිමේන්තුවේ කාරක සභා 6 ක් සඳහා සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය පළ විය. 28 August 2020
රාජිතට-රූමිට අධිචෝදනා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට කොළඹ මහාධිකරණය අද(28) අධිචෝදනා පත්‍ර බාර දුන්නේය. 28 August 2020
පාඨලීගේ නඩුව සැප්තැම්බර් 17දා කැඳවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා 2016 වසරේ පෙබරවාරි මස 28 වනදා ජීප් රථයක් ධාවනය කරමින් සංදීප් සම්පත් නමැති තරුණයකුට බරපතල අනතුරක් කළැයි කියන සිදුවීම සම්බන්ධ නඩුව සැප්තැම්බර් මස 17 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම අද(28) කළේය. 28 August 2020
විද්‍යුත් ගනුදෙනු මත විකුණන්න ගිය ලක්ෂ 75 ක හෙරොයින් අල්ලයි දඹුල්ල කණ්ඩලම අමුණ පාර ප්‍රදේශයේ කුඩා වන ලැහැබක සඟවා තිබියදී විද්‍යුත් මුදල් ගනුදෙනු මත අලෙවි කිරීමට සූදානම් කර තිබූ ලක්ෂ 75 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 500 කට අධික ප්‍රමාණයක් දඹුල්ල පොලිස් නිලධාරින් විසින් අද (28) අත්අඩංගුවට ගනු ලැබීය. 28 August 2020
ලක්ෂ දෙකක හෙරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට හොරණ සහ ඉංගිරිය පොලිස් වසම්වල කළ වැටලීම් තුනකින් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති නලින් දර්ශන මහතා පැවසීය. 28 August 2020
ජපන් අගමැති ඉල්ලා අස්වෙන්න යයි ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා සෞඛ්‍ය හේතූන් මත සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සැලසුම්කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 28 August 2020
’19 අහෝසි කිරීමට එරෙහිව සියලු කණ්ඩායම් එක වේදිකාවට කැඳවනවා’ දහනවවන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එරෙහිව ප්රජාතන්ත්රවාදයට ගරු කරන සියලු කණ්ඩායම්වලට එක වේදිකාවකට එන්නැයි සමගි ජන බලවේගය ආරාධනා කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී අද(28)පැවසීය. 28 August 2020
අජිත් රෝහණ 31දා ජනපති කොමිසමට කැඳවයි දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ලබන 31 වැනිදා පෙනී සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද(28) නියෝග කළේය. 28 August 2020
කොළඹ සොයිසා කාන්තා රෝහලේ පස් නිවුන් දරු උපතක් කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ දී අද(28) පස් නිවුන් දරු උපතක් සිදු වූ බව නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මිය පැවසුවාය. 28 August 2020
ලාච්චුවෙන් 1000 ක් ඉස්සූ එස්.අයිගේ වැඩ තහනම් කාත්තන්කුඩි ප්‍රදේශයේ හෝටලයක මුදල් අයකැමියකුගේ ලාච්චුවේ තිබූ රුපියල් 1000ක් සොරාගත් බව කියන උපපොලිස් පරීක්ෂකයකුගේ වැඩ ඊයේ (27) තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි. 28 August 2020
ජාතිවාදය ප්‍රතික්ෂේප කළ ජනතාව දෙසත් බලන්න යාපනයෙන් මැතිසබයට පැමිණි ශ්‍රීලනිප මන්ත්‍රී අංගජන් රාමනාදන්ටත් නැගෙනහිර පළාතෙන් ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් නොයෙකුත් බාධක මැද මැතිසබයට පැමිණි ඒ.එල්.එම්. අතාවුල්ලා මන්ත්‍රීවරයාටත් ඇමැතිකම් දිය යුතු යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. වීරවංශ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණේ නායකයාය. 28 August 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026