
(රංජන් කස්තුරි)
කොරෝනා මර්දන එන්නත් ලක්ෂයකට ආසන්න පිරිසකට ඊයේ දිනයේ පමණක් එන්නත් ලබා දී ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා ආයතනය සඳහන් කරයි.
චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් පළමු මාත්‍රාව 31440 දෙදෙනකුට එහි දෙවන මාත්‍රාව 66423 දෙනකුට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව 1576 දෙනකුට,කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 263 දෙනකුට ආදී වශයෙන් ලබාදී තිබෙන බව ද වසංගත රෝග විද්‍යා අංශය කියයි.
මේ වන විට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925242කටත් එහි දෙවන මාත්‍රාව 355675 දෙනකුටත් සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 1326784 දෙනකුට සහ එහි දෙවන මාත්‍රාව 253835 දෙනකුටත් ලබාදී තිබේ.
ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිස 64986ක් වන අතර එහි දෙවන මාත්‍රාව ලබාගත් මුළු පිරිස 3690කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd