(ඩයනා උදයංගනී)
සංචරණ සීමා ලබන 21 වැනිදා ඉවත් කරන්නේ ද යන්න තීරණය කරන්නේ ලබන 19 වැනිදා හෝ 20 වැනිදා බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ඒ වන විට පවතින තත්වය විශ්ලේෂනය කර සරචරණ සීමා ඉවත් කරන්නේද නැද්ද යන තීරණය ගන්නා බව ඇමතිවරයා සඳහන් කළේය.
රජයේ බලාපොරොත්තුව එම දිනයේදී සංචරණ සීමා ඉවත්කර රට විවෘත කිරීම බව කී ඇමතිවරයා කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් ඉදිරි දිනවල සාධනීය තත්වයක් ඇතිවුවහොත් සාධනීය තීන්දුවක් ගන්නා බව ද කීවේය.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
කොරෝනා යනු නිතර වෙනස් වන තත්වයක් බැවින් සංචරණ සීමා ඉවත් කරන දිනය කල් තබා ප්‍රකාශ කළ නොහැකි බව ද ඇමතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැලු නේ නේද?
ඕක ඉවත් වෙන්නේ 28 වැනිදා... ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ආණ්ඩුවේ වැඩ ගැන මිනිස්සු හොඳටම දැනුවත් දැන්..!!!
මේ සංචරණ සීමාවෙන් දැනට වැඩක් වෙලා තියෙනවද? පාසල් ළමයි විතරයි ගෙදරට වෙලා ඉන්නේ...!!!
නමට සංචරණ සීමා. එහෙම එකක් කොහේද තියෙන්නේ? පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනවා සංචරණ නීති කඩපු අය අල්ලනවා කියලා හැමදාම. කොහොමත් එකයි දැන්. තාමත් ඇත්ත කියන්න බෑ. කට ඇරියොත් නානවා...
ඇමැතිතුමාට 24 වැනි දින පොසොන් පොහොය දිනය අමතක නෑ වගේ...