
(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා ආසාදිතයන් අඩු වුණත් කොරෝනා මරණ අඩුවීමට තවත් සති දෙකක් හෝ තුනක් යා හැකි යැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
කොරෝනා මරණ වාර්තා වීමේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බවද ඇය සඳහන් කළාය .
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේද කීවාය.
"රජය සංචරණ සීමා පනවා තියෙනවා. වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් බැලුවම ඒක ඉතාමත්ම හොඳයි. හැබැයි රටේ ජනතාවට අසීරුතා තියෙනවා. ඕනෑම දෙයක් කරනකොට ප්‍රශ්න ඇති වෙනවා.
මුලින්ම රෝගීන් වැඩි වුණා. දැන් වෙනකොට රෝගීන් අඩුවෙලා. මරණ අඩු වෙන්න තවත් සති දෙකක් තුනක් යාවි. මේ අලුත් ප්‍රභේදය නිසා රෝගය හැදිලා දින දහයක ඇතුළතත් මරණ සිද්ධ වෙනවා."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියට තමයි ජනතාවගේ ගෞරවය හිමිවන්නේ, බොරු කියන්නේ නෑ... තමන්ගේ වෘත්තීය කෙලෙසන්නේ නෑ.. ඔබතුමියට සැමදා ජය..!!!
පාර්ලිමේන්තුවේ ප්‍රජා සෞඛ්‍ය සේවය ගැන දැනුමක් තිබෙන ඔබතුමිය සහ තිස්ස විතාරණ වැනි වෛරස ගැන හසල දැනුමක් තියෙන වියතුන් පසෙකලා... සෞඛ්‍ය මුල් පුටුව මුට්ටි ගඟේ දමන, කාලි අම්මා පැණි බොන මිසදිටුවන්ට දීමේ ප්‍රති විපාක අද මුලු රටම විඳිනවා.