‘‘ඊශ්‍රායලය ජන සංහාරයක් කරලා‘‘ ඊශ්‍රායලය ගසා තීරයේදී පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදුකර ඇතැයි එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටුව පසුගියදා ප්‍රකාශ කළේය. 16 September 2025
‘‘ලබන වසරේ සියයට 6 ආර්ථික වර්ධනයක්‘‘ ලබන වසරේදී ශ්‍රී ලංකාව සියයට 6 ක ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීමට ඉලක්ක කර තිබෙන බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 16 September 2025
පානදුරේ නිලංගගේ බැංකු ගිණුම් වාර්තා කැඳවන්න අවසර ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කෙරෙන නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුරේ නිලංග ගේ මෙරට බැංකු ගිණුම් දෙකක වාර්තා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා රහස් පොලිසියට අද (16)අවසර ලබා දුන්නේය. 16 September 2025
කරන්දෙනිය මැදි විදුහල් ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති කාර්යාලයේ ගාල්ල, කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද (16) පැවැත්විණි. 16 September 2025
සමථකරණයට බිලියනයක් වෙන් කරයි සමථකරණ ක්‍රියාවලිය සඳහා මෙම වසරේ රුපියල් බිලියනයකට වඩා වැඩි මුලක් වෙන් කර තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය. 16 September 2025
විමල් මහින්ද බලන්න යයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැහැ දැකීමට තංගල්ල කාල්ටන් නිවසට අද(16) ගියේය. 16 September 2025
පැන්ෂන් මන්ත්‍රීලා තානාපතින් 10 ක් පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඉන්දියාව ඇමරිකාව සහ එංගලන්තය ඇතුළු ප්‍රධාන රටවල් දහයක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ඉදිරි දිනවල හමුවීමට තීරණය කර ඇතැයි විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පැවසීය. 16 September 2025
කාන්තා හිංසන: මැතිසබේ අයිටී ලොක්කන්ගෙන් ප්‍රශ්න කරයි පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදු වී ඇතැයි පැවසෙන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ බුද්ධික නවගමුව මහතා ඇතුළු ප්‍රධානීන්ගෙන් අද ප්‍රකාශ සටහන් කරගෙන ඇත. 16 September 2025
ඔලුවිල් වරායට පණ දෙන්න යයි ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගතහැකි ආකාරය සම්බන්ධයෙන් නව සක්‍යතා අධ්‍යයනයක් ආරම්භ කර ඇතැයි ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පැවසීය 16 September 2025
සෙවනගල වගාකරුවන්ට වන්දියක් සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ උක් වගාවන් ගිනි තැබීම හේතුවෙන් වගා හානි සිදු වූ උක් ගොවීන් සඳහා වන්දි මුදල් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
ඉදිරි දශකයේ ශ්‍රම බළකායට ලක්ෂ 10ක පිරිසක් ඉදිරි දශකය තුළදී ලක්ෂ 10 ක පිරිසක් මෙරට ශ්‍රම බළකායට අවතීර්ණවීමට නියමිතව තිබුණත් ඉදිරි දශකයේදී මෙරට රැකියා උත්පාදනය වන්නේ ලක්ෂ තුනක් පමණක් බව පුරෝකතනය කර ඇතැයි ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ජොහැන්නස් සට් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 16 September 2025
ඔට්ටු - සූදු බදු පනත් සංශෝධනයට ඔට්ටු ඇල්ලීම හා සුදු බදු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
2026 අයවැයට වෙරිටේ ආයතනයෙන් අලුත් වැඩක් මෙරට 2026 අයවැය ක්‍රියාවලියට ජනතාව සම්බන්ධ කර ගැනීම සඳහා ’’budget proposals hub’’ නමින් වේදිකාවක් හඳුන්වාදී තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය අද (16) ප්‍රකාශ කළේය. 16 September 2025
යාපනේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට සැප ගොඩනැගිල්ලක් යාපනය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය සඳහා නවීන පහසුකම් වලින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
කහටගහ මිනිරන් පතල රාජ්‍ය - පෞද්ගලික ආයෝජනයකට කහටගහ පතලේ මිනිරන් සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
ලෝටස් වටරවුමේ තදබදේ නැති කරන හැටි හොයයි ලෝටස් හරස් පිවිසුම සහ අවට ප්‍රදේශවල මාර්ග තදබදය අවම කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
ලංකාවට කිරි උතුරවන්න ජපානෙන් උදව්වක් කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක සහාය සඳහා වන ව්‍යාපෘතිය වෙනුවෙන් ජපාන රජයේ ආධාර ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
ඉන්දියාවේ නිදහස් දින සැමරුමක් ලංකාවේත් සියවස් ගණනාවක් පුරා පෝෂණය වී ඇති ඉන්දු -ශ්‍රී ලංකා සබඳතාවය අසල්වැසියන් ලෙස මෙන්ම පවුලක් ලෙස බැඳී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 16 September 2025
නාමල් සන්තෝෂ් හමුවක් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත 16 September 2025
සංචාරක සංවර්ධනයට ඩොලර් මිලියන සීයක ණයක් තිරසර සංචාරක සංවර්ධන වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා වන ණය මුදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
බේත් වර්ග 123ක් ගන්න ප්‍රසම්පාදනය දෙයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ දේශීය නිෂ්පාදකයින් වෙතින් අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයීම් ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
මඩකලපුවට අලුත් දිසාපති කෙනෙක් මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්- දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
ළමා දින සතියක් ප්‍රකාශයට පත් කරයි ’’ ළමා දින ජාතික සතියක් ’’ ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
යල කන්නයේ වී ගන්න වැඩිපුර සල්ලි යල කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීමේ වැඩ සටහනට අමතර ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
පිට රට ඉන්න ලාංකිකයන්ට ලංකාවේ ඡන්දෙ දෙන්න නීති හදයි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන ආකාරයෙන් නීති සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
අයවැය ඉදිරිපත් කිරීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
සමාජ ආරක්ෂණ බදු පනත පාර්ලිමේන්තුවට සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
ගාල්ලේ හිටපු එස් එස් පී යළි රිමාන්ඩ් ප්‍රකට සංවිධානත්මක අපරාධ කල්ලි නායකයින් ලබා දුන් රුපියල් කෝටි එකහමාරකට අධික මුදල් බැංකු ගිණුම් තුනකට බැර කරවා ගත්තේ යැයි බන්ධනාගාරගත ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලබන 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද(16) නියෝග කළේය. 16 September 2025
දළදා මාලිගාව අසළ ඩ්‍රෝන යැවූ විදේශිකයා අත්අඩංගුවට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ ඇති දියවඩන නිලමේ නිල නිවාසය අසල අධි ආරක්ෂක කලාපයේ සිට ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කළ බව කියන චීන ජාතිකයෙකු දළදා මාළිගාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 16 September 2025
ආනවිලුන්දාව රැම්සා භූමියේ ගින්නක් ආනවිළුන්දාව රැම්සා අභය භුමියේ ඇතිවු ගිනි ගැනිමකින් අක්කර දෙකකට ආසන්න භුමියක් විනාශ වි ඇති බව වනජීවි නිළධාරීන් පවසයි. 16 September 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026