
(රංජන් කස්තුරි)
කුකුල් කෑම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුඅමුද්‍රව්‍යවල හිඟය හේතුවෙන් තව මාස දෙක තුනකින් බිත්තර සහ කුකුළු මස් වල දැඩි හිඟයක් මතුවීමට ඉඩ ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය සඳහන් කරයි.
මේ වන විට බඩ ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර දේශීය බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 95 දක්වා වැඩිවී ඇතැයිද ඒ අනුව බිත්තර කුකුළු මස් නිෂ්පාදනවල මිල ඉතා ඉහළ ගොස් ඇතැයි ද සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසී ය.
කුකුළු කෑම නිෂ්පාදනයට යොදා ගන්නා තිරිඟු ආනයනය කිරීමට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් අවස්ථාව හිමි වී ඇති හෙයින් කුකුළු කර්මාන්තයේ නියැලී සිටින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කබලෙන් ළිපට වැටී සිටින බව ද ගුණසේකර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳයි. හෝමෝන ගහපු ආහාරයට නුසුදුසු ඔය කෑම එහෙමවත් නතර වෙන එක හොඳයි... එහෙමවත් මිනිස්සුන්ගේ ලෙඩ අඩු වේවා...!!!
පාණාති පාතා... නැතිනම් පණ ඇති සතුන් මැරීම හොඳ නැහැනේ..
මේ ආන්ඩුව කල් තියා මොනව කලත් හරියන්නැ